Spread the News

කින්නියා ප්‍රදේශයේ වැසියන් ටයර් ගිනි තබමින් ප්‍රකෝපකාරීව හැසිරුණු අයුරු හා කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දොරටුව අවහිර කරමින් ඒ ප්‍රදේශයේ පිරිස්‌ කලහකාරීව හැසිරුණු අයුරු.
ඡායාරූප – සමන් මල්ලවාරච්චි

කින්නියා නාවික කඳවුර ඉවත් කිරීමට
කලහ කරන්නේ ජාවාරම්කරුවන්

source:

සමන් ගමගේ

මවා ගත් යක්‍ෂ භීතියක්‌ ගැන කියමින් කින්නියා නාවික හමුදා අනුඛණ්‌ඩය ස්‌ථානගතව සිටින කඳවුර ඉවත්කර ගැනීමට කලහ කරන්නේ එම මුහුදු හා වෙරළ තීරය ඔස්‌සේ හෙරොයින් මත්කුඩු ඇතුළු විවිධ ජාවාරම් කරගෙන යන ජාවාරම්කරුවන් බව නාවික හමුදාව සඳහන් කරයි.

මේ පිරිස්‌ අතර කින්නියා මුහුදේ ඩයිනමයිට්‌ දමා මසුන් මැරීමේ යෙදෙන ධීවරයන් කණ්‌ඩායමක්‌ද සිටින බව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණසූරිය පැවැසීය.

පසුගිය කාලයේ කින්නියා මුහුදු හා වෙරළ තීරය ඔස්‌සේ සිදුකෙරෙන ජාවාරම් නාවික හමුදාව මගින් වටලා ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම මෙම විරෝධතාවලට හේතුව වී තිබේ.

කෙසේ වෙතත් මෙවන් උද්ඝෝෂණ පැවැත්වූවාට කින්නියා නාවික හමුදා කඳවුර ඉවත් කිරීමක්‌ කිසිසේත්ම සිදු නොවන බවද නාවික හමුදාව පෙන්වා දෙයි.