Spread the News

ආරක්‍ෂක අංශ වෙත පහරදීමට ජනතාව පොළඹවන
ග්‍රීස්‌ යකුන් පසුපස සිටින ත්‍රස්‌තයන්ට දඬුවම් දෙනවා

– ආරක්‍ෂක ලේකම්

 

source:

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

හමුදා කඳවුරු වටකර පහර දීමට අහිංසක මුස්‌ලිම් ජනතාව පොළඹවාලීම පසුපස සිටින අපරාධකරුවන් සහ ත්‍රස්‌තවාදීන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කර දැඩි දඬුවම් ලබාදෙන බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

ග්‍රීස්‌ යකුන් සහ භූතයන් පිළිබඳ අසත්‍ය ප්‍රචාර පතුරවමින් රජයට, ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට චෝදනා එල්ල කරමින් නීතිය අතට ගෙන ක්‍රියාකරන වුනට අනිවාර්යයෙන්ම නිසි දඬුවම් ලබාදෙන බවද හෙතෙම පැවැසීය.

හමුදා කඳවුරු වටකර පහරදීම යනු ත්‍රස්‌තවාදී ක්‍රියාවක්‌ බවත්, අහිංසක මුස්‌ලිම් ජනතාව ඉදිරියට යවා හමුදා කඳවුරුවලට පහරදීම පිටුපස සිටින ත්‍රස්‌තවාදීන්ට නිසි පිළිතුරු දීමට සූදානම් වුවද ඊට ඉඩ නොතබන ලෙස ඉල්ලා සිටින බවත් රාජපක්‍ෂ මහතා අවධාරණය කළේය.

පසුගිය දිනවල නැගෙනහිර සහ සෙසු ප්‍රදේශ කීපයක හටගත් ප්‍රචණ්‌ඩකාරී තත්ත්වය හමුවේ හමුදාව සහ පොලිසිය දැඩි ඉවසීමෙන් යුතුව කටයුතු කළ බව පෙන්වා දුන් ආරක්‍ෂක ලේකම්වරයා නීතිය අතටගෙන ප්‍රචණ්‌ඩකාරී ක්‍රියාවල නිරතවීමට සාමාන්‍ය ජනතාව පොළඹවාලීම වහාම වැළැක්‌විය යුතුව ඇතැයිද පැවැසීය.

ග්‍රීස්‌ යකුන්, භූතයන් පිළිබඳ විවිධ කටකතා, ඇදහිලි, විශ්වාස මත කෙරෙන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, මේ කිසිදු සිද්ධියකට ත්‍රිවිධ හමුදා සහ පොලිස්‌ සාමාජිකයන් කිසිවකුත් සම්බන්ධ නැති බවත් අවධාරණය කළ රාජපක්‍ෂ මහතා මේවා අපරාධකරුවන්ගේ සහ ත්‍රස්‌තවාදීන්ගේ ක්‍රියාබව වැඩිදුරටත් කීවේය.

උතුර, නැගෙනහිර පළාත්වල මුස්‌ලිම් ආගමික නායකයන් විශාල පිරිසක්‌ හමුවේ ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (23 දා) සවස පැවැති විශේෂ රැස්‌වීමකදී ආරක්‍ෂක ලේකම්වරයා මෙම කරුණු සඳහන් කළේය.

බස්‌නාහිර ආණ්‌ඩුකාර අලෙවි මවුලානා, ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී එයාර් චීµa මාර්ෂල් රොෂාන් ගුණතිලක, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය, නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් සෝමතිලක දිසානායක, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම, නැගෙනහිර නව ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලාල් පෙරේරා, හිටපු ආඥපති මේජර් ජෙනරාල් බොනිµස්‌ පෙරේරා හා පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක අංශ ප්‍රධානීහු රැසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වූහ.