Spread the Newsඅසව් අසව් අනුරාධපුර මහමෙව්නාවේ මුස්ලිම් පල්ලියක් ! source :Posted on August 4, 2011 by Dhamsara News අනුරාධපුර පූජා නගරයේ ජය ශ්‍රී මහ බෝධීන්වහන්සේ සහ දක්ෂිණ ස්ථූපය අතර රහසිගතව මෑතකදී ඉදිකරන ලද කුඩා මුස්ලිම් පල්ලියක් හමුවී ඇත.පූජා භූමි නවීකරණය යටතේ ආරක්ෂක හමුදා මගින් ඒ අවට ලදු කැලෑ එළිපෙහෙලි කිරීමේදී හමුවූ මෙම මුස්ලිම් පල්ලිය අනුරාධපුර නගරය අවට මුස්ලිම්වරුන් විසින් ඉතා රහසිගතව තම ආගමික කටයුතු සදහා භාවිතා කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා නොකිරීමත්, ප්‍රමාණයෙන් කුඩා වීම නිසාත්, පල්ලිය ලදු කැලෑවක් අතරේ පිහිටා තිබීම නිසාත් මෙය මෙම පල්ලිය මෑතක් වනතුරු කිසිවෙකුගේ ඇස ගැටී නොමැති සෙයකි. ක්‍රි.පූ. 483 තරම් ඈතට දිවෙන ඉතිහාසයක් ඇති අනුරාධපුර නගරය, පූජා නගරයක් බවට පත්වූයේ “අනුරාධපුර සංරක්ෂණ පනත” මගින් 1949 දීය. තවද පුරා වස්තුවලින් පොහොසත් මහමෙව්නා උයන ඇතුලු ප්‍රදේශ ගණනාවක් පුරාවිද්‍යා රක්ෂිත ලෙස නම්කර ඇත.අනුරාධපුර, පූජා නගරයක් කිරීමෙන් පසුව ඉදිකෙරී ඇති මෙම පල්ලිය, පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ සහ අටමස්ථානාධිපති හිමියන්ගේ අනුදැනුමකින් තොරව ඉදිකෙරුනේ කෙසේද යන්න තවමත් නොවිසිදුනු ප්රහේළිකාවකි.තවද මෙම පල්ලියට නව ගොඩනැගිල්ලක් මේ දිනවල ලහි ලහියේ ඉදිවෙමින් පවතින බවත් ඒ සදහා පලාතේ ආරක්ෂක නිලධාරියෙකුගේ පූර්ණ රැකවරණය ලැබෙන බවත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබිනි.පූජාභූමි නවීකරණ සංකල්පය යටතේ මෑතකදී ඉදිකෙරුනු කුඩා පරිමාණයේ පන්සල් පවා ජූජාභූමි සිමාවෙන් ඉවත් කල යුතු බවට ගෙන ආ යෝජනාව ඉහලින් පිළිගත් අටමස්ථානාධිපති හිමියන්ට මෙම මුස්ලිම් පල්ලිය නොපෙණුනේ කෙසේද?පූජාභූමි සංරක්ෂනය සදහා වෙනමම අමාත්‍යංශයක් පිහිටුවා ඇති මේ බෞද්ධ රටේ බෞද්ධ පූජා නගරයක මුස්ලිම් පල්ලියක් ඉදිවන්නේ කෙසේද යන්න අපගේ දෙවන ප්‍රශ්ණයයි.පුරාවිද්‍යා රක්ෂිතයක හිතුමතේට අනවසර ගොඩනැගිලි ඉදිවන්නේ කෙසේද යන්න මෙහිදී පැණ නගින තෙවන ප්‍රශ්ණයයි.ඉතා සූක්ෂම ලෙස මුස්ලිම් පල්ලියක් දඹදිව බුද්ධගයාවට ආසන්නයේද අටවා ඇති බවත් එහි ශබිද විකාශන යන්ත්‍ර මගින් එම පල්ලියේ යාඥා විසුරවාහැරීම මගින් බුද්ධගයාව වැද පුදා ගැනීමට පැමිණෙන බෞද්ධයින්ට විශාල හිරිහැරයක් වන බවත් දඹදිව වන්දනාවේ ගිය බැතිමතුන් හොදින් දනී.දඹදිව බුද්ධගයාවේ ඇති එම තත්වය අනුරාධපුර ශ්‍රී මහ බෝධිය දක්වා පැතිරෙන තුරු අදාළ බලධාරීන් සහ නිළධාරීන් උපේක්ෂා සහගතව බලා සිටින්නේද?අටමස්ථානාධිපතිහිමියනි, මෙය ඔබවහන්සේගේත් පූජාභූමි සංරක්ෂණ ඇමතිතුමාගේත්, පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්තුමාගේත් නිසි අවධානය පිණිසයි. Post navigation එකවරම ගඩාපි ප්රජාතන්ත්ර විරෝධියකු බවට පත්වුයේ විදෙස් තෙල් සමාගම්වල ලාභය බටහිර රටවලට යැමට නොදී ලිබියාවේ රඳවා ගැනීමට ඔහු ගෙන ආ යෝජනාව නිසාද ? රැට මතුවෙන අපාය
ක්‍රි.පූ. 483 තරම් ඈතට දිවෙන ඉතිහාසයක් ඇති අනුරාධපුර නගරය, පූජා නගරයක් බවට පත්වූයේ “අනුරාධපුර සංරක්ෂණ පනත” මගින් 1949 දීය. තවද පුරා වස්තුවලින් පොහොසත් මහමෙව්නා උයන ඇතුලු ප්‍රදේශ ගණනාවක් පුරාවිද්‍යා රක්ෂිත ලෙස නම්කර ඇත.අනුරාධපුර, පූජා නගරයක් කිරීමෙන් පසුව ඉදිකෙරී ඇති මෙම පල්ලිය, පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ සහ අටමස්ථානාධිපති හිමියන්ගේ අනුදැනුමකින් තොරව ඉදිකෙරුනේ කෙසේද යන්න තවමත් නොවිසිදුනු ප්රහේළිකාවකි.තවද මෙම පල්ලියට නව ගොඩනැගිල්ලක් මේ දිනවල ලහි ලහියේ ඉදිවෙමින් පවතින බවත් ඒ සදහා පලාතේ ආරක්ෂක නිලධාරියෙකුගේ පූර්ණ රැකවරණය ලැබෙන බවත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබිනිMeya Kisiseth venna Bari Deyak kiya Ma eka hela Prathikshepa karanawa, Meya Mahawnsaye patan Kiyawenne