Spread the News

පුවතක පසුබිම
රජිව් ඝාතකයන්
වෙනුවෙන් නැගෙන කොටි හඬ

source

 

“රජිව් ගාන්ධි ඝාතනයට මරණීය දඬුවම හිමිවූ ද්‍රවිඩයන් තිදෙනාව එල්ලූවොත් තමිල්නාඩුව දෙකඩ වේ”

– තමිල්නාඩු එම්.ඩී.එම්.කේ. පක්‍ෂයේ නායක වයිකෝ

“ගාන්ධි ඝාතනයට සම්බන්ධ තිදෙනාට අභයදානය දිය යුතුයි” – ගෝලීය ද්‍රවිඩ සංසදය

“නීතිය කාටත් පොදු විය යුතුයි” – ආර්. කාර්තිකේසන් (තමිල්නාඩු විශේෂ විමර්ශන එAකකයේ හිටපු ප්‍රධානියා

මුරුගන්, ශාන්තන් සහ පෙරියමලන් යන කොටි ත්‍රස්‌තවාදීන් තිදෙනාව ලබන 9 වැනිදා තමිල්නාඩු වෙල්ලොර් සිරගෙදරදී එල්ලා මරා දැමීමට එරෙහිව කොටි හිතවාදීහු ඝාතකයන්ව බේරා ගැනීමේ මෙහෙයුම දියත් කර තිබේ.

මෙයට වසර කීපයකට පෙර ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි ඝාතනයට වරදකරුවන් වූ ඇගේ ආරක්‍ෂකයන් වූ සික්‌ ජාතිකයන් දෙදෙනාව එල්ලා මරා දමනු ලැබීය. ඔවුන්ට සමාව දෙන්නැයි සික්‌ ජාතික සංවිධාන කළ ඉල්ලීම ඉන්දීය රජය විසින් ඉවත දමා තිබිණි. එහෙත් රජිව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වූ කොටි ත්‍රස්‌තයන් තිදෙනා බේරා ගැනීමට තමිල්නාඩුවේ දේශපාලන පක්‍ෂ ක්‍රියාකාරීන් කටයුතු කිරීමේ ක්‍රියාදාමය දැන් ඇරැඹී තිබේ.

මේ මෙහෙයුම එසේ මෙසේ ක්‍රමවේදයක්‌ නොවේ. කොටි හිතවාදී වයිකෝ දැන් නවදිල්ලි පාලනයට එරෙහිව අභියෝගයක්‌ එල්ල කරමින් කොටි තිදෙනාව එල්ලුවොත් තමිල්නාඩුව වෙනම රටක්‌ වන බවට තර්ජනය කර සිටී.

එසේම මේ ඝාතකයන්ව බේරා ගැනීමට මැදිහත් වන්නැයි මහ ඇමැතිනි ජයලලිතාගෙන් ද ඉල්ලීමක්‌ කරයි. ඇය ඊයේ පැවසුවේ තමන්ට ඔවුන්ව ගලවා ගැනීමට බලයක්‌ නැති බවයි. මේ අතර එක්‌ තරුණියක්‌ සිය දිවි නසාගෙන ඇතැයි වාර්තාවේ. මෙවැනි මෝඩ ක්‍රියා නොකරන්නැයි ජයලලිතා තමිල්නාඩු ජනතාවගෙන් ඉල්ලා ඇත.

මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් ඝාතනයන්ට සමාව දීමට බටහිර රටවල් ක්‍රියා කළේද යන්නයි. ඇමරිකාව හා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර රටවල් රූකඩ ඉරාක රජය ලවා ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන්ව එල්ලා මරා දැමීය. නිරායුධව සිටි අල්කයිදා නායක බින් ලාඩන්ගේ හිසට වෙඩි තබා උණ්‌ඩය කනෙන් පිටවන ලෙස ඝාතනය කළේය. බ්‍රිතාන්‍ය එස්‌.එA.එස්‌. බළකාය දැන් ලිබියාවට රිංගා කර්නල් ගඩාµs හඹා යැමේ මෙහෙයුම අරඹා තිබේ.

පරමානු රහස්‌ දුන්නා යෑයි පවසමින් විද්‍යාඥ යුවළක්‌ විදුලි පුටුවේ හිඳුවා මරණය දණ්‌ඩනයට පත් කළේ ද ඇමරිකාවයි.

මේ පසුබිම යටතේ කොටි ඝාතකයන්ව බේරා ගැනීමට කොටි හිතවාදීහු උත්සාහ කරති. මුරුගන් සහ ශාන්තන්ගේ මව්වරු හඬා වැලපෙන අයුරු දැක්‌වෙන ඡායාරූප ද ලොව පුරා විකාශනය කරති.

එහෙත් ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධිව ඝාතනය වූයේ අතිබිහිසුණු අයුරිනි. සී.4 පුපුරණ ද්‍රව්‍ය කබායක්‌ ඇන්ඳවූ තරුණියක්‌ ලවා එකී ඝාතනය මෙහෙයවීමට කොටි ක්‍රියා කළහ.

මෙහිදී ගාන්ධි සමග සිවිල් වැසියන් රැසක්‌ මරුමුවට පත්විය. එලෙස නිකරුණේ මියගිය සිවිල් වැසියන්ගේ මරණවලට ද මේ කොටි තිදෙනා වගකිවයුතු නොවේද?

කොටින්ට සමාව දෙන්නැයි ඉල්ලන ගෝලීය ද්‍රවිඩ සංසදයේ එමානුවෙල් පියනම කවුරුන්ද? එම පියනම ද අපරාධකාරී ක්‍රියාවලට සම්බන්ධ විය. එහෙත් මෙරටින් පැන ගියේය.

ප්‍රභාකරන් තම දෙවැනියා වූ මහෙන්ද්‍රරාජා හෙවත් මහත්තයාට සමාව දුන්නේ නැත. මහත්තයා ප්‍රමුඛ කොටි 80 ක්‌ ප්‍රභාකරන්ගේ නියෝග මත ඝාතනය විය.

“මට ජීවිත දානය දෙන්නැයි ඉල්ලුවේ ටෙලෝ නායක සබාරත්නම්ය. එහෙත් ප්‍රභාකරන්ගේ ඥතියකු වූ “කිට්‌ටු” විසින් වෙඩි 21 ක්‌ තබා සබාරත්නම්ව ඝාතනය කළේය.

“මගේ සැමියාට සමාව දෙන ලෙස මා බැගෑපත් වූවා. එහෙත් ප්‍රභාකරන් එම ඉල්ලීම ඉවත දැමුවා. අවසානයේදී ප්‍රභාකරන්ගේ බිරිය මදිවදිනී වෙතින් ද මා ඉල්ලීමක්‌ කළත් ඊට සවන් දුන්නේ නැහැ යෑයි මහෙන්ද්‍රරාජාගේ බිරිය කියා සිටියේය.

කොටි නායකයා දේශපාලකයන්ගෙන් පලි ගත්තේ සී.4 පුපුරණ ද්‍රව්‍යවලිනි. මෙවන් වාතාවරණයක්‌ මැද කොටි ඝාතකයන්ට සමාව දෙන්නැයි ඉල්ලා සිටින්නේ ද කොටි හිතවාදීන්ය. මේ සම්බන්ධයෙන් ගෝලීය ද්‍රවිඩ සංසදය පවසන්නේ ඉන්දීය රජය මහත්මා ගාන්ධිගේ සංකල්පය මත ක්‍රියා කළ යුතු බවයි. එහෙත් මහත්මා ගාන්ධි ඝාතනය කළ සාහසිකයාට ඉන්දීය රජය සමාව දුන්නේද? “ජීවත්වීමට ඇති හිමිකම කෲර ක්‍රියාදාමයකට ලක්‌ නොකළ යුතුයි. මරණ දඬුවම පැමිණවීම යනු මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්‌ වේ”යෑයි ගෝලීය ද්‍රවිඩ සංසදය ඉන්දීය ජනාධිපතිනි ප්‍රතිභා පටෙල් වෙත ලිපියක්‌ යවමින් කියා සිටියි. එසේ නම් ප්‍රභාකරන් ක්‍රියා කළේ කෲරතම ක්‍රමවේදයක්‌ මත නොවේද? නීලන් තිරුචෙල්වම්ට ජීවත්වීමට ඇති හිමිකම කොළඹ කින්සි පාරේදී උල්ලංඝනය කළේ මහ දවල් මරාගෙන මැරෙන බෝම්බකරුවකු මගිනි.

මරදානේ දුම්රිය ස්‌ථානය අසල ගිනි අව්වේ ගමන් කළ පාසල් දරු දැරියන් බස්‌ රථ බෝම්බයකට ගොදුරු විය.

මෙකී සිදුවීම් මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්‌ නොවේද? පැමිණිලිකරු, විනිසුරු සහ අළුගෝසුවා ලෙස කටයුතු කළේ ද කොටි නායකයායි.

මේ තත්ත්වය මත ඝාතන සිදු කළ ඝාතනයන්ව බේරා ගැනීමට තමිල්නාඩු කොටි හිතවාදීහු උත්සාහ කිරීම ලැඡ්ජා සහගත ක්‍රියාදාමයක්‌ නොවේද?

ඇමනෙස්‌ටි සංවිධානය ද මෙලෙස රජිව් ඝාතකයන් බේරා ගැනීමේ උත්සාහයට පසුගියදා සම්බන්ධ විය. එහෙත් ඝාතකයන් අතින් ඝාතනය වූ අහිංසක සිවිල් ජීවිත ගැන කිසිම සංවිධානයක්‌ හඬ නැඟුවේ නැත.

මෙයට කලකට පෙර කොළඹ එක්‌තරා කොටි හිතවාදී පුවත්පතකින් ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරීව ජීවතුන් අතර තියන්නේ මන්දැයි විමසා තිබිණි.

මේ ප්‍රකාශය සම්බන්ධව ඇමනෙස්‌ටි හෝ වෙනත් කිසිම ද්‍රවිඩ දේශපාලකයන්ගේ හඬක්‌ නැඟුණේ නැත.

මෙවන් පසුබිම මත මුරුගන්, ශාන්තන් සහ පෙරියමලවන්ට අනිවාර්යයෙන්ම මරණ දඬුවම හිමිවිය යුතුය.

මේ ඝාතකයන්ව බේරා ගැනීමට උත්සාහ කරන්නේ ඝාතන අනුමත කළ පිරිස්‌ය. මේ අන්දමට බිහිසුණු ක්‍රියාවලට සම්බන්ධ ත්‍රස්‌තයන්ව හදිසි නීතිය අහෝසිවීම නිසා නිදහස්‌ කළ යුතු බවට ද හඬක්‌ නැඟේ. එහෙත් මේ කොටි ත්‍රස්‌තයන්ව මුදාහැරිය යුතුද? මෙරට නීතිය දෙවිදියකට ක්‍රියාත්මක වීමට රජය ඉඩ නොතැබිය යුතුය. ඝාතන රැසකට සම්බන්ධ වූ කොටි ත්‍රස්‌තයන්ව නිදහස්‌ කර ගැනීම සඳහා කොටි සංවිධානය 2002 පැවැති රජය ලවා ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කර ගැනීමට ක්‍රියා කළ ආකාරය ගැන වත්මන් රජය සිහිපත් කළ යුතුය.

අත්අඩංගුවේ සිටින ත්‍රස්‌තවාදීන් මුදාහැරිය යුතු යෑයි ඇතැම් පාර්ශ්වයන් හඬනඟන්නේ කොටි ඝාතකයන් තිදෙනාට සමාව දියයුතු යෑයි කෙරෙන ඉල්ලීමත් සමගය.

ද්‍රවිඩ සන්ධානය ද කලකට පෙර දේශපාලන සිරකරුවන් මුවාවෙන් කොටි ත්‍රස්‌තයන්ව නිදහස්‌ කරදීම සඳහා රජය වෙතින් ඉල්ලීමක්‌ කෙරිණි. ඊට රාජ්‍ය නොවන සංවිධාන ද සම්බන්ධ විය. මෙහිදී 2009 ජනවාරි මස කොළඹ ද්‍රවිඩ පුවත්පතක පළවූ තර්ජනය කෙරේ අවධානය යොමු කළ යුතුවේ. “මෙවර සිංහල බහුතරය කම්පනයට පත්වනු නියතය. එය කෙසේ සිදුවූයේද යන්න ඔවුන්ට තේරුම් ගැනීමට ද අපහසු වනු නියතය.”

රජිව් ගාන්ධි ඝාතනයට සම්බන්ධ කොටි තිදෙනා සැප්තැම්බර් 9 වැනිදා වෙල්ලෝර් සිරගෙදරදී එල්ලා මරා දැමීමට ගත් තීරණය මෙතෙක්‌ වෙනස්‌ වී නැතැයි වාර්තාවේ.

එහෙත් කොටි හිතවාදීහු ඊට එරෙහිව තමිල්නාඩුව තුළ විරෝධතා පවත්වනු ඇතැයි අපේක්‍ෂා කළ හැක. එසේ වුවත් ත්‍රස්‌තවාදයට එරෙහි ජනතාව ඉන්දීය ජනාධිපතිනි ප්‍රතිභා පටෙල් කොටි ත්‍රස්‌තයන්ට සමාවදීම ප්‍රතික්‍ෂේප කිරීමට ගත් තීරණය අගයනු නියතය.

කීර්ති වර්ණකුලසූරිය