Spread the News

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සහ ශ්‍රී ලංකාව

source:



එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ දහවැනි මානව හිමිකම් සැසි වාරය ලබන 12 වැනිදා සිට ස්‌විස්‌ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට දැන් සියලු විධිවිධාන යෙදී තිබේ. මෙවර සැසිවාරය ශ්‍රී ලංකාව අතින් බැලූ කල අතිශයින්ම වැදගත් එකක්‌ වීමටද පිළිවන.

එසේ වන්නේ ඇමරිකාව ප්‍රධාන අධිරාජ්‍යවාදීන් කාලයක සිට මේ බිමට එරෙහි ක්‍රියාත්මක කරනු ලබන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළේ කූටප්‍රාප්තිය මෙහිදී සිදු වීමට බොහෝ ඉඩ ඇති බවට වන්නාවූ පෙරනිමිති දැන් දැන් පහළ වෙමින් තිබෙන බැවිනි.

ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාදීන් දිගු කලක පටන්ම ශ්‍රී ලංකාවට එරෙහි කුමන්ත්‍රණකාරී මුග්ධ වැඩපිළිවෙළක යෙදී සිටියද එහි කැපී පෙනෙන පෙරළියක්‌ සිදු වෙමින් සියලු ෙද්‍රdaහී බලවේග එක්‌ව අපට සතුරුව ප්‍රබල ලෙස නැගී සිටින්නට වූයේ ඉකුත් මානුෂීය මෙහෙයුමත් සමගිනි.

එතෙක්‌ මේ සියලු බලවේග ශ්‍රී ලංකාවට එරෙහිව කරගෙන යනු ලැබුවේ සීතල කුමන්ත්‍රණයකි. එහිදී ඔවුහු මේ රට කරවූ නොයෙකුත් නායකකාරකාදීන්ගේ කොඳු බිඳ දමමින් එය විවිධ ක්‍රමවේදයන් ඔස්‌සේ ක්‍රියාත්මක කරනු ලැබූහ.

ගෙවුණු තිස්‌වසරක්‌ පුරාවට එකී බලවේග මෙම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළේ ප්‍රධාන මෙවලමක්‌ ලෙස යොදා ගනු ලැබුවේ මේ රට වැනසූ එල්ටීටීඊ ත්‍රස්‌තවාදයම විය. ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයෙන් අප බැට කෑ මෑත ඉතිහාසය දෙස විමර්ශනාත්මකව බැලීමේදී එය මැනවින් පැහැදිලි වන්නකි.

එල්ටීටීඊයට රහසේ ශක්‌තිය එක්‌කරමින් ත්‍රස්‌තවාදයේ ශාපයට මේ රට සහ ජනතාව යටත් කරවා තමන්ට අවැසි දේ රිසි සේ කරගෙන යැම එකී අතීතයේ මෙම අධිරාජ්‍යවාදී ෙද්‍රdaහීන්ගේ එකම උපක්‍රමය වී තිබිණ.

එහෙත් ඉකුත් මානුෂීය මෙහෙයුමත් සමග එල්ටීටීඊ ත්‍රස්‌තවාදය මේ බිමෙන් වැනසී යද්දී Rජුවම පහර වැදුණේ ඔවුන්ගේ මෙම උපක්‍රමයටය.

එසේත් නැතහොත් ඒ සඳහා ආයාසයකින් තොරවම යොදාගෙන තිබූ ප්‍රධාන මෙවලමටය. සාමාන්‍ය භාෂාවෙන් කියතොත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ සූදුවේදී යොදා ගත් තුරුම්පු ආසියාටය.

ඔවුන් මේ බිමට එරෙහි එවන් ෙද්‍රdaහී ක්‍රියාදාමයක නිරත වූයේ ඇයි. එහිදී ඔවුන්ගේ ප්‍රධාන ඉලක්‌කය වී තිබුණේ ඉන්දියාව, චීනය ප්‍රමුඛ ආසියාතික ශක්‌තිය හමුවේ ඊට මුහුණ දීම සඳහා මේ බිම තුළ කඳවුරු බැඳීම වේ.

ගෝලීය සිතියම තුළ ශ්‍රී ලංකාව යනු ආසියානු මර්මස්‌ථානයක්‌ ලෙස ඉහළින්ම තිබීම ඔවුන් එසේ ක්‍රියාත්මක වීමට හේතු වූවාද විය හැකිය.

ශ්‍රී ලංකාව අස්‌ථාවර වන තරමට තමන්ගේ ඉලක්‌කය වෙත ගමන් කිරීම පහසු වන නිසාම ඔවුහු එල්ටීටීඊයට හුළං පිඹිමින් ඒ ගමන යන්නට කුමන්ත්‍රණකාරී ලෙස ක්‍රියාත්මක වූහ.

මානුෂීය මෙහෙයුමෙන් එල්ටීටීඊය වැනසී වේළුපිල්ලේ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ මැරී වැටෙද්දී කිසිවෙකුත් නොසිතූ පරිදි වක්‍රාකාරව දරුණුම පහර එල්ල වූයේ ඇමරිකාව ප්‍රධාන අධිරාජ්‍යවාදීන්ගේ එකී අති සූක්‍ෂම අරමුණටය.

මානුෂීය මෙහෙයුමේ ආරම්භයේ පටන්ම මෙම බලවේග එය ලත් තැනම ලොප් කරවීමට දන්නා සියල්ල කරනු ලැබුවේ එල්ටීටීයේ අවසානය යනු තම අරමුණේ අවසානය බව හොඳින්ම වටහාගෙන සිටි බැවිනි. යථාර්ථය වූයේ එයමය.

ඔවුන් ඒ සඳහා යෙදූ උපක්‍රම රාශියකි. විවිධ එන්.ජී.ඕ නඩ මේ රටට එවමින් නොයෙකුත් අති මානුෂීය ලෙස පෙනෙන අසත්‍ය කරුණු කැරට්‌ අල ලෙස ලෝකයට පෙන්වා එල්ටීටීඊය වෙනුවෙන් හඬක්‌ නගන්නට ඔවුහු ක්‍රියා කළෝය. මෙහිදී ඔවුන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයද අඩු වැඩි වශයෙන් යොදා ගන්නට වූයේ කිසිදු හිරිකිතයකින් තොරවමය.

ඉනුත් නොනැවතී අවසානයේ ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා ප්‍රංශය ඇතුළු බොහෝ ප්‍රබල අධිරාජ්‍යවාදී රාජ්‍යයන්ගේ කෙරුමන් මේ රටට ගොඩබැස ප්‍රභාකරන් බේරාගන්නට යත්න දැරුවේද ඔවුන් තුළ වූ එකී දේශපාලනමය හා බලය හමුවේ කැටි වී තිබූ දුෂ්ට අරමුණ වෙනුවෙනි.

එහෙත් තිස්‌ වසරක එල්ටීටීඊ ත්‍රස්‌තවාදයේ අවසානය හමුවේ බොල් වී ගියේ ඔවුන්ගේ එම උත්සාහයන්ය.

මීට වසර පනස්‌ හයකට පෙර එනම් 1955 – 12 – 14 වැනිදා එක්‌සත් ජාතීන්ගේ සාමාජිකත්වය සමග අත්වැල් බැඳගත් ශ්‍රී ලංකාවට එරෙහිව පහරදීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය යොදාගන්නා තැන දක්‌වා මෙම කුමන්ත්‍රණකාරීන් නින්දිත ලෙස තල්ලු වී ගියේ එතැනදී නොවන්නේද?

මෙලෙස එල්ටීටීඊයේ විනාශයත් සමග ඉහත දුෂ්ට අරමුණ විනාශ වූවා සේම අද මේ ෙද්‍රdaහී බලවේග ශ්‍රී ලංකාවට එරෙහි දැඩි ස්‌ථාවරයක පසු වීමට තවත් සුවිශේෂී කරුණක්‌ද බලපානු ලැබීය. එය කුමක්‌ද?

ඒ අන් කිසිවක්‌ නොව තමන්ගේ කීම, ඉල්ලීම නොතකා මහින්ද රාජපක්‍ෂ රජය Rජු ස්‌ථාවරයක සිට එල්ටීටීඊය විනාශ කර දැමීමෙන් ඔවුන් හිස්‌ උදුම්මාගෙන සිටි අධිරාජ්‍යවාදී අභිමානයට එල්ල වූ පහර වන්නේය.

මේ සියල්ල හමුවේ අදාළ බලවේග මේ බිමට එරෙහිව ක්‍රියාත්මක කර ඇති වත්මන් කුමන්ත්‍රණය සඳහා”සහායට ඩැනීලා” ලෙස අද යොදාගෙන සිටිනුයේ කවරෙක්‌ද? ඒ අන් කිසිවකුත් නොව විදේශගතව සිටින එල්ටීටීඊ හිතවාදී ද්‍රවිඩ ඩයස්‌පෝරාව බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නකි.

පෙරදා එල්ටීටීඊය හා මෙම ෙද්‍රdaහීන් අතර පැවැති බැඳීම කියාපෑමට අද එකී තත්ත්වය කදිම සාක්‍ෂියක්‌ බවටද පත්ව තිබේ.

මෙකී අධිරාජ්‍යවාදී නරුමයන්ට අවැසිව ඇත්තේ යළිත් මේ රට අස්‌ථාවර කිරීමටය. එසේත් නැතහොත් යළි මේ බිමේ ත්‍රස්‌තවාදයක්‌ මවා ආසියාතික බලයට මුහුණ දීමේ තමන්ගේ බලලෝභී අරමුණ වෙත ගමන් කිරීමටය.

එහෙයින් එක්‌සත් ජාතීන්ගේ ඉදිරි මානව හිමිකම් සැසියේදී මෙම කුමන්ත්‍රණකාරීහු අපට උපරිම අවිවලින් පහරදීමට බොහෝ දුරට ඉඩ තිබෙන්නේය. දරුස්‌මාන් වාර්තා සේම චැනල් ෙµda කුලී චිත්‍රපටද එහිදී කරළියට පැමිණිය හැකිය.

ඊට අවබෝධයෙන් හා බුද්ධියෙන් යුතුව සාර්ථකව මුහුණ දීම රජයේ පාර්ශ්වයෙන් මෙවර ඒ සඳහා සහභාගි වන ඇමැති මහින්ද සමරසිංහ මහතා ප්‍රධාන නියෝජිත පිරිසේ වගකීම බවද මෙහිදී සඳහන් කළ යුතුව ඇත.

මෙවර සැසියේදී අප එකී ජයග්‍රාහී ඉලක්‌කයට ගමන් කිරීම යනු මෙතෙක්‌ අපට එරෙහිව ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණ රැසක අවසානය සනිටුහන් කරන්නක්‌ද විය හැකිය.

අද මෙකී අධිරාජ්‍යවාදී ෙද්‍රdaහීන් එක්‌සත් ජාතීන්ගේ සාමාජික රටක්‌ ලෙස පනස්‌හය වසරක ඉතිහාසයක්‌ ඇති ශ්‍රී ලංකාවට එරෙහිව පහර දීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සූක්‍ෂම ලෙස යොදා ගනිමින් සිටින බව මේ වන විට පෙනෙන්නට තිබෙන පැහැදිලි කරුණකි.

එහෙත් මේ හරහා එක්‌සත් ජාතීන් නමැති යහ සංවිධානය තල්ලු වී යන්නේ කොතැනටද?

මේ තුළින් දෙවන ලෝක යුද්ධයෙන් පසු සාධාරණත්වය, සාමූහිකත්වය වැනි ශ්‍රේෂ්ඨ කරුණු රැසක්‌ මුල් කරගනිමින් ලෝක ප්‍රජාව බිහි කර ගනු ලැබූ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය එකී ශ්‍රෝෂ්ඨත්වයෙන් එපිටට තල්ලු වී යමින් නොතිබෙන්නේද?

අප මෙතෙක්‌ කතා කළේ වර්තමානයේ මෙම ෙද්‍රdaහී බලවේග එක්‌සත් ජාතීන්ගේ සංවිධානය යන ලේබලයට මුවා වී අපට සිදුකරමින් සිටින කෙනෙහිලිකම්වලින් බිඳකි. එහෙත් ගෝලීය වශයෙන් ගත් කල මෙකී බලවේග ඊට පෙර කර ඇති දේ කොතෙක්‌ද?

අතීතයේ ඇමරිකාව ප්‍රධාන මෙකී අධිරාජ්‍යවාදීන් ඉරාකයට දැවැන්ත ලෙස පහර දුන්නේ ඉරාකය න්‍යෂ්ටික අවි නිපදවන බවට චෝදනා එල්ල කරමිනි. එහෙත් මෙකී මුග්ධ ප්‍රහාරයේදී මොවුනට ඉරාකය තුළ තිබී න්‍යෂ්ටික අවි තබා අවම තරමේ කිකිළි බිජුවක්‌වත් සොයා ගත හැකි වූයේද?

එහෙත් එකී ආක්‍රමණයෙන් පසු අවසානයේ සිදු කෙරුණේ කුමක්‌ද? සිදු වූ එකම දෙය වූයේ ඉපැරණි වටිනා ශිෂ්ඨාචාරයක ප්‍රෙෘඪ වූ සටහන් ගුවන් ප්‍රහාර මගින් සම්පූර්ණයෙන්ම නටබුන් බවට පත් කළ මෙම අධිරාජ්‍යවාදී නරුමයන් තමන්ට එරෙහිව නැගී සිටීමේ වෛරය හමුවේ ඉරාක ජනාධිපතිව සිටි සදාම් හුසේන්ව අමු අමුවේ මරා දැමීම නොවන්නේද?

අද ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය පැහැදිලිව විනාශ කිරීම හමුවේ අපට මානව හිමිකම් ප්‍රශ්න මතු කෙරෙමින් තිබුණද එදා ඉරාකයට මේ අවනඩුව සිදු වෙද්දී එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී නවනේදන් පිල්ලේ සිටියේ කොහේදැයි අපි නොදනිමු.

ඇමරිකාව ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවේගයන් ඉරාකයට පහර දීමෙන් සිදු කළේ බරපතල මානව හිමිකම් කඩ කිරීමක්‌ නොවන බව දරුස්‌මාන් වාර්තා සකසමින් අපට කොකා පෙන්වන්නට දතකන එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කී මූන් මහතාට පෙනෙමින් තිබෙන්නේ ඇයිදැයි යන්නද අපි නොදන්නෙමු

අද එක්‌සත් ජාතීන්ගේ ලේබලයට මුවා වී ඇමරිකාව ප්‍රධාන බලවේග ලිබියාව තුළ සිදු කරන්නේ කුමක්‌ද? කැරැලිකරුවන් යනු කැරැලිකරුවන්මය. එහෙත් නේටෝ හමුදා මේ වන විට එකට අත්වැල් බැඳගෙන ලිබියාව තුළ කර්නල් ගඩාµs සොයා සමූහ මිනිස්‌ ඝාතන සිදුකරමින් සිටින්නේ මෙකී කැරැලිකරුවන් සමගය.

මේ තුළ ඇති අධිරාජ්‍යවාදී අරමුණ අද මුළු ලොවම වටහාගෙන තිබෙන්නකි. එහෙත් කනගාටුවට කරුණ නම් ලිබියාව තුළ කැරලිකරුවන්ද සමග එක්‌ව ඇමරිකාව ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවේග සිදු කරමින් සිටින්නේ එක්‌සත් ජාතීන්ගේ මෙහෙයුමක්‌ වීමය.

අද ලිsබියාව තුළ සිදුවන මෙකී අධිරාජ්‍යවාදී ආක්‍රමණය දෙස මුළු ලොවම බලා සිටී. එහෙත් සාධාරණත්වය, සමානාත්මතාවය හා සාමූහිකත්වය යන ශ්‍රේෂ්ඨ අරමුණු සමග බිහිවූ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට මෙවන් දේ හරහා සිදුවන්නේ කුමක්‌ද?

අතීතයේ සැප්තැම්බර් 11 ප්‍රහාරය මුල් කර ගනිමින් ඇµaගනිස්‌ථානයේදී සේම මෑතකදී බින් ලාඩන් ඝාතනය කරන්නට පාකිස්‌ථානය තුළදීද ඇමරිකාව විසින් සිදු කරනු ලැබුවේ නිවැරදි දේ වන්නේද?

මේවාද ඇතුළුව පසුගිය කාලයේ ඇමරිකාව ප්‍රධාන අධිරාජ්‍යවාදී සට්‌ටඹියන් සිදු කළ ඉහත ආකාරයේ ආක්‍රමණ තුළින් ඒ ඒ රටවල සිවිල් වැසියන් තොග පිටින් පරලොව ගිය බවද නොරහසකි.

අද ලිබියාවේ සිදුවන ආක්‍රමණය ආරම්භ වී ටික දිනක්‌ ගත වෙද්දී නේටෝ හමුදා ප්‍රහාරයකින් සිවිල් වැසියන් රැසක්‌ මියගිය බවට ලෝක මාධ්‍ය මගින් ප්‍රචාරය වන්නට විය.

එහිදී එය සත්‍යයක්‌ බව ලෝකයෙන් සමාව යදිමින් නේටෝ හමුදා විසින්ම පිළිගනු ලැබීය. ඉදින් මේවා දරුණු ගණයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නොවන්නේ යෑයි කිව හැක්‌කේ කාටද?

තත්ත්වය එසේ වුවද එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන්ට හෝ මානව හිමිකම් ප්‍රධානී නව නීදන් පිල්ලේට මේවා නිවැරදි දේ ලෙස පෙනී යමින් තිබෙන බව අපට පෙනෙන්නට තිබේ.

එසේ තිබියදී තිස්‌වසරක්‌ අපව වැනසූ ප්‍රභාකරන් සාධාරණ සටනකින් වනසා දැමීම නිවැරදි නොවන බව පවසමින් පිල්ලේ හා බෑන්කී මූන් විලාප නගමින් පශ්චාත් මරණ පරීක්‍ෂණ පැවැත්වීමට යැම නම් අපට ගැටලුවකි.?

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ ප්‍රබලව සිටිමින් හිතුවක්‌කාරී ලෙස ක්‍රියා කරන ඇමරිකාව ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවේග මේ කරමින් සිටින්නේ කුමක්‌ද? එක්‌සත් ජාතීන්ගේ සංවිධානය නමැති යහ එකමුතුව දෙදරවා හරින්නට කටයුතු කිරීම නොවන්නේද?

දිගින් දිගටම මෙයම සිදු වුවහොත් අනාගතයේ දිනෙක සෙසු සාමාජික රාජ්‍යයන් විකල්ප අරමුණක්‌ නැතහොත් එකමුතුවක්‌ වෙත ගමන් කිරීම බොහෝ දුරට සිදු විය හැක්‌කකි.

එහි අවසානය කුමක්‌ විය හැකිද? ඇතැම් විට දෙවැනි ලෝක යුද්ධය පසුබිම් කරගෙන ආරම්භ වූ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය බලයෙන් සහ වෛරයෙන් මත්වූ නෂ්ටයන් පිරිසක්‌ නිසා තුන්වැනි ලෝක යුද්ධයකින් අවසන් වූයේ යෑයි ලෙසින් මතු යම් දිනෙක ලෝක ඉතිහාසයේ සටහන් වීමට ඉඩක්‌ නොමැතිද?

මේ යන ක්‍රමයේ පවතින යථාර්ථය එයම වන්නේය. එහෙයින් මෙවර මානව හිමිකම් සැසියේදී අපට එල්ල වන ප්‍රහාරය අතිදරුණු එකක්‌ වුවහොත් තර්ක තර්කානුකූලව සාවධානව අපේ ජානගතව ඇති බුදු දහමේ හරයද ප්‍රයෝජනයට ගෙන ඒ ටිකද ලෝකයට කියා දීමට අපට හැකියාව ඇත.

සියල්ල මෙසේ සිදුවෙද්දී අද ඇමරිකාව ප්‍රධාන අධිරාජ්‍යවාදීන්ගේ සේම විදේශගත එල්ටීටීඊ හිතවාදී ද්‍රවිඩ ඩයස්‌පෝරාවේද එකම ශ්‍රී ලාංකීය හඬ බවට පත්වෙමින් මේ බිම තුළ යළි බෙදුම්වාදයේ විෂ පතුරවන්නට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මේ වන විට පෙරමුණ ගෙන සිටින්නේය.

එල්ටීටීඊය වනසන තුරු ප්‍රබල ප්‍රභාකරන් විරෝධියකු ලෙස සිටි සම්බන්ධන් අද රඟපාමින් සිටින්නේ එදා ප්‍රභාකරන් අවි දරා කළ රංගනයම වෙනත් අයුරකින් බව මේ වන විට පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නකි. ඔහුට අවැසිව ඇත්තේ බෙදෙන බලයකි. බලය බෙදන්නට යෑයි ඔහු මොර දෙන්නේ එහෙයිනි.

ඔහු ප්‍රධාන දෙමළ ජාතික සන්ධානය අද 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය, ඉඩම් බලතල, පොලිස්‌ බලතල වැනි දොළ පිදේනි රැසක්‌ පිළිබඳ උග්‍ර දොළදුකකින් පසුවේ. එකී දොළ සංසිඳවා ගැනීමට සම්බන්ධන් ප්‍රධාන දෙමළ ජාතික සන්ධානය කරන කියන දැද බොහෝමයකි.

එහෙත් සම්බන්ධන් සිතන ලෙස තිස්‌වසරක්‌ පුරාවට ඈත්ව සිටි අප තුළ ක්‍ෂණික සමීප බවක්‌ ඇති කිරීමට මෙකී 13 වැනි සංශෝධනයට හෝ අනෙකුත් දේට හැකි වන්නේද?

ඊට දිය හැකි පිළිතුර වන්නේ පැහැදිලිවම “නැත” යන්නම පමණි. ඒ තුළ ඇත්තේ යළි අප බෙදෙන බලය මිස සමීප වීමේ නිමිත්තක්‌ නොවන බවද සම්බන්ධන්ගේ දැන ගැනීම පිණිස කිව යුතුව තිබේ.

ඇති වූ බෙදීමක්‌ යළි සමීප වීමක්‌ බවට පත් වන්නේ කාලය සමගිනි. එය කිසිසේත්ම බලෙන් හෝ විවිධ ප්‍රදානයන් තුළින් කළ නොහැක්‌කකි. ඊට උදාහරණ ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් වේ.

අප තුළ සහ රට තුළ ඇති වූ අර්බුදයට විසඳුම් ඇත්තේ බෙදුණු ජනතාව තුළම බවද සම්බන්ධන් පැහැදිලිව අවබෝධ කරගත යුතු වන්නකි.

අනවබෝධයෙන් බෙදී වෙන් වුවද කාලය සමගින් සියල්ල අවබෝධ කරගනිමින් ඇති වූ බෙදීමට ජනතාව තුළින් මතුවන විසඳුම, අද මෙරට පවතින ගැටලුවට ලැබෙන ස්‌ථිරසාරම විසඳුම බවද මෙහිදී සටහන් කළ යුතුව තිබේ.

සිංහල හෝ දෙමළ හෝ අනෙකුත් කුමන ජාතියක්‌ හෝ වේවා අපට මේ රට තුළ බෙදා ගන්නට දෙයක්‌ නොමැත්තේය. ඇත්තේ වර්ග සැතැපුම් 25000 කට මඳක්‌ වැඩි භූමියකි.

එහෙයින් සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධානය සේම අනෙකුත් සියලු පාර්ශ්ව එක්‌ව අද කළ යුත්තේ කුමක්‌ද?

කළ යුතුව ඇත්තේ බෙදාගෙන වෙන් වීම නොව අප සියල්ලටම උරුම මේ වර්ග සැතපුම් විසිපන්දහස රැකගැනීමට පෙරමුණ ගෙන අප ඉදිරියේ ඇති කුමන්ත්‍රණකාරී බලවේගයන්ට නිසි පිළිතුරු දී අධිරාජ්‍යවාදීන්ට මේ බිම වනසන්නට යළි ඉඩක්‌ නොතැබීමම නොවන්නේද?.

සමන් ගමගේ