Spread the News

රාජ්‍ය රහස්‌ ජපානයට විකුණූ නිලධාරීන් 2 කට දැල එළයි

කීර්ති වර්ණකුලසූරිය
source:
ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික සහ ආරක්‍ෂක කටයුතු පිළිබඳ රහසිගත තොරතුරු වාර්තා සෑම මසකම ජපාන රජය වෙත ලබාදුන් හිටපු රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු පිළිබඳ තොරතුරු රාජ්‍ය බුද්ධි අංශය අනාවරණය කරගෙන තිබේ.

මෙය හෙළිවී ඇත්තේ එකී හිටපු රාජ්‍ය නිලධාරියකු විසින් “අතිශය රහසිගතයි” යනුවෙන් උතුර නැගෙනහිර සහ දකුණේ ආරක්‍ෂක තත්ත්වය ගැන යෑවූ රහස්‌ වාර්තාවක්‌ බුද්ධි අංශ වෙත ලැබී තිබේ.

මෙම හිටපු රාජ්‍ය නිලධාරීන් දෙදෙනා ජපානයේ මූල්‍ය ආධාර ලැබෙන රාජ්‍ය නොවන සංවිධානයක ජ්‍යෙෂ්ඨ උපදේශකයන් ලෙස ක්‍රියාකරන බවද හඳුනාගෙන ඇත.

මින් එක්‌ නිලධාරියකු ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවය කළ අයකු බවට හෙළිවී තිබේ.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හා දේශපාලන කටයුතු මොවුන්ගේ මේ විමර්ශන වාර්තාවලින් අවමානයට ලක්‌කර ඇති බව තවදුරටත් අනාවරණය වී තිබේ.

හිටපු රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු ශ්‍රී ලංකාවට එරෙහිව අතිශය රහසිගත වාර්තා විදෙස්‌ වෙතට යවන බවට තහවුරු වූ මුල් වතාව මෙය වේ.