Spread the News

කැලිගුලා ගෙන් ඇරඹි සුරීපී කාම වහලියන් සෙවීමේ තරගය

By DK, on December 29th, 2011 source:

ක්‍රි.ව 37 සිට 41 තෙක් කෙටි කළක් රෝමයේ අධිරාජ්‍යයාව සිටි “කැලිගුලා” හෙවත් “ගයස් ජූලියස් සීසර් ඔගස්ටස්” නම් රෝම අධිරාජ්‍යයා රෝමයේ සිටි කාමාතුරම පාලකයා ලෙස හැඳින්වුවහොත් නිවැරදිය..ඔහුගේ උපදේශකයන් සහ සෙනෙවියන්ද ඒ පරිචින්නයෙහි ඔහුටම නොදෙවනි විය..

සිය අධිරාජ්‍යයේ සිව් කොණින් සහ අලුතින් පහර දී යටත් කර ගන්නා භූමි වලින් බලහත්කාරයෙන් අල්ලාගෙන එනු ලබන තරුණ වහළියන්, තමා සහ තම සෙනෙවියන් ඉදිරියෙන් පෙරෙට්ටුවට යැවීම මොහුගේ සිරිත විය….රූමතියන් සක්මන් කරැවුණු අතර, ඔවුන්ව නොයෙක් ආකාරයේ ඇඳුම් අන්දවා සහ අවසානයේ නග්නව එයට සහභාගී කරවන ලදී….ඒ පෙරෙට්ටු සියල්ල අවසානයේ ඔවුන් අතුරින් සෑම අවස්ථාවකම වැඩියෙන්ම කැපී පෙණුනු රූමතිය එදින රැයට පමණක් රෝම රැජිණිය ලෙස කිරුළු පළඳවා අධිරාජ්‍යයා ඇය හා යහන් ගත වන අතර, අනුපිළිවෙලින් සෙසු රූමතියෝ සෙනෙවියන් හා යහන් ගත වෙති….කැලිගුලා නම් ක්‍රෑර පාපතර පාලකයා සිහසුන සිටි වසර තුනම මෙය නොකඩවා කෙරුණු අතර, ඔහුගෙන් පසුව රෝමයේ අණසක පැවති යුරෝපයේ විවිධ මුහුණුවරින් සම්ප්‍රදායගත විය…

මෙලෙස ඇඬීමට ඇයට තවත් බොහෝ හේතු තිබෙන්නට ඇත.

අදටත් මෙය පවතින අතර, එකම වෙනස වන්නේ “වහළියන්” වෙනුවට “තරඟකාරියන්” පැමිණ සිටීමයි….නමුත් දැං තරගවලට යන තරගකාරියන් සමාගම්වල සහ සංවිධායකයන්ගේ වහළියන් බවට පත් වෙයි. ( තරඟයෙන් පසුව සිදුවන දෑ වෙනස් වී ඇතිදැයි නොදනිමු… ) .. බටහිර රටවල් සංවිධානය කරනු ලබන අතර, නිවැරදි ඉතිහාසය නොදැන පෙරදිග දේශයන්ද තරඟකාරියෝ සහභාගී කරවති…. :Dබටහිර රටවල් ව්‍යංගයෙන් දෙන පණිවිඩ සහ සංකේතාත්මකව පැරණි අධිරාජ්‍යයන් වල පැවති චාරිත්‍රයන් නව මුහුණු වරින් ඉදිරිපත් කිරීම හුඟක් තිබේ….දැන් ඔය ඔලිම්පික් කියන්නේ එහෙම එකක්…ග්‍රීක දෙවියන්ට ආචාර පිණිස පැවැත්වූ ඔලිම්පියාඩය පසුව රෝම අධිරාජ්‍යය යටතේ, ඒ අධිරාජ්‍යයේ සිව් දිගින් එන ක්‍රීඩකයන් ( ඇතැම් විට වහළුන් ) සීසර් ඉදිරියේ තම ක්‍රීඩා කෞශල්‍යය විදහා දක්වන සංදර්ශණයක් විය….පසුව එය යළි යටපත්ව තියෙද්දි, 1896 බ්‍රිතාන්‍යයන් විසින් පණ පොවා ගත්තෙත් ඒ අදහසින්මයි…පසු කළෙක ජර්මනිය, ප්‍රංශය, රුසියාව වැනි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ නොතිබුණු රටවල් පවා තරඟ බිමට පිවිසීමෙන් ද, සෝවියට් සංගමය සහ මහජන චීන සමූහාණ්ඩුව ( 2008 ) එම තරඟාවලිය ජය ගැනීමෙන්ද, එහි අර්ථය සහ මුලින්ම වෙනස් විය…(විශේෂයෙන්ම බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් බලාපොරොත්තු වුනේ, තමා, තම චින්තනයට අනුගතව සාදා ගත් ක්‍රීඩා ඉසව්, තමන්ම ජයගෙන “ක්‍රීඩාවෙන්ද තමන් අනවභවනීයයි” කියන මතය සෙසු ලෝකයට කා වද්දන්න…ඒත් ඒ ඉලක්කය වැරදී ගියේය…)

දැන් එතකොට ඔය පොදු රාජ්‍ය මණ්ඩලය කියන එක ( ක්‍රීඩා උළෙල පමණක් නෙමෙයි…ඊනියා සංවිධානය පවා …) හදා ගත්තේ ලිහි, ඉහිරී ගිය අධිරාජ්‍යයේ නායිකාවට හෝ නායකයාට ( රජුට හෝ රැජිණියට ) සභාපති කම් දරා, පැරණි ආධිපත්‍යයේ සෙවණැල්ලක් හෝ ඉතිරි කර ගන්නත්, ඒ වහල් මානසිකත්වය යම් පරිමාවකින් හෝ එලෙසම රඳවා ගන්නත්…

කට්‍ටුස්සියන්ගේ කරේ රන් බැඳි කල… බෞද්ධ සංස්කෘතිය සහ සම්ප්‍රදාය ගැන මෙළෝ දෙයක් නොදත් පොත්ත සුදු නමුත් ස්ථානෝචිත ප්‍රඥාව නොමැති මෙවැනි උදවියව, අපේ රටේ කාන්තාව යැයි කියමින් ලෝකය ඉදිරියට ගෙනයද්දී ඔවුන් ඉදිරියේදී මොනවා නොකරාවිද? මෙවැන්නන්ට කිරුළු පැළඳවීම අපේ රටේ බුද්ධිමත් කාන්තාවන්ටත් කරන අපහාසයක් නොවේද?

ලෝකයේ වෙනත් රටවලත් මෙවැනි සුරූපිණියන් තෝරන තරඟ තිබේ…( ලංකාවේ අවුරුදු කුමරිය තේරීමේ තරඟයත් එයින් එකක් කියන්න පුළුවන්….) …නමුත්, මේ තරඟය වෙනස්….( ඇත්තටම මේ තරඟ සියල්ල වෙනස්…ලෝක රූ රැජිණ, විශ්ව රූ රැජිණ, ආසියා-ශාන්තිකර රූ රැජිණ ආදී ) .. මේ තරඟය ඓතිහාසිකව ආ ගමන් මඟ බැලීමෙන් එය වැටහේ….ඇත්තෙන්ම එදා පැවති පෙරෙට්ටුව සහ අද පවතින තරඟය අරමුණු අතින් බොහෝ දුරට සමානයි….( බටහිර රටවල් තාමත් හිතන්නේ ලොව පවතින්නේ ඔවුන් යටතේය කියලනේ…ඒ අධිපතිවාදී චින්තනයෙන් තමයි මේකත් බැලෙන්නේ නිතරම.. වෙළඳුන්ගේ අරමුණු ආදී සියල්ලම එන්නෙත් ඒ යටතටම තමයි…) ..අවසාන ඉලක්කය රූමතියක් තෝරාගෙන ඇය තම පරිභෝජනයට ගැනීමයි….අනිත් කාරණය තමයි, මෙහිදී “රූමත් බව, සුන්දරත්වය” කියන සියල්ල දකින්නේ ඔවුන්ගේ චින්තනයෙන් ( බටහිර ) තනන ලද රාමුවක් තුළ, ඒ නිර්ණායකයන් ඔස්සේ….එවිට බොහෝ විට ( හෝ උවමනාවෙන් හෝ ) ජය ලැබෙන්නේ, එවැනි නිර්ණායකයන්ට අනුගත සහ ඒ ඡවි වර්ණයන් සහිත යුවතියකට. මේක කියවා බලන්න http://sinhalabuddhist.com/2011/12/black-and-white/ …ඒ අනුව ලොව වෙනත් රටකින් ( උදා: ඉන්දියාවෙන් ) යුවතියක් ගියත් ඇය තරඟය ජය ගන්නනම් ඒ චින්තනයට සහ ඒ උපමානයට යටත්ව හැසිරිය යුතුයි ….රූමත් බව කියන්නේ “ඒ අය හිතන දේ” කියලා සෙසු ලෝකයාට සම්ප්‍රේෂණය කළාම, සෙසු රටවලුත් ( බටහිර නොවන ) එම තරඟයට තරුණියන් යවන්න දේශීය මට්ටමෙන් පවත්වන තරඟ සියල්ල පවත්වන්නේ අර උපමානයන්ට යටත්වයි…එවිට, ඒ, ඒ දේශ වැසියන්ටත් රූමත් බව යනු “මෙයයි” කියා බටහිර සිතා සිටින රූමත් බවේ නිර්වචන ඔස්සේ සිතන්න පුරුදු කෙරේ….( ඔය අස්සෙන් විවිධ වර්ණාලේපන, පුයර, විළවුන් වර්ගත් අළෙවි වෙයි…) .. අවසානයේ “සුදු” හෝ “පැහැපත්” ඡවි වර්ණයේ ආධිපත්‍යයක් රඳවා ගැනීමත් මෙමඟින් සිදුවෙයි….