Thu. Nov 21st, 2024
Spread the News

දළදා මාළිගාවේ රුව සහිත කාන්තා ටී ෂර්ට් වෙළදපොළේ

Posted on January 9, 2012 by dhamsara: source link:
දළදා සමිදුන් වැඩ සිටින සකල ලෝකවාසි බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ සේ සැලකෙන දළදා මාළිගාවේ රුව මුද්රිත අත් නැති කාන්තා ටී ෂර්ට් එකක් ලාංකික සමාගමක් විසින් වෙළදපලට නිකුත් කර තිබේ. මහනුවර ‘ඔඩෙල් ’ සාප්පුවේ මෙම ටී ෂර්ට් අලෙවි කිරීමට තබා තිබූ අතර එය එම ආයතනයේම නිශ්පාදනයකි. මෙය මිලට ගත් තරුණයකු එයට විරෝධය පෑම නිසා පොලිසියට රැගෙන යාමට එම වෙළද ආයතනයේ සේවකයින් කටයුතු කර ඇත.එහෙත් පොලිස් නිලධාරීන් මෙහි බරපතලකම අවබොධකරගත් අතර එය මිලට ගත් තරුණයාට පැමිණිල්ලක් සටහන් කිරීමට ඉඩ ලබා දී ඇත. ඉන්පසු අදාල ආයතනයට එරෙහිව මහනුවර උසාවියේ නඩුවක්ද ගොනුකර තිබේ. මේ පිළිබද ‘ සුරකිමු දළදා – ජාතික ව්‍යාපාරය’ විසින් එම වෙළදසැල ඉදිරියේ උද්ඝෝෂණයක් පැවැත් වූ අතර වහාම මෙවැනි ආගම් විරෝධි අපහාසාත්මක ක‍්රියා නතර කරන ලෙසට බලධාරීන්ට දන්වා සිටියහ. මෙම ටී ෂර්ට් එකක් රු 850 කට අලෙවි කර ඇති අතර ඒ සදහා නිකුත් කර ඇති බිල් පතෙහි සදහන් වන්නේ ‘‘ Dalada T Shirt’ යනුවෙනි. මේ සම්බන්ධයෙන් ‘ සුරකිමු දළදා – ජාතික ව්‍යාපාරයේ සභාපති හා කැදවුම්කරු වන සුදන්ත සේනානායක මහතාගේ අත්සනින් අස්ගිරි මල්වතු උභය මහා විහාරයීය මහානායක මාහිමිපාණන් වහන්සේලා වෙත ලිපියක් යවා ඇති අතර එම ලිපියේ පිටපත් ජනාධිපතිතුමා හා අගමැතිතුමා ඇතුළු වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් වෙතද යවා ඇත.

One thought on “දළදා මාළිගාවේ රුව සහිත කාන්තා ටී ෂර්ට් වෙළදපොළේ”
  1. ඔඩෙල් සාප්පුවෙන් ඇදුම් මිලදී ගැනීම වර්ජනයකර මහනුවරින් මෙම සාප්පු හිමියන් පලවා හැරිය යුතුයි. තවද රට පුරා මෙම ප්‍රවුර්තියට පුළුල් ප්‍රචාරයක් ද දීය යුතියි !

Comments are closed.

Protected by Security by CleanTalk