ආනයනය කරන විසඳුම්වලින් පලක් නැහැ
ජාතික ප්‍රශ්නයට විසඳුම
තේරීම් කාරක සභාවෙන් සොයමු
64 වැනි ජාතික නිදහස් උළෙලේදී ජනපති මහින්ද රාජපක්‍ෂ ජාතිය අමතමින් කියයි
අනුර බාලසූරිය, පර්සි කුරුනේරු
ජාතික ප්‍රශ්නය විසඳීමට ආනයනය කරන විසඳුම් හා විදේශ බලපෑම්වලට වඩා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගිවී රටේ ජනතා කැමැත්තට අනුව ප්‍රශ්න විස¹ ගැනීම සියලු දේශපාලන පක්‍ෂවල වගකීම බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 04 දා අනුරාධපුරයේ දී පැවැසීය.
හැට හතර වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේදී ජාතිය අමතමින් හෙතෙම මේබව ප්‍රකාශ කළේය.
මෙම උත්සවය අනුරාධපුර ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවතේ වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානය අබියසදී පැවැත්විණි.
සර්වජන ඡන්ද බලයෙන් ආණ්‌ඩු පෙරළීමට හා පත්කිරීමට තිබෙන අයිතිය ආරක්‍ෂා කළ ආසියානු ප්‍රජාතන්ත්‍රවාදී එකම රාජ්‍ය ශ්‍රී ලංකාව බවත්, කුමන මුහුණුවරකින් ආවත් එම අයිතිය උදුරා ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොදීම අප සියලු දෙනාගේ වගකීම බවත් ජනාධිපතිවරයා පැවැසීය.
එසේම 1948 නිදහස ලබා ගතවූ අඩසිය වසක කාලය තුළ ලබා ගත්තාට වඩා වැඩි ප්‍රතිලාභයක් රට ත්‍රස්‌තවාදීන්ගෙන් නිදහස ලබා ගෙන ගෙවුණු වසර තුනක කාලය තුළ ජාතියට ලබා දීමට හැකිවූ බවත්, අද එදාට වඩා ආඩම්බරයෙන් මාතෘභූමියේ සිතියම ඇඳීමට හැකිවන තත්ත්වයට අප රට ගොඩ නගා තිබෙන බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.
එදා ජීවිතය බේරාගන්නට ගමට බංකරයක්, තුවක්‌කුවක් ඉල්ලා අනෙක් සියලුදේ අමතක කළ ජනතාව යුද්ධය නිමවූවාට පසු පොදු පහසුකම්, අධ්‍යාපනය පමණක් නොව නීති ගරුක පිරිසිදු නූතන ලංකාවක් ගැන බලාපොරොත්තු වෙනවා.
අද අපි 64 වැනි නිදහස සැමරීම සඳහා පැමිණ සිටින්නේ කි.පූ 05 වැනි ශතවර්ෂය ආරම්භ වූ ලොව ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබෙන නගරයකටයි. සශ්‍රීකත්වයට, ප්‍රෙෘඩත්වයට, ආගම දහමට, ශ්‍රේෂ්ඨ සම්ප්‍රදායයන්ට මුල් වුණ, නගරයකින් හමන සුළඟත් ශ්‍රී ලාංකික ජාතියට ස්‌වාධීනත්වය, නිදහස වාගේම සෞභාග්‍ය පිළිබඳ මතක් කර දෙනවා කියලයි මා විශ්වාස කරන්නේ.
ඒ වූ දේශයේ නිදහස වෙනුවෙන් දිවි දුන් රණවිරුවන්ටත් ඒ වෙනුවෙන් කැප වූ සියලු දෙනාටත් මා මේ මොහොතේ ජාතියේ ගෞරවය පුද කරනවා. නිදහස කියන්නේ අද අපි හමුවේ තිබෙන දැවැන්ත වගකීමක් බව තමුන්නාන්සේලාට මා අමුතුවෙන් කිවයුතු නැහැ. යුද්ධය තිබුණු සමයේ සෑම දෙයක්‌ම යුද්ධය මත තියලා නිදහස් වෙන්න පසුගිය ආණ්‌ඩුවලට පුරුද්දක් තිබුණා. ඒත් යුද්ධයෙන් සාමයට ගිය ජනතාව අකාර්යක්‍ෂමතාවයෙන් කාර්යක්‍ෂමතාවයට, විරැකියාවෙන් රුකියාවට, අපිරිසිදු කමෙන් පිරිසිදු කමට, යල්පැණ ගිය දේශයෙන් නවීන දෙයක් කරා යන්න බලාපොරොත්තු වෙනවා.
එදා ජීවිතය බේරා ගන්න ගමට බංකරයක්, තුවක්‌කුවක් ඉල්ලලා අනෙක් සියල්ල අමතක කළ ජනතාව යුද්ධය නිමා වුණාට පස්‌සේ විදුලිය, ජලය, නිවාස, සුපිරි මාර්ග, උසස් අධ්‍යාපනය පමණක් නොවෙයි ප්‍රජාතන්ත්‍රවාදී නීති ගරුක, පිරිසිදු, නූතන ලංකාවක් ගැන බලාපොරොත්තු වෙනවා. මට මතකයි මම කැබිතිගොල්ලෑවට ගිය වෙලාවේ එදා තමුන්නාන්සේලා මගෙන් ඉල්ලුවේ සාමය පමණයි.
ඒ නිසා 1948 නිදහස ලබාගෙන අඩ සිය වසක් තුළ ලබා ගත්තාට වඩා වැඩි ප්‍රතිලාභයක් මේ ත්‍රස්‌තවාදීන්ගෙන් නිදහස ලබා ගෙන ගෙවුනු වසර තුනක කාලය තුළ ජාතියට ලබාදෙන්න අපට පුළුවන්කම ලැබුණා. අද එදාට වඩා ආඩම්බරයෙන් මාතෘ භූමියේ සිතියම අඳින්න පුළුවන් වෙන තත්ත්වයට අපි රට ගොඩනගලා තියෙනවා.
“එහෙත් අප යා යුතු දුර තව බොහොම තිබෙනවා. අපි ලංකාවේ අලුතින් ගොඩනඟා තිබෙන යෝධ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිඵල මේ රටේ සියයට අසූවක් වුණු ග්‍රාමීය ජනතාව අතට පත් වෙමින් තිබෙන බව ඔබ දන්නවා. තව දුරටත් ඒ ප්‍රතිලාභ ජනතාව අතට යෑවීම බලාපොරොත්තුවක් විතරක් නොවෙයි. අභියෝගයක් විදිහටත් භාර ගන්නත් අපි සූදානම්.
අපි ගොඩ නගලා තියෙන යෝධ සංවර්ධනය ජාතික දියුණුවට යොදා ගන්න පුළුවන් වෙන්නේ නවීන විද්‍යාව, තාක්‍ෂණ, භාෂා දැනුමින් පිරුණු ලොව කා සමඟත් කරට කර ඉන්න පුළුවන් පුරවැසියන් ගොඩ නැඟුණොත් විතරයි.
එදා සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපන පනත ගෙනා වේලාවේ ඒකට පක්‍ෂව අත ඔසවපු එස්. ඒ. වික්‍රමසිංහ, ඇන්. ඇම්. පෙරේරා, බණ්‌ඩාරනායක, ඡේ. ආර්. ජයවර්ධන, බර්නාඩ් අලුවිහාරේ, ඒ. රත්නායකලා, දහනායකලා අතරේ ඩී. ඒ. රාජපක්‍ෂත් හිටියා. නිදහස් අධ්‍යාපනයට, නිදහස් සෞඛ්‍යයට එදා කැප වුණු අය වගේම තමයි අදත් මහින්ද චින්තනය කැප වෙලා තිබෙන්නේ. ජනතාවගේ ඒ අයිතීන් ආරක්‍ෂා කර ගන්න අපි බැඳිලා සිටිනවා කියලා අපි මේ අවස්‌ථාවේ සිහිපත් කරනවා. ඒ කිසිවක් මේ රටේ ජනතාවට අහිමි කරන්න අපි කාටවත් ඉඩ තියන්නේ නෑ. ලෝකයේ සිද්ධ වන ආර්ථික අර්බුද අපේ රටටත් බලපානවා. ලෝකයේ මොනවා හරි ආර්ථික අර්බුදයක් ඇති වුණහම ඒක අපිට බලපානවා. ඒත් ගමනැඟුම, දිවි නැඟුම වාගේ නිර්මාණාත්මක වැඩ පිළිවෙලින් සහ කෘෂිකර්මාන්තයේ යෝධ නැගිටීමක් සිදු වෙලා තිබෙන නිසා ලෝක ආහාර අර්බුදයට අපි හොඳින් මුහුණ දුන්නා කියලා මහ විශාල ගොවි ජනතාවක් ඉන්න අනුරාධපුරයේ ජනතාවට, මේ රටේ ජනතාවට අමුතුවෙන් කියන්න ඕන නැහැ. අපි ආහාර වලින් ස්‌වයංපෝෂිත වෙනවා වගේම ලෝකයට ආහාර ලබා දෙන්නත් අපි ශක්‌තිමත් බව තමුන්නාන්සේලා දන්නවා,
ඒ වගේම තමයි ලෝකයේ තෙල් මිල, ගෑස් මිල ඉහළ යැම් නිසා අපට මුහුණදීමට සිදුවන අර්බුද පිළිබඳ ජනතාව යථාර්ථය අවබෝධයෙන් සිටීමත් වැදගත්. මේ සියල්ල හමුවේ අපේ ශක්‌තිය ධෛර්ය ලොවට පෙන්වා දීමටත් අපි සූදානම් වෙන්න ඕනෑ. අපිට දෙපයින් සිටගෙන නිදහස් ස්‌වෛරී රාජ්‍යයක් හැටියට කටයුතු කළ හැක්‌කේ ආර්ථිකය ශක්‌තිමත් කර ආර්ථික නිදහසක් ලබා ගත්තොත් විතරයි. ත්‍රස්‌තවාදය පරාජය කිරීමට එකමුතුව කටයුතු කළා වගේම, කැප කිරීම් කළා වගේම එකතුවෙලා කටයුතු කළ යුතු වෙන යුගයක් මේක.
ත්‍රස්‌තවාදීන් ලංකාවට එරෙහිව පිටරටවල ඉඳන් කරන කුමන්ත්‍රණ, දැවැන්ත බොරු ප්‍රචාරක කටයුතු තවම ඉවර නෑ කියලා සැවොම දන්නවා. එතෙර එහෙම වෙනකොට මෙතෙර ඉන්න සමහර පිරිස් මාතෘ භූමිය අස්‌ථාවර කරන්න නොයෙක් දේ කරනවා. ලෝකයේ ඇතැම් රටවල සිදු වූ දේ ලංකාව තුළත් ඉටු කර ගන්න මේ අය බලාපොරොත්තු වෙනවා කියලයි මට හැඟෙන්නේ. මේ දෙගොල්ලම එකම පිරිසක්. ලංකාවේ කරන මේ සටන්වලට තෙලුත් වතුරත් ලැබෙන්නේ විදේශවල ක්‍රියාත්මක වන බෙදුම්වාදයෙන් බව නම් රහසක් නොවෙයි. මේ රට ත්‍රස්‌තවාදයෙන් මුදාගෙන ස්‌ථිර සාමයක්, ජාතීන් අතර සමගියක් ගොඩ නැගීමේ කාර්යභාරයේ අපි යෙදී සිටිනවා. මෙය පුද්ගලයකුට පක්‍ෂයකට පමණක් සීමා වූ කාර්යයක් නොවේ. අපි කාගේත් වගකීමක්.
මතක තබා ගන්න, මේක එක් කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නොවෙයි. විදේශාධාර ලබන ආත්මාර්ථකාමී කණ්‌ඩායම් තෘප්තිමත් කිරීමට උත්සාහ දැරීමෙන් රටට සෙතක් වන්නේ නැහැ. ඒ වගේම කිසිම ආකාරයක අන්තවාදී කණ්‌ඩායමක් කරන යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නෙත් නැහැ. මුළු රටටම පොදුවේ ගැලපෙන දැක්‌මක් පදනම් කරගෙන ස්‌ථිර සාමයක් සඳහා ප්‍රතිපත්ති සකසා ගැනීම කාලීන අවශ්‍යතාවයයි. මේ ජාතීන්ට වෙනම ප්‍රදේශ නැහැ, සියලු ජාතීන්ට මුළු රටම අයිතියි.
මේ ප්‍රශ්නයක් තියෙනවා කියනවා. මේ ප්‍රශ්නයට සියලු දෙනා වග කිව යුතු බව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම ප්‍රකාශ කරලා තියෙනවා අපි පත්කරපු හෘදය සාක්‍ෂියට එකඟව කටයුතු කරන කවුරුත් මේ ප්‍රකාශය ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසයි දැනටමත් මේ කොමිසමේ අඩංගු දේ ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරන්න අපි පටන් අරගෙන තිබෙන්නේ. මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ දෙසැම්බර් දාහත් වැනිදා. එදා ඉඳලා සති හයක තරම් සුළු කාලයක් තුළ මෙතරම් දුරට අපි විශාල ප්‍රමාණයක වැඩ කොටසක් අපි ක්‍රියාත්මක කරලා තිබෙනවා. නත්තල් නිවාඩු කාලයේත් මේ අය වැඩකළා.
විධායක බලය පාවිච්චි කිරීමෙන් මහජන මතයට එරෙහිව කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වගේම රටේ නීතියට, අධිකරණයේ ස්‌වාධීනත්වයට සහ යහපාලනය සඳහා අපි කැපවී සිටිනවා.
ශ්‍රී ලංකාව තමයි දීර්ඝම කාලයක් සර්ව ජන ඡන්දය අඛණ්‌ඩව ස්‌ත්‍රී පුරුෂ භේදයෙන් තොරව ක්‍රියාත්මක කළ ආසියානු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය. සර්වජන ඡන්ද බලයෙන් පමණක් ආණ්‌ඩු පෙරලන්න ආණ්‌ඩු පත් කරන්න තියෙන අයිතිය අපි ආරක්‍ෂා කරන්න බැඳී සිටිනවා. කුමන මුහුණුවරින් ආවත් ඒ අයිතිය උදුරාගන්න ඉඩ නොදීම අපි සියලු දෙනාගේම වගකීමක්. සියලු පක්‍ෂ, ජාති, ආගම් ඇතුළත් ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුව මේ ප්‍රශ්න විසඳීමට යෝජනා ගෙන ඒමට අපට තිබෙන උත්තරීතර ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය බව මා අමුතුවෙන් ඔබට මතක් කළ යුතු නැහැ කියලයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා ජාතික ප්‍රශ්නය වැනි ප්‍රශ්න විසඳීමට තිබෙන යාන්ත්‍රණය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව බව අපේ හැඟීමයි. ආනයනය කරන විසඳුම් වලට වඩා, විදේශ බලපෑම් යොදාගන්නවාට වඩා මේ තේරීම් කාරක සභාවට සහභාගි වෙලා රටේ ජනතා කැමැත්තට අනුව ප්‍රශ්න විස¹ ගැනීම සියලු පක්‍ෂවල යුතුකමක්.
ආදරණීය දරුවනි,
ජනතාව වෙනුවෙන් දැහැමින් සෙමෙන් අනාගතය කරා යන ගමනක් ආරම්භ කරලා තියෙනවා. ඒ ගමනේ මර්දනය, තර්ජන, බලපෑම් නෑ තිබෙන්නේ යහ පාලනය සහ යහපත් කළමනාකරණයයි. අද මේ රටේ තරුණයෝ ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් පන්සලට, කෝවිලට, පල්ලියට යමින් ජාතික ධජය පළඳවා ගෙන සිටින අයුරු මා දැක තිබෙනවා.
ඔබගේ හදවත ජාතික හැඟීමෙන්, දේශානුරාගයෙන් පිරුණු තැනක් බවට පත්වෙලා තියෙනවා කියලා මම දන්නවා. ඒ දේශානුරාගී හැඟීම මේ රටේ සියලු දෙනා එකට ජීවත් වෙන රටක් ගොඩ නැඟීමේ උත්තරීතර කාර්යයට දැන් යොමු කරන්න ඕනෑ.
අප යා යුතු මාවත, ප්‍රශ්න විස¹ ගත යුතු ආකාරය පිළිබඳව බුදු හාමුදුරුවන්ගේ බුදු වදනක් මට මතක් වෙනවා.
“අක්‌කෝ-ෙන / ජිනේ / කෝධං – අසාධුං / සාධුනා / ජිනෙ.
ඡ්නේ / කදරියං / දානෙන – සච්වෙන අලික-වාදිනං”
ක්‍රෝධ කරන්නාට ක්‍රෝධ නොකිරීමෙන් මෛත්‍රී කිරීමෙන් දිනිය යුතුය. අසත්පුරුෂයා සත්පුරුෂ කමින් දිනිය යුතුය. මසුරා – ත්‍යාගයෙන් දිනිය යුතුය. බොරු කියන්නා සත්‍යයෙන් දිනිය යුතුය.
මාතෘ භූමියේ නිදහස අර්ථවත් කර ගැනීමේදී අපි සියලු දෙනාට මේ යහපත් සිතුවිල්ල පහළ වේවාය· මම ඉත සිතින් ප්‍රාර්ථනා කරමි. ත්‍රස්‌තවාදීන් ලංකාවට එරෙහිව පිටරටවල ඉඳන් කරන කුමන්ත්‍රණ දැවැන්ත බොරු ප්‍රචාරක කටයුතු තවම ඉවර නෑ කියා දන්නවා.
එතෙර එහෙම වෙනකොට මෙතෙර ඉන්න සමහර පිරිස් මාතෘ භූමිය අස්‌ථාවර කරන්න නොයෙක් දේ කරමින් ලෝකයේ ඇතැම් රටවල සිදුවූ දේ ලංකාව තුළින් ඉටුකරගන්න බලාපොරොත්තු වන බවත් පැවැසීය. මේ ජාතීන්ට වෙනම ප්‍රදේශයක් නැති බවත් මේ රටම සියලුම ජාතීන්ට අයත් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය
පුංචි දුවේ පුතේ ක්‍රෝධ කරන්නාට ක්‍රෝධ නොකිරීමෙන් මෛත්‍රී කිරීමෙන් ඔහු අප දිනිය යුතුයමය
පුංචි දුවේ පුතේ අසත්පුරුෂයා සත්පුරුෂ කමින් දිනිය යුතුයමය
පුංචි දුවේ පුතේ මසුරා – ත්‍යාගයෙන්ම දිනිය යුතුයමය.
පුංචි දුවේ පුතේ බොරු කියන්නා සත්‍යයෙන්ම දිනිය යුතුයමය
නමුත්…..
පුංචි දුවේ පුතේ සතුරා රට දැය වනසන්නා හෝ රට ඇල්ලීමට මන බලන්නා සටනකින්ම දිනිය යුතුමය….
ඒ ඇයි කිවහොත් සතුරාගේ ඉල්ලීම් වල අවසානයක් නොමැති බැවිනි……
අප ජිවිතයෙන්ද ඔහු අවසානයේ වන්දිද ඉල්ලන බැවිනි….