ත්‍රස්‌තවාදය හා මහජන කැළඹීම් මැඬපැවැත්වීමට රටපුරා සක්‍රීය සේවයට සන්නද්ධ හමුදා කැඳවයි

Spread the News

ත්‍රස්‌තවාදය හා මහජන කැළඹීම් මැඬපැවැත්වීමට
රටපුරා සක්‍රීය සේවයට සන්නද්ධ හමුදා කැඳවයි

අජිත් අලහකෝන් සහ අකිත පෙරේරා source:

ත්‍රස්‌තවාදය හා යම් මහජන කැළඹීමක්‌ බලාත්මකවීම සහ මැඬපැවැත්වීම පිණිස දිවයිනේ සියලුම පරිපාලන දිස්‌ත්‍රික්‌ක තුළ සක්‍රිය සේවය සඳහා සන්නද්ධ හමුදාවල සියලු සාමාජිකයන් කැඳවන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඊයේ (10 වැනිදා) පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදී.

ජනාධිපතිවරයා විසින් එවන ලද එම නිවේදනය නියෝජ්‍ය කතානායක චන්දම වීරක්‌කොඩි මහතා විසින් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයට පත්කරන ලදී.

ජනාධිපතිවරයා විසින් එවන ලදුව නියෝජ්‍ය කතානායකවරයා විසින් ඉදිරිපත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

40 වැනි අධිකාරිය වූ මහජන ආරක්‍ෂක ආඥ පනතේ 12 වැනි වගන්තිය යටතේ නිකුත් කළ ප්‍රකාශනයේ මා විසින් ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල සියලු සාමාජිකයන් දිවයිනේ සියලුම පරිපාලන දිස්‌ත්‍රික්‌කවල සක්‍රිය සේවය සඳහා කැඳවන ලදී.

ඉහත කී ප්‍රකාශනය නිකුත් කිරීමට හේතුව ත්‍රස්‌තවාදය සහ යම් මහජන කැළඹීමක්‌ වැළැක්‌වීම සහ මැඬපැවැත්වීම පිණිස බව පාර්ලිමේන්තුව වෙත දන්වනු ලැබේ.