සංචාරක වීසා මත මඩකලපුවේ රැකියා කළ ඉන්දියානුවෝ 25 ක්‌ දැලේ 15 ක්‌ රටින් පිටුවහල් කෙරෙති

Spread the News

සංචාරක වීසා මත මඩකලපුවේ
රැකියා කළ ඉන්දියානුවෝ 25 ක්‌ දැලේ
15 ක්‌ රටින් පිටුවහල් කෙරෙති

හේමන්ත රන්දුණු
source:
සංචාරක වීසා බලපත්‍ර ලබාගෙන මඩකලපුව ප්‍රදේශයේ රැකියා කරමින් සිටි ඉන්දියන් ජාතිකයන් 25 දෙනකු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිසිය එක්‌ව කළ මෙහෙයුමකදී අත්අඩංගුවට පත්ව ඇත.

ඇතැම් ඉන්දීය ජාතිකයන් වසර 5 කට ආසන්න කාලයක සිට මේ ආකාරයට සංචාරක වීසා ලබාගෙන රැකියාවල් කර ඇති බව හෙළි වී තිබේ.

දින තුනක්‌ තිස්‌සේ කළ වැටලීම් වලදී මෙම ඉන්දියානු ජාතිකයන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර ඔවුන්ගෙන් පිරිසක්‌ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබිණි. තවත් පුද්ගලයන් 15 දෙනකු රටින් පිටුවහල් කිරීමට කටයුතු කරන බවද පොලිසිය පවසයි.

ඉන්දියාවෙන් ආනයනය කරන ගොයම් කපන යන්ත්‍රයක තාවකාලික ක්‍රියාකරුවන් ලෙස මෙම ඉන්දීය ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මීට වසර 5 කට පමණ උඩදීය. එසේ පැමිණි ඉන්දීය ජාතිකයන් ආපසු සියරටට නොගොස්‌ මේ ආකාරයට ශ්‍රී ලංකාවේම රැඳී සිටින බව පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

මේ ආකාරයට නීතිවිරෝධී අන්දමින් සිටින ඉන්දීය ජාතිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිගටම කරගෙන යන බවද පොලිසිය පවසයි.