Spread the News

ශවේන්ද්‍ර සිල්වා එක්‌සත් ජාතීන්ගේ සාමසාධක
උපදේශක කමිටුවෙන් ඉවත් කිරීම ගැන සොයනවා
– නියොමාල් පෙරේරා

අජිත් අලහකෝන් – ලසිත දුමින්ද source:

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ශවේන්ද්‍ර සිල්වා මහතා එක්‌සත් ජාතීන්ගේ සාමසාධක කටයුතු පිළිබඳ උපදේශක කමිටුවෙන් ඉවත් කිරීම පිළිබඳව සොයා බලන බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නියොමාල් පෙරේරා මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එපමණක්‌ නොව මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙනුවෙන් රජය පෙනී සිටින බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

ශවේන්ද්‍ර සිල්වා මහතා එක්‌සත් ජාතීන්ගේ සාමසාධක කටයුතු පිළිබඳ උපදේශක කමිටුවෙන් ඉවත් කිරීම පිළිබඳ රජයට කිව හැක්‌කේ කුමක්‌දැයි කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එජාප) දයාසිsරි ජයසේකර මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා එසේ කීය.

විදේශ තානාපති සේවයේ පළමු ලේකම් තනතුරට විදේශ සේවයෙන් පරිබාහිර නිලධාරීන් බඳවාගෙන නැතැයි කී නියෝජ්‍ය ඇමැතිවරයා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පළමු ලේකම්වරයකු නොවේ යෑයිද කීය.