Spread the News

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීන් ජිනීවා
ආවොත් වෙස්‌ මුහුණු ගලවනවා

කොටි විරෝධී අරුන් තම්බිමුත්තු කියයි

කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට

කොටි සමග එක්‌ව ක්‍රියාකළ ද්‍රවිඩ සන්ධාන නායකයෝ ජිනීවා පැමිණියහොත් ඔවුන්ගේ වෙස්‌ මුහුණු ගලවන බව මඩකලපු හිටපු මන්ත්‍රී සෑම් තම්බිමුත්තුගේ පුත් අරුන් තම්බිමුත්තු ඊයේ (26 දා) “දිවයින”ට පැවසීය. අරුන් තම්බිමුත්තු මෙන්ම බර්න් නගරයේ සිටින කොටි විරෝධී වීරයියා කාන්තන් පැවසුවේ ද්‍රවිඩ සන්ධානය යුද අපරාධවලට සම්බන්ධ බවට ලිපිගොනුත් තමා සතු බවය.

සම්පන්දන්ලා එනකන් මා බලා සිටිනවා. පසුගියදා සුරිච් නුවරට පැමිණි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු දෙදෙනෙක්‌ ප්‍රභාකරන්ගේ අවසාන ඉලක්‌කය සපුරා ගමු යෑයි පැවසුවා යෑයි හෙතෙම පළකළේය.

මේ අතර ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්පන්දන් ඇතුළු කණ්‌ඩායම ජිනීවා යැම ගැන මෙතෙක්‌ තීරණයක්‌ ගෙන නැත.