Spread the News

කොටි කෙරුමෝ ජිනීවා යති

source:

විදේශ රටවල වාසය කරමින් කොටි නායකයන් ලෙස පෙනී සිටින රුද්‍ර කුමාරන්, තෙදියවන් වැනි පුද්ගලයින් ජිනීවා නුවරට රැස්වී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් එ.ජා. මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරවීමට දැඩි පරිශ්‍රමයක යෙදී සිටින බවට තොරතුරු අනාවරණය වෙයි.

කොටි ක්‍රියාකාරකම් සඳහා අරමුදල් රැස් කරන විදේශගත කොටි හිතවාදීන් මේ වනවිට ජිනීවා නුවරට රැස්වී ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතා ව්‍යාපාර සංවිධානය කරමින් සිටින බවටත් දැන ගන්නට ඇත. ඔවුන් ඉන්දියාව සහ තවත් රටවල් ගණනාවකට බලපෑම් කරමින් එ.ජා. මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට සහය නො දෙන ලෙසට ව්‍යාපාරයක් ගෙන යමින් සිටින බවත් වාර්තා වෙයි. කොටි හිතවාදී විදෙස් රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව සිටින ශ්‍රී ලංකාවෙන් පලා ගිය මාධ්‍යවේදී කණ්ඩායමක් ද ඔවුන්ට සහාය දක්වන බවටත් සඳහන් වෙයි.

විදේශ රටවල සිටින කොටි හිතවාදීන් ජිනීවා මානව හිමිකම් සමුළුව ශ්‍රී ලංකාවට එරෙහි අන්තර්ජාතික පීඩනයක් ඇති කිරීමට මෙය අවස්ථාවක් කර ගැනීමට සැලසුම් සකස් කැර තිබුණේ වසරකට පමණ පෙර දී බවටත් තොරතුරු අනාවරණය වෙයි.