Spread the News

ඇමරිකානු යෝජනාවේ යටි අරමුණ
ශ්‍රී ලංකා රජය වෙනස්‌ කිරීම

– ජිනීවා නිත්‍ය නියෝජිතවරිය

කීර්ති වර්ණකුලසූරිය
source:
ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කළ යෝජනාවේ සැබෑ අරමුණ රජය වෙනස්‌ කිරීම යෑයි විදේශ තානාපතිවරු රැසක්‌ තමා වෙත හෙළි කළ බව ජිනීවා නිත්‍ය නියෝජිත තමාරා කුමානායගම් දිවයිනට පැවැසුවාය.

මේ ඇමරිකානු යෝජනාව ගෙන ආවේ ශ්‍රී ලංකාවේ සිංහල, ද්‍රවිඩ හා මුස්‌ලිම් ප්‍රජාවගේ මානව හිමිකම් රැකීමට නොවෙයි. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ආණ්‌ඩුව වෙනස්‌ කිරීම යෑයි ඇය තවදුරටත් කියා සිටියාය.

ඉරාකයේත්, යුගෝස්‌ලාවියාවේත්, ලිබියාවේ හා සිරියාවේත් අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම සඳහා මානව හිමිකම් ප්‍රශ්නය බටහිර රටවල් විසින් ඉදිරිපත් කර තිබෙනවා” යෑයි කුමානායගම් මහත්මිය පැවැසුවාය.

ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයට හා එහි කාර්ය මණ්‌ඩලයට වැටුප් ගෙවීමට හා එහි මානව හිමිකම් ව්‍යාපෘතිවලට අරමුදල් සපයන්නේත් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාව ගෙන ඒමට දායක වූ රටවල් යෑයි ද ඇය වැඩිදුරටත් පළ කළාය.