ආරක්‌ෂක අමාත්‍යාංශය චැනල් 4 නව වීඩියෝව මුළුමනින්ම ප්‍රතික්‌ෂේප කරනවා

Spread the News

ආරක්‌ෂක අමාත්‍යාංශය චැනල් 4
නව වීඩියෝව මුළුමනින්ම ප්‍රතික්‌ෂේප කරනවා

ලසිත දුමින්ද source:

බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව මගින් පෙරේදා (14 වැනිදා) විකාශය කළ පදනම් විරහිත එම නව වීඩියෝව මුළුමනින්ම ප්‍රතික්‌ෂේප කරන බව ආරක්‌ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි.

අවසන් යුද සමයේ සිදුවූවා යෑයි කියන මානව හිමිකම් උල්ලංඝනයන් පදනම් කරගනිමින් චැනල් 4 නාලිකාවේ මෙම නවතම වීඩියෝව කෙරෙහි ආරක්‌ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන බව ද ජාතික ආරක්‌ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂ්මන් හුළුගල්ල මහතා කියා සිටී.

ආරක්‌ෂක අමාත්‍යාංශය විසින් සකස්‌ කළ 2010 – 2012 වාර්තා චිත්‍රපටයේ කොටසකට අයත් සැබෑ රූපවලින් ශ්‍රී ලංකා රජය මගින් ප්‍රසිද්ධ කිරීමෙන් පසුව චැනල් 4 නාලිකාවට ඔවුන්ගේ පළමු වීඩියෝ පටයේ සත්‍යතාව තහවුරු කිරීමට නොහැකි විය.

මේ දිනවල ජිනීවා නුවර පැවැත්වෙන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව ඉලක්‌ක කරගෙන චැනල් 4 නාලිකාව ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කිරීම මෙම නවතම වීඩියෝවේ අරමුණ වී තිබෙන බව ද හෙතෙම පෙන්වා දෙයි.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම හමුවේ නිල වශයෙන් ඔවුන් සතු තොරතුරු ඉදිරිපත් කොට මානව හිමිකම් උල්ලංඝනයන්ට එරෙහිව අන්තර් ජාතික වශයෙන් පියවර ගැනීමට චැනල් 4 නාලිකාවට අවස්‌ථාව තිබුණත් ඒ වෙනුවට එම වීඩියෝ පටය විකාශය කළේ වගකිවයුතු ආයතනයක්‌ හමුවේ එහි සත්‍යතාව තහවුරු කිරීමට ඔවුනට ඇති නොහැකියාව ප්‍රදර්ශනය කරමින් බව ද ලක්‍ෂ්මන් හුළුගල්ලේ මහතා වැඩිදුරටත් කියා සිටී.

One thought on “ආරක්‌ෂක අමාත්‍යාංශය චැනල් 4 නව වීඩියෝව මුළුමනින්ම ප්‍රතික්‌ෂේප කරනවා

Comments are closed.