“ඇමරිකානු යෝජනාවට ඉන්දියාව පක්‍ෂවීම නින්දිත ක්‍රියාවක්‌”

Spread the News

“ඇමරිකානු යෝජනාවට
ඉන්දියාව පක්‍ෂවීම නින්දිත ක්‍රියාවක්‌”
– ඉන්දීය පුවත්පතක්‌ කියයි

source:
කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව විසින් ඇමරිකානු යෝජනාවට පක්‍ෂව ඡන්දය පාවිච්චි කිරීම නින්දිත ක්‍රියාවක්‌ යයි ඉන්දීයාවේ “ඩේලි පයනියර්” පුවත්පත ඊයේ ප්‍රකාශ කර ඇත.

කොටි සංවිධානය සිය යුද මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී මානව හිමිකම් ගැන සිතුවේ නැති බව දක්‌වන එම පුවත්පත මාඕවාදීන් ඉන්දියාව අස්‌ථාවර කිරීමට උත්සාහ කරන අවස්‌ථාවේ ඇමරිකානු යෝජනාවට පක්‍ෂවීමෙන් ඉන්දියාව අඥාන ක්‍රියාවක්‌ සිදුකර ඇතැයිද එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන චෝදනා එල්ල වූ ආකාරයටම ඉන්දියාවටද එම තත්ත්වයට මුහුණදීමට සිදුවන බව ඩේලි පයනියර් පුවත්පත කියා සිටී.

ඉන්දීය රජය විසින් ඇමරිකානු යෝජනාවට පක්‍ෂවීම ගැන ශ්‍රී ලංකාවට කනගාටුව පළකළ යුතු බව ද එම පුවත්පත දක්‌වයි.