ජිනීවා සමුළුව පසුබිමේ රහස්‌ වාර්තාවක්‌ ජනපතිට

Spread the News

ජිනීවා සමුළුව පසුබිමේ රහස්‌ වාර්තාවක්‌ ජනපතිට

කීර්ති වර්ණකුලසූරිය
source:
ජිනීවාහි මානව හිමිකම් සමුළුවට පසුබිමේ සිදුවූ තොරතුරු ඇතුළත් රහස්‌ වාර්තාවක්‌ එම සමුළුවට සහභාගි වූ තරුණ දේශපාලනඥයකු විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

මෙයට හේතුවී ඇත්තේ මුලතිව් රෝහලේ සේවය කළ ද්‍රවිඩ වෛද්‍යවරයකුට හා කොටි විරෝධී ද්‍රවිඩ නියෝජිතයන්ට නිසි පරිදි කොටි හිතවාදීන්ට ප්‍රතිචාර දැක්‌වීමට ඉඩ නොලැබීමය. ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය ප්‍රචාර දියත් කිරීමට කැනඩාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය යන රටවල සිට පැමිණි කොටි ක්‍රියාකාරීන්ට ඉඩ ලැබී තිබූ බව ශ්‍රී ලංකා රජය වෙත වාර්තා වී තිබිණි. මෙම ජිනීවා සමුළුවට කොටි විරෝධී ද්‍රවිඩ නියෝජිතයන් සිව්දෙනෙක්‌ සහභාගි වී ඇත.

ජනාධිපතිවරයා වෙත යොමු කළ මෙම වාර්තාවේ සියලු තොරතුරු හා නියෝජිතයන් මුහුණපෑ ප්‍රශ්න අන්තර්ගත වෙනවා යෑයි එම තරුණ දේශපාලනඥයා කියා සිටියේය.