උ/නැ ප්‍රදේශවල කප්පම් සහ අපරාධවලට සම්බන්ධ හිටපු කොටි දොස්‌තරගේ කොල්ල කල්ලිය අල්ලයි වට්‌ටක්‌කා ගෙඩියේ සැඟවූ බෝම්බයෙන් අපරාධ රැසක සුලමුල හෙළිවේ

Spread the News

උ/නැ ප්‍රදේශවල කප්පම් සහ අපරාධවලට සම්බන්ධ
හිටපු කොටි දොස්‌තරගේ කොල්ල කල්ලිය අල්ලයි
වට්‌ටක්‌කා ගෙඩියේ සැඟවූ බෝම්බයෙන් අපරාධ රැසක සුලමුල හෙළිවේ

හේමන්ත රන්දුණු සහ සමන් මල්ලවආරච්චි source:

උතුර නැගෙනහිර ප්‍රදේශවල විවිධ පුද්ගලයන්ගෙන් කප්පම් ගැනීම්, කොල්ලකෑම්, කොන්ත්‍රාත් ක්‍රමයට විවිධ අපරාධ සිදු කිරීම ඇතුළු චෝදනා රැසකට සම්බන්ධ කොටි සංවිධානයේ හිටපු වෛද්‍යවරයකු විසින් මෙහෙය වන ලද සන්නද්ධ කොල්ල කණ්‌ඩායමක්‌ ත්‍රිකුණාමලය විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සංවිධානාත්මක කණ්‌ඩායමට සම්බන්ධ පුද්ගලයන් හයදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස්‌ කොස්‌තාපල්වරයකු ද ඒ අතර සිටින බවත් පොලිසිය පවසයි.

මෙම සංවිධානාත්මක කල්ලිය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්ගේ සහ රජයේ උසස්‌ නිලධාරීන්ගේ රබර් මුද්‍රd ව්‍යාජ ලෙස සකස්‌ කරගෙන රජයෙන් නිකුත් කරන විවිධ සහතික ව්‍යාජ ලෙස මුද්‍රණය කරමින් අති විශාල මුදලක්‌ උපයා ඇති බව ද අනාවරණය වී තිබේ.

මොවුන් සතුව තිබී පිස්‌තෝල උණ්‌ඩ, දුරදක්‌න, පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පාවිච්චි කරන නිල ඇඳුම්, මිලිමීටර් 5 උණ්‌ඩ, පොලිසිය නිකුත් කරන විවිධ ලිපිලේඛන, උසස්‌ පොලිස්‌ නිලධාරීන් රැසකගේ ව්‍යාජ රබර් මුද්‍රd ඇතුළු තවත් ලියකියවිලි රැසක්‌ද සොයාගෙන ඇත.

මෙම සංවිධානාත්මක කල්ලිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය නගරයේ එළවළු ව්‍යාපාරිකයකු ආයුධ ගනුදෙනුවක සිටින බවට ඒත්තු ගන්වා ඔහු පොලිසියට අල්ලා දීමට උත්සාහ කළ අවස්‌ථාවේදීය.

එළවළු ව්‍යාපාරිකයාට අයත් වෙළෙඳසලක තිබූ වට්‌ටක්‌කා ගෙඩියක්‌ තුළ අත්බෝම්බ 2 ක්‌ සහ ජොනි බෝම්බ දෙකක්‌ සඟවා ඒ පිළිබඳව මෙම සංවිධානාත්මක කල්ලිය පොලිසියට දැනුම් දීමක්‌ කර තිබිණි.

පොලිස්‌ හදිසි ඇමතුම් ඒකකයේ 119 වෙත ලැබුණු තොරතුරක්‌ අනුව පොලිස්‌ කණ්‌ඩායමක්‌ එම ව්‍යාපාරිකයාගේ වෙළෙඳසල වටලා අදාළ වට්‌ටක්‌කා ගෙඩිය පොලිස්‌ භාරයට ගෙන පරීක්‍ෂා කරද්දී එහි තිබී අවි ආයුධ හමුවී ඇත.

මෙම ආයුධ සැඟවීම සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සැලසුමක්‌ බව නොදැන සිටි පොලිසිය ඒ පිළිබඳව පරීක්‍ෂණයක්‌ ආරම්භ කරන ලදී.

අවසානයේදී හෙළි වූයේ මෙම එළවළු ව්‍යාපාරිකයා අහිංසකයකු බවත් සංවිධානාත්මක කල්ලිය වෙනත් අයකුගෙන් ලබාගත් කොන්ත්‍රාත්තුවක්‌ මත ව්‍යාපාරිකයා අමාරුවේ දැමීමට වට්‌ටක්‌කා ගෙඩියක බෝම්බ කීපයක්‌ සඟවා තැබූ බවත්ය.

පසුව විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ කළ වැටලීමකදී අදාළ කොල්ල කණ්‌ඩායමට සම්බන්ධ පුද්ගලයන් 6 දෙනාම අත්අඩංගුවට ගැනීමට හැකි විය.

සැකකරුවන් අධිකරණය වෙත අද (28 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතය. මොවුන් සිදු කළ අපරාධ රැසක තොරතුරු මේ වන විට හෙළිවී ඇති බවද පොලිසිය පවසයි.

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ජගත් අබේසිරි ගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍යලංකාර, පොලිස්‌ අධිකාරී බන්ධුල විඡේවර්ධන, සහකාර පොලිස්‌ අධිකාරී ප්‍රේමශාන්ත මහත්වරුන්ගේ උපදෙස්‌ මත විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පවත්වාගෙන යයි.