සුඩානය මෙන් ශ්‍රී ලංකාව ද දෙකඩ කරන්න යෑයි කොටි හිලරි ක්‌ලින්ටන්ගෙන් ඉල්ලති

Spread the News

සුඩානය මෙන් ශ්‍රී ලංකාව ද දෙකඩ
කරන්න යෑයි කොටි හිලරි ක්‌ලින්ටන්ගෙන් ඉල්ලති  
source:


* කොටි හිතවාදීහු මානව හිමිකම් ආරක්‍ෂාකයන්ගේ වෙස්‌ ගනී

* ලෙබනනයේ සිට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට
රහස්‌ සංදේශ විශාල ලෙස යෑවූ මිචෙල් සිසන් ශ්‍රී ලංකාවේ
නව ඇමරිකානු තානාපතිනිය ලෙස පත් කෙරේ

* හිටපු ආරක්‍ෂක නිලධාරියකුත් රහස්‌ වාර්තා යවන්නේ නම් කුමන කතාද?

* කොටි සංවිධානය – 2 දැකිය හැකි යයි ඉන්දීය මාධ්‍යවේදිනියක්‌ කියා සිටී

* යුද අපරාධවලට සම්බන්ධ වූවන් එකා බැගින් අල්ලනවා
– කොටින්ගේ අතිජාත මිත්‍රයා වූ එරික්‌ සෝල්හයිම් පවසයි

* ඇමරිකානුවන් පසුපස සිටි පාර්ශ්වයන් හෙළිවේ

* ද්‍රවිඩයන් 70000 ක්‌ මැරුවා යෑයි ඔබාමා වෙනුවෙන් ද්‍රවිඩයන්
සංවිධානය හිලරි ක්‌ලින්ටන්ට පෙත්සමක්‌ යවයි

* ශ්‍රී ලංකාව වෙනස්‌ විය යුතු යෑයි යුරෝපයේ
ශ්‍රී ලංකා තානාපතිවරයෙකගෙන් බරපතළ ප්‍රකාශයක්‌

“කොටින්ට හා එන්.ජී.ඕ. කණ්‌ඩායම්වලට නෝර්වේ වෙතින්
පියල් මිලියන 1800 කට වඩා මුදල් ලැබුණා”
– 2011 මාර්තු ආරක්‍ෂක විශේෂාංගය

“එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ට අත නොතබනු”
– මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ

ලොව අතිශයින්ම ලාබදායක කර්මාන්තය මානව හිමිකම් වෙළෙදාමයි
– අයර්ලන්ත දේශපාලක ජේම්ස්‌ ටි්‍රම්බල්


මානව හිමිකම් ආරක්‍ෂකයකුගේ වෙස්‌ගත් හිටපු කැරලිකරුවකු වූ නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් ජිනීවාහිදී පැවැත්වූ විරෝධතාවයට හොරෙන් ඇතුළු වී ඡායාරූප ගැනීමේදී ස්‌විස්‌ පොලිසියට අසුවූ අවස්‌ථාව ඡායාරූප – ඇල්බර්ටෝ සාලිස්‌ (මිලාන්)


රහස්‌ ලියවිලි යෑවීම ගැන නම් දැරූ මිචෙලි සිස්‌සන් ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය වී.

නොර්වේ පාර්ලිමේන්තුව ඉදිරියේ ශ්‍රී ලාංකික විරෝධතාව

ජිනීවාහිදී කොටි සර්පයන්ගෙන් බේරීමට ස්‌විස්‌ පොලිස්‌ ආරක්‍ෂක යටතේ සිටි ඩග්ලස්‌ දේවානන්ද

එක්‌ සර්පයෙක්‌ තවත් සර්පයෙක්‌ ගැන දන්නා බව ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස්‌ දේවානන්ද විසින් පවසා තිබිණි. ඒ නිසාම ජිනීවාහිදී සර්පයන්ගෙන් ආරක්‍ෂාවීම සඳහා ස්‌විස්‌ පොලිසිය විසින් ඔහුට ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනකු සපයනු ලැබීය.

ජිනීවා වෙත කොටි සර්පයන් පැමිණි බවද දේවානන්ද දැන සිටියේය. එහෙත් මේ විෂ ඝෝර සර්පයන් ජිනීවාහිදී මතු වූයේ මානව හිමිකම් ආරක්‍ෂකයන් මුවාවෙනි.

1971 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී රජය ආයුධ බලයෙන් පෙරළා දැමීමට උත්සාහ කළ කැරලි කණ්‌ඩායමේ එක්‌ චූදිතයකු වූ සුනන්ද දේශප්‍රිය නොහොත් රංජි මල්ලී ද එවැන්නෙකි. මාංචු සහිතව කොළඹ තුන්මුල්ලේ අපරාධ යුක්‌ති විනිශ්චය අධිකරණය වෙත මොහු සහ ඔහුගේ අනුගාමිකයන්ව ගෙන යන අයුරු අපි කීපවිටක්‌ම දුටුවෙමු. ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව විසින් කොටි හඬ ගුවන්විදුලියට බෝම්බ දමා විනාශ කළ අවස්‌ථාවේ එය හෙළාදකිමින් ප්‍රකාශයක්‌ කළේ ද මොහුයි. මෙවන් කොටි හිතවාදී පසුබිමක්‌ ඇති මේ එන්.ජී.ඕ. ක්‍රියාකාරියා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී පෙනී සිටියේ කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා වූ වී. කිරුබාහරන් සමගය. (කැනඩා රහස්‌ පොලිස්‌ වාර්තාවේ කිරුබාහරන් කවුද යෑයි හෙළි කර ඇත. එම වාර්තාව අප සතුව ඇත.)

මෙරට කිසිම ජාතික පුවත්පතක සේවය කර නැති මේ හිටපු ත්‍රස්‌තවාදියා ජාත්‍යන්තර මාධ්‍ය ක්‍ෂේත්‍රය හමුවේ පෙනී සිටින්නේ මාධ්‍ය ලේබලය යටතේයි.

ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන අවස්‌ථාවේ විදෙස්‌ ගත ශ්‍රී ලාංකිකයන් විසින් එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේදී ඇමරිකානු යෝජනාවට එරෙහිව විරෝධතා පවත්වන අවස්‌ථාවේ මේ හිටපු කැරලිකරුවා ඉතා සූක්‍ෂම ලෙස විරෝධතාකරුවකු මෙන් ඊට ඇතුළුවී ඡායාරූප ගනිද්දී ඉතාලියේ මිලානෝ සිට පැමිණ ශ්‍රී ලාංකිකයකු වූ ආනන්ද විසින් හඳුනා ගනු ලැබීය.

මෙය තක්‌කඩි ක්‍රියාවකි. එහෙත් අප විසින් කොටින්ගේ ඡායාරූප ගනු ලැබුවේ ප්‍රසිද්ධියේ මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවකදීයි. එසේ වුවත් මේ හිටපු කැරලිකරුවා මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ වෙත පැමිණිලි කර ඇතැයි වාර්තා විය. එහෙත් කොටි ඝාතකයන් හා එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් ගැන දැක්‌වෙන තොරතුරු හෙළි කිරීම නවි පිල්ලේට වැළැක්‌විය හැකිද? අද අපි පළ කරන්නේ හිටපු කැරලිකරුවා ජිනීවාහිදී රඟ දැක්‌වූ නාටකයේ ඡායාරූපයි. ඒ ගැන නවි පිල්ලේට පැමිණිලි කරන ලෙස කියා සිටින්නෙමු.

මේ මානව හිමිකම් කවුන්සිලය කරන දේ ගැන ලැජ්ජා විය යුතු යෑයි මෙයට දින කීපයකට පෙර ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේය.

නවි පිල්ලේ විසින් එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ට අත නොතබනු යෑයි ශ්‍රී ලංකාවට පවසද්දී ඉන්දීය රජය පැවසුවේ ඇමරිකානු හා ස්‌කැන්ඩිනේවියානු රටවල් විසින් අරමුදල් සපයන එන්.ජී.ඕ. දෙකක්‌ ගැන ඉන්දීය රහස්‌ පොලිසිය පරීක්‍ෂා කරන බවයි.

මේ අතර රජය ඇමරිකානු යෝජනාවට බියවී උගත් පාඩම් කොමිසමේ සියලු නිර්දේශ ක්‍රියාත්මක කරනු ඇතැයි මෙරට එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් සහ කොටි හිතවාදී මාධ්‍ය පාර්ශ්වයන් දැඩි ලෙස විශ්වාස කළේය.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා වික්‌ටෝරියා හුලන්ඩ් ද තර්ජනාත්මක ස්‌වරූපයෙන් ප්‍රකාශයක්‌ කරමින් අපි මාස ගණනක්‌ බලා සිටියා. දැන් වහාම එම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරනු යෑයි රජය වෙත කියා සිටියේය. මේ උගත් පාඩම් කොමිසම මෙරට ජනතාව ඉල්ලා සිටී. දෙයක්‌ නොවේ. එය රජය තුළට ඇතුළුවී සිටින ඇමරිකානු සහ එන්.ජී.ඕ. කේවට්‌ටයන් විසින් දියත් කළ ක්‍රමවේදයකි. අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය විසින් සිදු කළ බිහිසුණු අපරාධ වසන් කර ගැනීම සඳහා ඩෙස්‌මන් ටුටු අගරදගුරුගේ ප්‍රධානත්වයෙන් සත්‍ය සෙවීමේ කොමිසම නමින් කොමිසමක්‌ පත්විය. එවන් කොමිසමක්‌ දියත් කළ යුතු යෑයි මාධ්‍ය ලවා ප්‍රචාරය කළේ කොළඹ ප්‍රධාන සාම වෙළෙන්දා සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු නිලධාරියෙකි.

මේ හිටපු නිලධාරියා තවමත් විදේශ රටක්‌ සඳහා රහස්‌ වාර්තා යවන අතර වහසි බස්‌ පවා දොඩයි. ඔහු යෑවූ එක්‌ වාර්තාවක මෙලෙස සඳහන් විය. ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන් සඳහා ශ්‍රී ලංකා රජය හැකි තරම් ඉටු කර නොතිබීම ගැන අවධානය යොමුවී තිබිණි.

ඔහුගේ තවත් වාර්තාවක සඳහන් වූයේ ඉන්දීය බුද්ධි අංශ ආරංචි මාර්ග පැවසුවා යනුවෙනි.

මෙයට මාස ගණනකට පෙර මොහු ඉන්දීය මහකොමසාරිස්‌ කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානියාගේ නික්‌ම යැමේ සාදයට පැමිණ සිටි බවද හෙළි විය. මෙවන් පසුබිමක්‌ යටතේ ඉන්දීය මාධ්‍යවේදිනියක්‌ වූ ඉන්ද්‍රdණි බැන්රීච් නමැත්තිය ප්‍රකාශයක්‌ කරමින් කාලය අපතේ ලබන්නේ නැතිව වාර්ගික සහජීවනය උදෙසා අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්‌කරණ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රාජපක්‍ෂ අපොහොසත් වන්නේ නම් වසර කීපයකට පසු ඔහුට කොටි සංවිධානය – 2.0 කෙරේ බැලිය හැකි යෑයි පවසා ඇත.
ඇය මේ ප්‍රකාශය කර පැය 48 ක්‌ ගතවීමට පෙර ඉන්දීය ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ හමුදා උපදේශක විශ්‍රාමික ලුතිනන් ජනරාල් ප්‍රකාශ් මෙනන් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකානු යෝජනාවට පක්‍ෂවීම ගැන වමාරනු ලැබීය. ශ්‍රී ලංකාව අපට දුන් ප්‍රතිඥව ඉටු කළේ නැහැ. එසේම අවශ දේ කළේ නැහැ. අපේ හඬ යොමුවූයේ එම මාර්ගය කෙරෙයි”යෑයි මදුරාසි විශ්වවිද්‍යාලයේ පැවැති ඉන්දීය ආරක්‍ෂාවට එරෙහි අභියෝග නමැති සමුළුව අමතා ඔහු කියා සිටියේය.

මේ විශ්‍රාමික හමුදා නිලධාරියා ඉන් කියා සිටියේ පොලිස්‌, ඉඩම් බලතල ඇතුළු 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට බලතල උතුරු නැගෙනහිරට දිය යුතු බවත් එකී ඉල්ලීම ශ්‍රී ලංකාව ඉටු කර නැති බවයි.

එහෙත් ඉන්දියාවේ ඩේලි පයනියර් පුවත්පත ඉන්දියාව සිදු කළේ ලැ-ජා සහගත ක්‍රියාවක්‌ යෑයි චෝදනා කරමින් මාඕවාදීන් ඉන්දියාවේ ආරක්‍ෂාවට තර්ජනයක්‌ එල්ල කර ඇති අවස්‌ථාවක මානව හිමිකම් ප්‍රශ්නය මතු වුවහොත් ඉන්දියාව ද බරපතළ ප්‍රශ්නයකට මුහුණපාන බව කියා සිටියේය.

පයනියර් පුවත්පත මේ ප්‍රකාශය කර පැය 24 කට පසු ඉන්දියාවේ නැගෙනහිර මහාරාෂ්ට්‍ර ප්‍රදේශයේදී මාඕවාදීන්ගේ බිම්බෝම්බයකට ගොදුරු වී පොලිස්‌ භටයන් 15 ක්‌ ජීවිතක්‍ෂයට පත්විය.

එම ප්‍රදේශයේ ස්‌වදේශ රාජ්‍ය ඇමැති අශෝක්‌ ප්‍රකාශයක්‌ කරමින් මාඕවාදීන්ට ශ්‍රී ලංකාවේ කණ්‌ඩායමක්‌ ද (හිටපු කොටි) සහාය වන බව හෙළි කළේය.

මේ අතර ඇමරිකානු රජය සිය තානාපති උපාය මාර්ගික සැලැස්‌මට අනුව චෙන්නායිහි ඇමරිකානු කොන්සල් ලෙස කටයුතු කළ මිචෙල් සිසන් මෙරට තානාපතිනිය ලෙස පත් කර ඇත. ඇය ලෙබනනයේ තානාපතිනිය ලෙස ද සේවය කර තිබේ. ලෙබනනයේදී ඇය එරට අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් බරපතළ ලෙස මැදිහත්වී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වෙත රහස්‌ ලියවිලි රැසක්‌ යවා ඇත.

මේ නිසා බරක්‌ ඔබාමා මෙරට නව ඇමරිකානු තානාපතිනිය ලෙස එවා ඇත්තේ එසේ මෙසේ කාන්තාවක්‌ නොවන බව සනාථ වේ.

ඇමරිකාව විසින් තානාපතිනියක්‌ මුවාවෙන් මෙරට එවා ඇත්තේ අභ්‍යන්තර කටයුතු ගැන සොයන තවත් නිලධාරිනියකි. මේ අතර ඇමරිකානු යෝජනාව පසුබිමේ සිටින පාර්ශ්වයන් දැන් තමන් කළේ වීර ක්‍රියාවක්‌ යෑයි සිතමින් ඊට අදාළ තොරතුරු හෙළි කරමින් සිටී. මෙම සතියේ දිනෙක චෙන්නායි නගරයේ සිට පළ වන හින්දු පුවත්පතට ප්‍රකාශයක්‌ කළ ද්‍රවිඩ සන්ධාන නවක දේශපාලයකු වූ සුමන්තිරන් මෙලෙස පවසා ඇත. “පසුගිය ඔක්‌තෝබර් මාසයේත්, මේ වසරේ ජනවාරි මාසයේත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කළ ඇරයුම මත අපි ඇමරිකාවට ගොස්‌ සාකච්ඡා කළා මේ යෝජනාව අපගේ උත්සාහයේ ප්‍රතිඵලයක්‌. මේ කාලය තුළ ඇමරිකාව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධව අනුගමනය කළ පිළිවෙත වෙනස්‌ කළා. එහිදී තීරණය වුණා යම් බලපෑමක්‌ නොකර ශ්‍රී ලංකා රජය කිසිදු දෙයක්‌ කරන්නේ නැතැයි කියා. (ඔයෑ රුsදකමඑසදබ ආs එයෑ රුsමකඑ දෙ එයදිe eදෛරඑsග ඔයෑ ඹී රුdeසෙබැd සඑs ඡදකසජහ එආරාs Sරස ඛ්බන් සබ එයසි චැරසදාග ෂඑ deජසාed එය්එ එයෑ Sඛ ඨදඩඑ සි බදඑ ටදසබට එද dද aබහඑයසබට මබකැss sදපැ චරුssමරු සි eංeරජසිed)

සුමන්තිරන්ගේ මෙම ප්‍රකාශයෙන් දින දෙකකට පසු ඉන්දීය වෙබ් අඩවියක පළවූ වාර්තාවකින් ඇමරිකානු යෝජනාවට උරදුන් තවත් තොරතුරු එළි විය.

මේ එම වාර්තාවයි.

“ශ්‍රී ලංකාවේ කාන්තා හිමිකම් ක්‍රියාකාරීනියක්‌ වූ සිතාරා පීරිස්‌ දකින්නේ මේ යෝජනාව මුල් පියවර බවයි. අපි හැම දෙනාම විශ්වාස කරන්නේ මේ ඇමරිකානු යෝජනාවෙන් වගකීම් ක්‍රියාදාමය ගැන ආරම්භ වන බවයි.”

එසේම මෙම ඉන්දීය වෙබ් අඩවිය තවදුරටත් පැවසුවේ 2012 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් උතුරු නැගෙනහිර කාන්තා ජාලය විසින් එක්‌සත් ජාතීන්ගෙන් ඉල්ලීමක්‌ කරමින් වගකීම් (එල්ලවී ඇති යුද අපරාධ චෝදනා) සම්බන්ධව පියවරක්‌ ගන්නැයි සඳහන් කර ඇති බවයි.

එහෙත් මේ කිසිම කාන්තා ජාලයක්‌ ප්‍රභාකරන් බිහිසුණු අපරාධ කරද්දී කට ඇරියේ නැත. සතුරන් ක්‍රියාත්මක වන්නේ ජිනීවා සිට නොව මෙරට සිට බව රජය දැන්වත් තේරුම්ගත යුතුය.

මේ අතර කොටින්ගේ අතිජාත මිත්‍රයා වූ එරික්‌ සෝල්හයිම් සැබෑ ස්‌වරූපය යළිත් පිළිබිඹු කළේය. පසුගිය සිකුරාදා ඔහු නෝර්වේහි ආප්ටන්පෝස්‌ටන් පුවත්පතට ප්‍රකාශයක්‌ කරමින් ඇමරිකානු යෝජනාව මුල් පියවර යෑයි කීවේය. ද්‍රවිඩ ඩයස්‌පෝරාවේ එකම පැතුම යුද අපරාධවලට වගකිවයුතු සියලුම නායකයන්ව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙනඒම බවත් හෙතෙම තවදුරටත් පළ කළේය. “යුද අපරාධවලට සම්බන්ධ වූවන්ට ගැලවිය නොහැකියි. යම් දිනෙක ඔවුන්ට දඬුවම් ලැබෙනවා. මේ නිසා එකා බැගින් ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන එන බවට මා ප්‍රතිඥ දෙනවා”යෑයි සෝල්හයිම් පවසා ඇත.

එහෙත් කොටි අපරාධ අනුමත කර කොටින්ට සහාය දැක්‌වූ එරික්‌ සෝල්හයිම්ව මුලින්ම ජාත්‍යන්තර අධිකරණයට ගෙන ආ යුතුය. ශ්‍රී ලංකාවේ 2/3 ක්‌ ප්‍රභාකරන් ඝාතකයාට පවරාදීමට අපමණ උත්සාහයක්‌ ගත් සෝල්හයිම්ගේ මේ ප්‍රකාශයට සමගාමීව දකුණු අප්‍රිකාවේ සිට ක්‍රියාත්මක වන එල්ඩර්ස්‌ කණ්‌ඩායම නමැති එන්.ජී.ඕ. සංවිධානය ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකා රජය ඇමරිකානු යෝජනාව ක්‍රියාත්මක නොකළහොත් තවත් යෝජනාවක්‌ ගෙනඒමට ඉඩ ඇතැයි පවසා ඇත. මේ ප්‍රකාශය කර ඇත්තේ කොටි රූකඩය වූ බී.බී.සී. සිංහල සේවයටයි. මේ පසුබිම යටතේ මෙරට එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් මෙහෙය වන වෙබ් අඩවියක්‌ ඇමරිකානු යෝජනාවට එරෙහිව විරෝධතා දැක්‌වූ ශ්‍රී ලාංකිකයන්ට අවමන් කරමින් එම යෝජනාව ඡන්ද 24 කින් ජයගත් බවත් දෙවිවරු ඉල්ලීම්වලට සවන් දුන්නේ නැතැයි සඳහන් කර තිබේ.

මේ අතර ජිනීවාහිදී සිදුවන්නේ කුමක්‌ද යන්න යුරෝපයේ තවත් ශ්‍රී ලාංකික තානාපති නිලධාරියකු නිරතුරුවම බලා සිටි බව වාර්තා විය. ඊට අදාළව දුරකථන සංවාද රැසක්‌ ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා හුවමාරු වී ඇත.

ජිනීවාහිදී ඇමරිකාව විසින් සම්මත කරගත් යෝජනාව සම්බන්ධව රජය බරපතළ ලෙස අවධානය යොමු කළ යුතු යෑයි මේ තානාපති නිලධාරියා රජයට කේවට්‌ට උපදෙස්‌ දෙමින් පවසා තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි වූ ඇමරිකානු යෝජනාවේ පසුබිමේ සිටින්නේ රොබට්‌ බ්ලේක්‌ ෙද්‍රdaහියා බව තවදුරටත් සනාථ විය. ජිනීවාහි මානව හිමිකම් සමුළුව ආරම්භ වී දින කීපයකට පසු රොබට්‌ බ්ලේක්‌ විසින් ටැමිල් ෙµda ඔබාමා නමැති “කොටි හිතවාදී සංවිධානයේ නියෝජිතයන්ව රාජ්‍ය දෙපාර්තමේන්තුවට ගෙන්වා රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වනු ලැබීය. මෙහිදී එම කොටි නියෝජිතයෝ බ්ලේක්‌ වෙත සංදේශයක්‌ යොමු කරමින් ශ්‍රී ලංකාව දෙකඩ කර ඊළාම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා ජනමත විචාරණයක්‌ පැවැත්වීමට ක්‍රියා කරන්නැයි ඉල්ලා ඇත. එම ඉල්ලීමේ පිටපතක්‌ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්‌ලින්ටන්ට ද භාර දෙන ලෙස එකී කොටි නියෝජිතයෝ බ්ලේක්‌ වෙත පවසා තිබේ. සුඩානය දෙකඩ කර තවත් රටක්‌ බිහි කළ ක්‍රමවේදයම ශ්‍රී ලංකාවේදී ක්‍රියාත්මක කරන්නැයි එම සංදේශයේ දක්‌වා ඇත. මේ සංදේශයේ ද්‍රවිඩයන් හා ද්‍රවිඩයන් නොවන බව කියන පුද්ගලයන් 31000 ක්‌ අත්සන් කර තිබූ බව වාර්තා විය.

අපි රොබට්‌ බ්ලේක්‌ වෙත ලබාදුන් සංදේශයේ 2 වැනි පිටපත ඔහු තම නිලධාරියකු ලවා හිලරි ක්‌ලින්ටන් වෙත යෑවීමට ක්‍රියා කළා යෑයි ටැමිල්ස්‌ ෙµda ඔබාමා නමැති කොටි හිතවාදී සංවිධානය විසින් හෙළි කර ඇත.

පසුගිය පෙබරවාරි 29 වැනිදා බ්ලේක්‌ හා කොටි හිතවාදීන් අතර පැවැති මෙම රහස්‌ සාකච්ඡාවෙන් ඇමරිකානු යෝජනාව පසුපස ඇත්තේ ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ රහස්‌ සැලැස්‌මක්‌ බව සනාථ වේ.

ඒ සඳහා රජය වෙනස්‌ කර කොන්දක්‌ නැති ජනාධිපතිවරයකු හා ත්‍රස්‌තවාදීන්ට “මචං” යෑයි ආමන්ත්‍රණය කරන ආරක්‍ෂක ලේකම්වරයකු පත්කර ගැනීම ඇමරිකාවේ අරමුණ බව පැහැදිලිය.

මේ අතර ජිනීවා මානව හිමිකම් සමුළුවට අනුබද්ධව ශ්‍රී ලංකාව පැවැත්වූ සමුළුවකදී කොටි විරෝධීන්ට තව දේශන පැවැත්වීමට නිසි ලෙස ඉඩ නොලැබීම සම්බන්ධව රජයේ බලධාරීන්ට වාර්තා විය.

මේ අතර කැනඩාවේ ලොයර් රයිට්‌ වොච් නමැති එන්.ජී.ඕ. සංවිධානය විධායක අධ්‍යක්‍ෂක යෑයි කියන ෙ-. එල්. ඩේවිට්‌සන් නමැත්තා දිනයක්‌ රහිත සංදේශයක්‌ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යවමින් ජිනීවාහිදී එන්.ජී.ඕ. කල්ලිය ගැන විමර්ශනයක්‌ සිදුවූයේ කෙසේද යන්න ගැන සොයා බලන්නැයි ඉල්ලීමක්‌ කර ඇත. මේ සංදේශයේ පිටපත සකස්‌ වී ඇත්තේ ද එම එන්.ජී.ඕ. කල්ලියෙන් යෑයි සනාථ විය. මෙකී ලෝයර්ස්‌ රයිට්‌ වොච් නමැති සංවිධානය නියෝජනය කරමින් ජිනීවා වෙත පැමිණියේ ගැරී ආනන්ද සංගරී නමැති කොටි හිතවාදියායි.

මේ අතර යුරෝපා රටක ශ්‍රී ලංකා තානාපති නිලධාරියකු විසින් ශ්‍රී ලංකාව වෙනස්‌වීමකට ලක්‌විය යුතු බවට බරපතළ ප්‍රකාශයක්‌ කර ඇත. කොටින්ට එරෙහිව යුද්ධ මෙහෙයුමක්‌ දියත් කර ඔවුන්ව විනාශ කළ යුතු බව කිසි විටෙක නොපැවසූ මේ තානාපති නිලධාරියා ශ්‍රී ලංකාව මියන්මාරයෙන් පාඩම් ඉගෙනගත යුතු බවද සඳහන් කර තිබේ. මොහු මේ පවසන්නේ ඇමරිකාවට හා බටහිර රටවලට අවශ්‍ය ලෙස ශ්‍රී ලංකාවේ පාලනය වෙනස්‌ විය යුතුයි කියාද? මොහුගේ මේ ප්‍රකාශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාදාමය මියන්මාරයට සම කර ඇති බව රජයේ බලධාරීහු අවබෝධ කරගත යුතුය.

කීර්ති වර්ණකුලසූරිය