තමිල්නාඩුවේ කඳවුරු තුනක අවි පුහුණුව ලැබූ ත්‍රස්‌තවාදීන් 150ක් උ/නැගෙනහිර හැංගිලා

Spread the News

තමිල්නාඩුවේ කඳවුරු තුනක අවි පුහුණුව ලැබූ
ත්‍රස්‌තවාදීන් 150ක් උ/නැගෙනහිර හැංගිලා
source:
ධීවරයන් ලෙස බෝට්‌ටු මගින් ශ්‍රී ලංකාවට ඇවිත්

හේමන්ත රන්දුණු සහ ත්‍රිකුණාමලය – සමන් මල්ලවාරච්චි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රහසිගත කඳවුරු තුනකදී අවි ආයුධ පුහුණුව ලැබූ සන්නද්ධ ත්‍රස්‌තවාදීන් එකසිය පනස්‌ දෙනකුට ආසන්න පිරිසක්‌ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට පැමිණ සැඟවී සිටින බවට තොරතුරු පොලිස්‌ බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇත.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල විවිධ ත්‍රස්‌තවාදී ක්‍රියා සිදුකිරීම සඳහාත් එම ප්‍රදේශවල පවතින සාමකාමී වාතාවරණය අවුල් කිරීම සඳහාත් මොවුන් පැමිණ සිටින බවද වාර්තා වී තිබේ.

එම ත්‍රස්‌තවාදීන් පිළිබඳව තොරතුරු හෙළිදරව් වූයේ ත්‍රිකුණාමල ප්‍රදේශයේදී ඊ.පී.ඩී.පී. සාමාජිකයකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය.

මෙම ත්‍රස්‌තවාදීන් තිදෙනා කලක්‌ කොටි සංවිධානයේ ප්‍රබලයන්ව සිsටි අය බව ද දැන් හෙළිවී තිබේ. කොටි ත්‍රස්‌තවාදීන් පරාජයට පත්වීමෙන් පසු මෙම කොටි සාමාජිකයන් මුහුදු මාර්ග ඔස්‌සේ ඉන්දියාවට පලාගොස්‌ එහි සැඟව සිට ඇතැයිද හෙළිවී ඇත.

පසුව මොවුන් තමිල්නාඩුව ප්‍රදේශයේ පිහිටි රහසිගත කොටි කඳවුරු තුනකදී පුහුණුව ලබා නැවත හොර රහසේම ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද හෙළිදරව් වී ඇත. පසු ගිය කාලසීමාවේදී උතුර – නැගෙනහිර ප්‍රදේශවල අබිරහස්‌ මිනීමැරුම් ගණනාවක්‌ සිදු වූ අතර එම මිනිස්‌ ඝාතනවලට මෙම ත්‍රස්‌තවාදීන්ගේ සම්බන්ධයක්‌ තිබේද යන්න පොලිසිය සොයාබලාගෙන යයි.

එමෙන්ම මෙම ත්‍රස්‌තවාදීන් බොහෝ විට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ධීවරයන් ලෙස වෙස්‌වලාගෙන නැගෙනහිර මුහුදු තීරය ඔස්‌සේ බවද අනාවරණය වී ඇත.

මේ අතර ත්‍රිකුණාමලය, පෙරියකුලම් ප්‍රදේශයේ දී ඊ.පී. ඩී. පී. සාමාජිකයකු කපා කොටා ඝාතනය කළ සන්නද්ධ කණ්‌ඩායම

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයන් යෑයි ආරක්‌ෂක අංශ කළ මූලික පරීක්‌ෂණවලින් අනාවරණය වීමත් සමග අත්අඩංගුවට ගත් තිදෙනා වැඩිදුර පරීක්‌ෂණ සඳහා ත්‍රස්‌ත විමර්ශන කොට්‌ඨාසයට බාරදී ඇත.

පසුගිය 17 වැනිදා ඊ.පී.ඩී.පී. සාමාජිකයා ඝාතනය කළ පසුව ඔහුගේ මළ සිරුර අසල දමාගොස්‌ තිබූ “ෙද්‍රdaහීන්ට මරණ දඬුවම නැවත අපි වැඩ පටන්ගත්තා” යන පුවරුවද ආරක්‌ෂක අංශවල දැඩි අවධානයට ලක්‌ව තිබේ.

ඝාතනය සිදුකළ පසුව මොවුන් ඉන්දියාවට පලා යැමට උත්සාහ ගත්තද එය අසාර්ථක වූ පසුව ආරක්‌ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනිණි.

මොවුන් තිදෙනා ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ දකුණු ඉන්දියාවේදී එකට අවි පුහුණුව ලැබූවන් බවයි.