සිසුවියන්ට අතවර කිරීමට විදුහල්පතිට අනුබල දුන්නැයි ගුරුවරියක්‌ රිමාන්ඩ්

Spread the News

සිසුවියන්ට අතවර කිරීමට විදුහල්පතිට
අනුබල දුන්නැයි ගුරුවරියක්‌ රිමාන්ඩ්

source:
නාත්තන්ඩිය – රෙක්‌ස්‌ හැරිසන්

සිසුවියන් පස්‌දෙනකුට අතවර කිරීමට විදුහල්පතිවරයාට අනුබල දුන් බව කියන මාරවිල තලවිල ප්‍රදේශයේ විදුහලක ස්‌වෙච්ඡා ගුරුවරියක ද ලබන 16 දා දක්‌වා රක්‍ෂිත භාරයේ තැබීමට මාරවිල දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා පෙරේදා (05 දා) නියෝග කළේය.

විනිසුරුවරයා මෙදින සිසුවියන්ගේ ප්‍රකාශ ද ලබාගෙන ඇත. කලින් රක්‍ෂිත සිර භාරයට පත්කර සිටි විදුහල්පතිවරයා ද නැවත 16 වැනිදා දක්‌වා රක්‍ෂිත සිර භාරයට පත් කෙරිණි.

සිසුවියන් පස්‌දෙනාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිකායකට අයත් කන්‍යා සොහොයුරියක්‌ පෙනී සිටියාය. සැකකාර විදුහල්පතිවරයා සහ ස්‌වෙච්ඡා ගුරුවරිය වෙනුවෙන් නීතිඥවරු හයදෙනෙක්‌ පෙනී සිටියහ.