Spread the News

සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත්තේ ජාත්‍යන්තර
මානව හිමිකම් වගන්තිවලටත් පටහැනිවයි
ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කරන නිසා
ජිනීවාවලදී අපට එරෙහිව රටවල් 24ක්‌ ඡන්දය දුන්නා
හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා
source:
අපට නිවටයන් විදියට  තවදුරටත් ජීවත් වෙන්න බෑ
අනෝමා ෆොන්සේකා

සරත් ෆොන්සේකා මහතා
නිදහස්‌ කරගත යුත්තේ ඇයි” කළුතර සම්මන්ත්‍රණය


වාද්දුව – සිරිසෝම සුසෙව්හේවා සහ කළුතර – විජයසිරි විද්‍යාසේකර

ජිනීවා මානව හිමිකම් කමිටු රැස්‌වීමේදී රටවල් විසිහතරක්‌ ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේ අප රට මානව හිමිකම් කඩන නිසයි. කිසිම නීතියක්‌ නැතිව සරත් ෆොන්සේකා මහතා සිරගත කර තිබීමෙන් ඒ බව මනාව ඔප්පු වෙනවා යෑයි හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන්. සිල්වා මහතා කළුතර නගර ශාලාවේ පැවැති “ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කරගත යුත්තේ ඇයි” යන කරුණ මත වූ සම්මන්ත්‍රණයේදී පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ කළුතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා සංවිධාන කර තිබූ මේ සම්මන්ත්‍රණයේ මුලසුන පැලෑඳ රජමහා විහාරස්‌ථානාධිපති දේවමුල්ලේ කල්‍යානන්ද හිමියෝ ඉසිලූහ.

හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන්. සිල්වා මහතා එහිදී මෙසේ ද කීවේය.

සරත් ෆොන්සේකා පිළිබඳව අප රටේ නීතිය කණපිට පෙරළා තිබෙනවා. ඔහු සිරගත කිරීමට හේතුව වූයේ සුදු කොඩි නඩුවේදී ෙµ්‍රඩ්රිකා ජෑන්ස්‌ නමැති මාධ්‍යවේදිනිය දුන් සාක්‍ෂියක්‌ නිසයි. ඇය සරත් ෆොන්සේකා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවේදී සුදුකොඩි අරගෙන පැමිණි අයට වෙඩි තැබීමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවසර දුන්නාද කියා ඇය සරත් ෆොන්සේකාගෙන් ප්‍රශ්න කර තිබෙනවා. එවිට සරත් ෆොන්සේකා පවසා තිබෙන්නේ ඒ වගේ ආරංචියක්‌ මටත් ලැබී තිබෙනවා කියලයි. ඒ කතාව මාධ්‍යවේදිනිය පත්‍රයේ පළ කළා. මේ ප්‍රකාශය නිසයි සරත් ෆොන්සේකාව සිරගත කළේ. මේ විදියට කට කතාවකට කෙනකුව හිරේ දාන නීතියක්‌ ලෝකයෙ කිසිම රටක නෑ. මේ වගේ පදනමක්‌ නැති හේතුවක්‌ උඩ ලෝකයේ කිසිම රටක්‌ කිසිම කෙනකුට දඬුවම් කරල නෑ. සරත් ෆොන්සේකා කිව්වේ ඒ වගේ කතාවක්‌ මටත් ඇහිල තියෙනවා කියලයි. මේ දඬුවම දීල තියෙන්නෙ ලංකාවෙ තියෙන කිසිම පනතක්‌ යටතේ නොවෙයි.

මේක අනිත් පැත්තට ගියා නම් වැරැදිකාරයා වෙන්නෙ ෙµ්‍රඩ්රිකා ජෑන්ස්‌ නමැති මාධ්‍යවේදිනියයි. මෙවැනි වැරැදි තීන්දුවක්‌ දීම ගැන හිටපු අග්‍රවිනිශ්චයකාරයා විදියට මම ලඡ්ජාවට පත්වෙනවා.

මේ වගේ නඩුවක්‌ තුන් කට්‌ටුවට දමන්නේ නෑ. රජතුන් කට්‌ටුවට දාන්නෙ විශේෂ නඩු. තුන්කට්‌ටුව සකස්‌ කළේ මුලින්ම ක්‍රිෂාන්ති නමැති කාන්තාවක්‌ හමුදාවෙ අයෙක්‌ විසින් දූෂණය කොට මරා දැමීම නිසයි. සරත් ෆොන්සේකාට විරුද්ධ මේ නඩුව තුන්කට්‌ටුවට දැම්මේ ඔහු කොටු කරල හිරේ දාන්නයි. 2010 පෙබරවාරි 08 දා රාත්‍රි 10 ට 11 ට පමණ හමුදාවෙ කනිෂ්ඨ නිලධාරීන් පිරිසක්‌ විසින් මේ අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර මානව හිමිකම් 11,13,14 යන වගන්තිවලටත් පටහැනියි. මෙතැනදී ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන සම්මුතිය උල්ලංඝනය වී තිබෙනවා. අත්අඩංගුවට ගැනීමත් නීතිය විදියට විය යුතුයි. සරත් ෆොන්සේකා යුද අධිකරණය මගිනුත් අවුරුදු 2 1/2 ක්‌ සිරගත කළා. තරු තනතුරු, විශ්‍රාම වැටුප් ආදී සියලුම දේ අහිමි කළා. ඒකට වැරැද්ද සරත් ෆොන්සේකා ජොන්ස්‌ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා සමඟ කරන ලද දුරකථන සංවාදයක්‌. ඒ රජයට අවමන් වන ආකාරයට කතා කළා කියලයි. ඒකෙදි දුරකථන අංකයවත් ඉදිරිපත් කළේ නෑ. සරත් ෆොන්සේකා පිළිබඳ නීතිය කණපිට පෙරළලා. රටවල් විසිහතරක්‌ අප රටට විරුද්ධව ඡන්දය පාවිච්චි කළෙත් ඔය වගේ කරුණු නිසයි. සරත් ෆොන්සේකා සිරගත කර තැබීමට එකම හේතුව ඔය කියන දේවල් නොවෙයි. මහින්ද රාජපක්‍ෂට එරෙහිව ජනාධිපතිවරණයට තරග කළ නිසයි. දැන් මහින්ද චින්තනය විකෘති වෙලා. එය දැන් කෲරතර චින්තනයක්‌ වෙලා. සරත් ෆොන්සේකා සිරගත කරගෙන සිටීමට කිසිම හේතුවක්‌ නෑ. ජනාධිපතිවරයාට තමන්ගේ බෞද්ධකම පෙන්වනවා නම් මේ හොඳම අවස්‌ථාවයි. තවත් වද නොදී රට බේරාගත් යුද වීරයාට නිදහස ලබාදීමෙන් බෞද්ධකම පෙන්වන්න.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ මනෝ ගනේෂන් මහතා – අපට ජාති භේදවලින් තොර නායකත්වයක්‌ අවශ්‍යයි. ඒකට නියමම පුද්ගලයා ජෙනරාල් ෆොන්සේකා යුද වීරයායි. මේ ලෝකයේ දේශපාලන සිරකරුවන් නිදහස්‌ කරන අවධියක්‌. දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා නිදහස්‌ කළා. මියන්මාරයේ අවුන්සාන් සුකී නිදහස්‌ කළා. ඒ වගේ ෆොන්සේකා නිදහස්‌ කරන්න කියා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා. ෆොන්සේකාව නිදහස්‌ කළාට පස්‌සෙ එයාව ජනාධිපති කිරීම අපි කරන්නම්. රජය දැන් අනාගන්න තත්ත්වයට ඇවිත් තියෙනවා. සරත් ෆොන්සේකාව නිදහස්‌ කරනවා කියා කීවාට එයා තවමත් හිරේ. නමුත් මිනීමරුවො, ස්‌ත්‍රී දූෂකයො, මංකොල්ලකාරයො නිදහස්‌ කරනවා. ඒ නිසා රට බේරාගත් සරත් ෆොන්සේකාව නිදහස්‌ කරන්න කියා ඉල්ලනවා.

අනෝමා ෆොන්සේකා මහත්මිය – ලංකාවෙ නීතිsය කණපිට පෙරළිලා. අවනීතිය රජකරනවා. අවුරුදු 30 ක කාලයක්‌ තිස්‌සේ රටට භීෂණයක්‌ව තිබුණු උතුරේ යුද්ධය අවසන් කරපු ෆොන්සේකාව සිරගත කර තිබෙන්නේ ඒ නිසයි. තව තවත් සංවිධානය වී ජාත්‍යන්තර මට්‌ටමින් මේ අවනඩුව ලෝකයාට කියනවා. අපට නිවටයන් විදියට තවදුරටත් ජීවත් වෙන්න බෑ. අපි මේ වැඩපිළිවෙළ දිවයින පුරා ගෙනයන්නේ ඒ නිසයි. සරත් ෆොන්සේකා මහතාගේ නිදහස පතා මේ සම්මන්ත්‍රණයට සහභාගි වූ සැමට ස්‌තුති කරනවා.

කෝට්‌ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත සහ ගුලවිට සිරිනිවාස යන ස්‌වාමීන්වහන්සේලා ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රගුප්ත තේනුවර, කළුතර දිස්‌ත්‍රික්‌ එ.ජා.ප. මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම, නව සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ කළුතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී අර්ජුන රණතුංග යන මහත්වරු ද ආචාර්ය ඉන්ද්‍රdනි ඊරියගොල්ල මහත්මිය ද කතා කළ අතර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ කමිටු සාමාජික නිරෝෂණ නානායක්‌කාර මහතා පිළිගැනීම සිදු කළේය.