Spread the News

දඹුල්ල මස්ජිදය යළි විවෘතයි

Posted on April 22, 2012 source:

දඹුල්ල පූජා භුමියේ පිහිටා තිබෙන මස්ජිද් හා කෝවිල් ඇතුළු ගොඩනැගිළි කිහිපයක් ඉවත්කරන්නයි ඉල්ලා ඊයේ (20) දින දඹුල්ල රංගිරි විහාරස්ථානයේ විහාරාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් විරෝධදාවක් පැවැත්වුණි. එහිදි එම මුස්ලිම් මස්ජිදයට ඉවත් කිරීමට විරෝධතාවට එක් වූ පිරිස උත්සහ කර ඇති අතර එදිනම පොලීසිය විසින් මුස්ලිම් ජනතාවට මස්ජිදයතුලට යෑමටද තහනම් කර තිබුණි. නමුත් අද (21) දින උදෑසන එම මස්ජිදයට ගිය අමාත්‍ය පව්සි  හා රිෂාද් බදියුදින්  එහි පරිපාලකයන් සමඟ සිද්ධිය සමිබන්‍ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම මස්ජිදය වහාම විවෘත කර ඇත.

එම අවස්ථාවේදී අමාත්‍යවරුන් එම ප‍්‍රදේශයේ ප‍්‍රාදේශිය ලේකම්වරියව දැඩි ලෙස අපහාස කර ඇති අතර එම ප‍්‍රාදේශිය ලේකමිගේ ප‍්‍රකාශනයක් උපුටා දක්වමින් එම මස්ජිදය අනවසර ඉදිකිරීමක් යැයි බොහෝ ජනමාධ්‍යන් ප‍්‍රචාරයන කර තිබුණි. එම මස්ජිදය පරිත්‍යාගය කළ දේපළයක් සමිබන්‍ධ සාක්‍ෂි සාදාකද මෙහිදි ඉදිරිපත් කෙරුණි.

http://www.thambapanne.net/wp-content/uploads/2012/04/300newss.jpgඅමාත්‍යවරුන් මස්ජිදයට අසන්නයේ ජීවත්වූ මුස්ලිම්වරුන්ගේ අතකොලුවන් බවට පත්වූ සිංහලයන් පිරිසක් හමුවී සාකච්ඡා කර ඇති අතර එහිදි එම මස්ජිදයෙන්තමන්ට කිසිම හිරිහැරයක් නොමැති බවත් තමන් දැන හඳුනන කාලයක සිට එම මස්ජිදය මෙහි තිබෙන බවත් ඔවුන් පවසා ඇත.

මෙම මස්ජිද් සිද්ධිය සමිබන්‍ධයෙන් තමන් ජනපති සමඟ සෘජුව සාකච්ඡා කර නිසි විසඳුමක් ඉදිරිපත් කරන බවට අමාත්‍යවරුන් පොරොන්දු වී ඇති අතර මස්ජිදයට සිදුවූ හානිය ද පරීක්ෂා කර ඇත.

තවද නියෝජ්‍ය අමාත්‍ය හිස්බුල්ලාහ් ද දඹුල්ලට ගොස් ඇතැයි වාර්තාවේ.

http://www.thambapanne.net/wp-content/uploads/2012/04/avskr.jpghttp://www.thambapanne.net/wp-content/uploads/2012/04/7zqz6.jpghttp://www.thambapanne.net/wp-content/uploads/2012/04/bb3km.jpghttp://www.thambapanne.net/wp-content/uploads/2012/04/wz6ox.jpg