Spread the News

ලංකාවේ ආගමික සහජිවනය පිළිබඳ තමා දැඩි ප‍්‍රසාදය පළ කරන බව අයතුල්ලා ටෂ්කිරි මහතා පවසයි.

source:

ශ‍්‍රී ලංකාවේ ආගමික සහජිවනය පිළිබඳ තමා දැඩි ප‍්‍රසාදය පළ කරන බව ඉරාන අධ්‍යාත්මික නායකතුමන්ගේ උපදේශක අයතුල්ලා ටෂ්කිරි මහතා පවසයි.tashkiri
දිවයිනට පැමිණි සිටින අයතුල්ලා ටෂ්කිරි මහතා පෙරවරුවේ අග‍්‍රාමාත්‍යතුමන් හමුවු අවස්ථාවේ මේ බව ප‍්‍රකාශ කර තිබේ.
ශ‍්‍රී ලංකාව තුල දක්නට ලැබෙන ආගමික සහජිවනය සංහිදියාව සහ සහෝදරත්වය පිළිබඳ
ඉරානය යහපත් ආකල්පයකින් පසුවන බව ඒ මහතා ප‍්‍රකාශ කරයි.
ශ‍්‍රී ලංකාවේ එම තත්වය ලෝකයට ආදර්ශයක් බව ද හෙතෙම පෙන්වා දී තිබේ.
මීට පෙර අවස්ථා කිහිපයකදී ශ‍්‍රී ලංකාවට පැමිණ බෞද්ධ  හිංදු ක‍්‍රිස්තියානි හා ඉස්ලාම් ආගමික නියෝජිතයන් සමග කතිකා කළ බවත් ඒ මහතා කියා සිටි.
එහිදි ද ශ‍්‍රී ලංකාවේ ආගමික සහජිවනය පිළිබද පුළුල් අවබෝධයක් ලැබුණු බව හෙතෙම සිහිපත් කළේය.
මේ අතර හැකි උපරිමයෙන් ශ‍්‍රී ලංකාවට සහාය දැක්විමට ඉරානය සුදානම් බව ද අයතුල්ලා  ටෂ්කිරි මහතා සදහන් කර සිටි.
දශක කිහිපයක පැවති යුද්ධය නිමා කොට රටතුල සාමකාමි වාතාවරණයක් ඇතිකරලීමට රජයගත් උත්සාහය ප‍්‍රශංසනීය බව ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.