Spread the News

පන්සලට අයත් ඉඩම් අක්කර 18 000 ඇතුලේ කිසිදු පල්ලියක් කෝවිලක් හදන්න දෙන්නේ නෑ

April 28, 2012  source:

 

දඹුල්ල පූජා භූමියේ අලුත්ම තත්ත්වය පිළිබඳ සිංහල රාවය විසින් රංගිරි දඹුලූ රජමහා විහාරයේ විහාරාධිකාරී හා රංගිරි දඹුලූ සංඝ සභාවේ මහානායක අති පූජ්‍ය ඉනාමලුවේ  ශ‍්‍රී සුමංගල නාහිමියන්ගෙන් විමසීමක් කරන ලදී. එහිදී උන්වහන්සේ පවසා සිටියේ තමන් වහන්සේ ඇතුළු ශාසනමාමක බෞද්ධ ජනතාව නිහඩව බලා සිටින්නේ පූජාභූමිය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ලබා දුන් තීන්දු තීරණ ක‍්‍රියාත්මක කරන තෙක් බවයි. එනිසා එකිනෙකා හිතූ  මතේට සිදු කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් කිසි කෙනෙක් කලබල වියයුතු නැති බවත් තමන් වහන්සේ දඹුලූ ගල සේ නොසෙල් වී සිය ස්ථාවරයේ සිටින බව පවසා සිටියහ. එමෙන්ම රාජ රාජ මහා මාත්‍යාදීන් විසින් විහාරස්ථානයට පූජා කරන ලද අක්කර 18000ක භූමි ප‍්‍රදේශය තුළ කිසිදු අන්‍යාගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ඉඩ නොදෙන බවද උන්වහන්සේ දැඩි සේ පවසා සිටියහ.

One thought on “පන්සලට අයත් ඉඩම් අක්කර 18 000 ඇතුලේ කිසිදු පල්ලියක් කෝවිලක් හදන්න දෙන්නේ නෑ”
  1. බුදුන්වහන්සේට නමවරක් පුජ කල අපේ පින් බිම බුදුසසුන පවතින තෙක් අයිති ඔබ වහන්සේලාට, කපටි ඉංගිරිසි ආණ්ඩුව විසින් ඔබවහන්සේලගේ ඉඩම් බලයෙන් අයිති කරගැනීම හා බෞද්ධ උරුමයෙන් පිට ආණ්ඩු උරුමයක් ගැන පච ගොඩක් නිර්මාණය කර තිබේ අපි ආණ්ඩුව ඉදිරියේ දෙකට නොනැමී මුළු ලක්දිවම රැකගනිමු ! ඔබවහන්සේ දිගු කල් වැජබේවා..තෙරුවන් සරණයි !

Comments are closed.