Spread the News

යාපනය මැයි රැලියේදී කොටි ධජය මතුවීම
source:
* තමාරා කුමානායගම් ඉවතට ?

* රෝ ඔත්තුසේවා දෘෂ්ටිය

* ශ්‍රී ලංකාවට එරෙහි 2 වැනි එන්. ජී. ඕ. මෙහෙයුම දියත් වේ.

* කිලිනොච්චි මැයි රැලියේදී මැයි මස සැමරීමේ පහන දැල්වූයේ කුමකටද?

* උතුරෙන් හමුදාව ඉවත් කර ගැනීම ද්‍රවිඩ සංධානයේ ඉලක්‌කය යෑයි සනාථ වේ.

* උතුර නැගෙනහිර ඊළම් ජනමත විචාරණයට ඡන්දය
දීමට සිංහලයන්ට ඉඩ නොදිය යුතුයි. – කරුණානිධි කියයි

* ප්‍රංශයේදී රණවිරුවන්ට උපහාර

* යාපනයේ මැයි දින රැළියේදී කොටි ධජය ගෙන
යැම යුරෝපා කොටි වෙබ් අඩවිය විකාශනය කළේ කෙසේද?

* කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ කාර්යාලය
මෙරට අභ්‍යන්තර කටයුතු ගැන ඔත්තු බලයි.

* ප්‍රභාකරන්ගේ වම් කකුල කැපූ බවට ලන්ඩන් සිට
සාවද්‍ය ප්‍රචාරයක්‌ දියත් කළ පුද්ගලයාගේ දියණියට
ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තනතුරක්‌.

ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාවෙන් ජනතාවගේ
භූමියෙන් හමුදා සෙබළු ඉවත් කර ගැනීමත් දේශපාලන
විසඳුමක්‌ ලබාදීම ගැනත් අවධාරණය කෙරෙනවා
– ද්‍රවිඩ සංධාන මන්ත්‍රී මාවයි සේනාධිරාජා. මැයි -1 කිලිනොච්චිය

ලෝක කම්කරු දිනය යෙදී තිබුණ මැයි 1 වැනිදා ගි්‍රනිච් වේලාවෙන් පස්‌වරු 4.54 ට වීඩියෝපටයක්‌ සහිත පුවතක්‌ විකාශනය කළ යුරෝපා කොටි වෙබ් අඩවිය යාපනයේ මැයි දිනයේදී කොටි ධජය විද්‍යමාන වූ බව හෙළි කළේය.

මේ මැයි දින රැලියේදී තමිල් ඊළම් ටීෂර්ටයක්‌ ඇඳගත් අයකු ද ගමන් කළ බවත් ජනතාව ඒ පිළිබඳ ඡායාරූප ගත් බවද ද්‍රවිඩ සංධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරු වූ ශ්‍රීකූගන් මෙහෙයවන එකී වෙබ් අඩවිය තවදුරටත් පළ කළේය.
 


මැයි 1 වැනිදා ද්‍රවිඩ සංධා න මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරු ශ්‍රීතුනන් මෙහෙ වන යුරෝපා කොටි වෙබ් අඩවිය විසින් කොටි ධජයට අදාළ වීඩියෝපටය විකාශනය කළ අයුරු.

මේ තැනැත්තා ඇඳ සිටින ඊළම් සිතියම අඩංගු ටීෂර්ට්‌ නිපදවූ යේ තමිල්නාඩුවේ කොටි සිමන් නමැති චිත්‍රපට අධ්‍යක්‍ෂවර යාගේ නාම් තමිලර් පක්‍ෂයයි.

කිලිනොච්චි මැයි රැලියේදී මේ පහන දැල්වුයේ කොටි සැමරීමටද?

 

කොටි වනසන්න යන ආරක්‍ෂක ලේකම්ට
එරෙහිව ක්‍රියාකරන්න යෑයි එක්‌සත් ජාතීන්ගෙන්
ඉල්ලුවේ කවුද? මාවයි සේනරාජා – ශ්‍රීධරන් හා
මනෝ ගනේෂන් කිලිනොච්චියේදී

මෙම මැයි රැලියට සමගාමීව කිලිනොච්චියේ පැවැති මැයි රැලිය අමතමින් මාවයි සේනාධිරාජා මෙලෙස පවසා ඇත. “අපි රජයට බදු ගෙවනවා. නමුත් අපේ ජනතාවට ලැබෙන සෙතක්‌ නැහැ. ජනතාවට අයිති ඉඩම් හමුදාව විසින් ලබාගෙන තියෙනවා. යුද්ධය අවසන් වූ පසු හමුදාව ඉඩම්වලින් ඉවත් විය යුතුයි. අපට අපේ ඉඩම් පාලනය කර ගැනීමට අවශ්‍යයි. ශ්‍රී ලංකා රජයට එරෙහිව එක්‌සත් ජාතීන් යෝජනාවක්‌ සම්මත කළා. මේ යෝජනාවෙන් ජනතාවගේ ඉඩම්වල සිටින හමුදාව ඉවත් විය යුතු බව හා දේශපාලන විසඳුමක්‌ දිය යුතු බවත් අවධාරණය කෙරෙනවා. ද්‍රවිඩ ජනතාව දේශපාලන සහ හමුදා අරගලවලින් පරාජය කළ බවට නිවේදනය කෙරෙනවා. එහෙත් තානාපති අරගලවලින් අපව පරාජය කරන්න බැහැ. ගත වූ හැම වසරක්‌ තුළ අපව මුලා කළා. එහෙත් දැන් අපිව මුලා කිරීමට ඉඩ තියන්නේ නැහැ.

ඊළඟ දේශකයා වූ යාපනයේ කොටි හමුදා නායකට සිටි තිපන්ගේ ඥතියකු වූ ද්‍රවිඩ සංධාන මන්ත්‍රී ශ්‍රීධරන් පැවසුවේ ජනතාව ආරක්‍ෂා කිරීමක්‌ සඳහා යෑයි කියමින් අපේ නිදහස්‌ අරගලය (කොටි ත්‍රස්‌තවාදය) විනාශ කළ බවයි. අපිට මුහුදට, ඇලවල්වලට හා කුඹුරුවලටත් යන්නට දෙන්නේ නැහැ යෑයි ශ්‍රීධරන් රැස්‌ව සිටි ද්‍රවිඩ ජනතාව නොමග යවමින් කියා සිටියේය.

මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් ද දේශනයක්‌ කරමින් කිලිනොච්චිය ජයග්‍රහණ හා පරාජවලට අයත් භූමිය බවත් මේ භූමියේ සිට තීරණ ගත යුතු බව ද පළ කළේය.

“මේ භූමිය ද්‍රවිඩ ජනතාවගේ හෘදය වස්‌තුවයි. අද අපට ඇත්තේ මෝඩ රජයක්‌. ඒ නිසා අපේ භූමියට ආර්ථික හා දේශපාලන ජයග්‍රහණ ලබා ගැනිමට නොහැකිවී තිබෙනවා යෑයි ගනේෂන් සඳහන් කළේය.

වත්මන් රජය මෝඩ රජයක්‌ නම් කොටි ඝාතක සමාගම් විනාශ කළේ කෙසේද? වන්නි මෙහෙයුම නතර කිරීමට දැඩි උත්සාහයක්‌ ගත්තේ මොහු බව අමතක නැත. කොළඹ සිට කිලිනොච්චි මැයි රැලියට ගිය නඩරාජා කුරුබාහරන්ද මෙහිදී වහසිබස්‌ දෙඩීය. අද මේ රජය යුද හමුදාවේ උත්තරීතර භාවය ගැන කතා කරනවා. එහෙත් ඒ සියලු හිමිකම් ද්‍රවිඩ ජනතාව සතු බව මතක තබා ගත යුතුයි. අපි අපේ තානාපති අරගලය ජය ලබනවා යෑයි කුරුබාහරන් පළ කළේය.

මේ මැයි දින රැළියේදී කිලිනොච්චි දිස්‌ත්‍රික්‌කයේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී වසාවිලිගිනන් මහාවිරුවන් (ත්‍රස්‌තයන්) සැමරු බව ද යුරෝපා කොටි වෙබ් අඩවිය තවදුරටත් හෙළි කළේය.

මේ අතර මෙදිනම යාපනයේ යාපනයේ හින්දු ආගමික නායකයකු වූ නල්ලයි ආතිනා සහ විපක්‍ෂ නායකයා අතර සාකච්ඡාවක්‌ පැවැත්වුණි. එහිදී එම ආගමික නායකයා කියා සිටියේ, යාපනයේ ජනතාවගේ ඉඩම්වල සිටින හමුදා සෙබළුන් ඉවත් කිරීමට නිසි පියවර ගන්නා ලෙසයි.

මේ ඉල්ලීමෙන් සනාථ වන්නේ ද්‍රවිඩ සංධාන නායක සම්පන්දන් මාවයි සේනාධිරාජා සහ උතුරේ එන්. ජී. ඕ. ක්‍රියාකාරීන්ට ඇති බරපතලම ප්‍රශ්නය හමුදාව ඉවත් කර ගැනීමයි. වන්නි මෙහෙයුම නතර කිරීම සඳහා නෝවීජියානු නෝරාඩ් සංවිධානයේ ක්‍රෝන් මිලියන ගණනක අරමුදල් ලක්‌ රාජ්‍ය නොවන සංවිධාන දියත් කර තිබූ එන්. ජී. ඕ. 01 මෙහෙයුම මුළුමනින්ම පරාජය විය.

නෝරාඩ් සංවිධානය දැන් යළිත් වරක්‌ අරමුදල් සපයයි. ඒ අනුව එන්. ජී. ඕ. -2 මෙහෙයුම දියත් වී තිබේ. මේ මෙහෙයුම යටතේ ජිනීවාහිදී ඉදිරිපත් වූ ඇමරිකානු යෝජනාවේ සාර්ථකත්වයට මුවාවී උතුරින් හමුදා කඳවුරු ඉවත් කිරීමේ සැලසුම දියත් වී ඇත.

මේ පසුබිම යටතේ කිලිනොච්චියේ පැවැති මැයි දින රැලියේ ද්‍රවිඩ දේශපාලකයන් සමඟ සිටි තවත් පුද්ගලයෙක්‌ ගැන තොරතුරු හෙළි විය.

ප්‍රභාකරන් සහ පොට්‌ටු අම්මාන් බලවත්ව සිටියදී ඔවුන් සමග අල්ලාප සල්ලාපයේ යෙදුණු මොහු (ඊට අදාළ ඡායාරූප අප සතුව ඇත.) දැන් දියත් කර ඇති උපක්‍රමයට අදාළ තොරතුරු හෙළි වී තිබේ.

ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රභාකරන් ඇතුළු කොටින්ව මරන්න යනවා යෑයි කියමින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්‌ කළේද මොහුයි. මෙයට කලකට පෙර නෝර්වේ ගොස්‌ එරික්‌ සෝල්හයිම් හමුවී සාකච්ඡා කළේද මේ තැනැත්තායි.

මේ අතර තමිල්නාඩුවේ චෙන්නායි නුවර පැවැති තමිල් ඊළම් ආධාරකරුවන්ගේ සංවිධානයේ සමුළුව අමතමින් තමිල්නාඩු හිටපු මහ ඇමැති කරුණානිධි බරපතල ප්‍රකාශයක්‌ කළේය.

“විදේශගතව සිටින ද්‍රවිඩයන්ගේ සහයෙන් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ප්‍රදේශවල ජනමත විචාරණයක්‌ පැවැත්වීමේ යෝජනාවක්‌ සඳහා ඉන්දීය රජය ක්‍රියා කළ යුතුයි. මේ යෝජනාවට ඇතුළත් කළ යුතු වගන්තිය නම් උතුරු නැගෙනහිර සිටින සිංහලයන්ට ජනමත විචාරණයට ඡන්දය පාවිච්චි කිරීමට ඉඩ නොදීමයි.

කරුණානිධි පසුගිය අප්‍රේල් 30 වැනිදා ඩී. එම්. කේ. පක්‍ෂ මූලස්‌ථානයට මාධ්‍ය කැඳවා තවදුරටත් මෙලෙස කියා සිටියේය.

“මම ඊළම් අරමුණ අල්ලා ගත්තා. නමුත් ඒ ගැන ක්‍රියා කරන්නට මට බලය නැති වුණා. කොටි සංවිධානයට එරෙහිව යුද වැදි පැවති ඉන්දීය සාම හමුදාව පිළිගැනීමේ උත්සවයට මා සහභාගි වීම ප්‍රතික්‍ෂේප කළා. ඉන්දීය සෙබලුන් ද්‍රවිඩයන්ට එරෙහිව කටයුතු කර තිබුණා.

මෙහිදි තමිල්නාඩු මාධ්‍ය විසින් ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින්නේද යන්න නැඟූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දැක්‌වූ කරුණානිධි ප්‍රහාරකයන් මියයන්නේ නැති බවත්, කොටි ත්‍රස්‌ත අරගලයක්‌ ආරම්භ කළහොත් තමන් ඊට සහාය වන බවත් පළ කළේය.

තමිල්නාඩුවේ හිටපු මහ ඇමැතිවරයාගේ ප්‍රකාශයෙන්a තමිල්aනාඩු ජනතාවට හා ඊළම්වාදීන්ට පෙන්නුම් කිරීමට උත්සාහ කළේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවයි.

මේ අතර කදිරවේලි ප්‍රදේශයේ පැවැති රැස්‌විමක්‌ ඇමතූ ද්‍රවිඩ සංධාන මන්ත්‍රී යෝගේෂ්වරන් සෙන්නතම්බි අපේ 20000 කට අධික පිරිසකගේ දිවි අහිමි වූ බවත් එහෙත් හිමිකම් ලබාගැනීමට නොහැකි වූයේ යෑයි කියා සිටියේය. “දහස්‌ ගණනක්‌ අපේ ජනතාව ආබාධිත වුණා. ජනතාවගේ දේපල නැති වුණා මේ වාතාවරණය යටතේ ද්‍රවිඩ සන්ධානයට අනාගත ඉලක්‌කය සපුරා ගැනීමට අවශ්‍යයි. වත්මන් තත්ත්වය මත අපි එම ඉලක්‌කය වෙත යැමට ක්‍රියා කරනවා යෑයි ඔහු නීති දමමින් පළ කළේය.

මේ නිසා ද්‍රවිඩ සංධානයේ ඉදිරි ගමන් මග පැහැදිලිය. යාපනයේ මැයි දිනයේදී ඊළම් සිsතියම අඩංගු ටීෂර්ටයක්‌ ඊළම්වාදියාට එය ලැබුණේ කෙසේද යන්න පැහැදිලිය. එවන් කහ පැහැති ටීෂර්ට්‌ සකස්‌ කර තිබුණේ තමිල්නාඩුවේ චිත්‍රපට අධ්‍යක්‍ෂක “සිමන්” නමැති කොටියාගේ නාම් තමිලර් පක්‍ෂයයි. එසේම කොටින්ට අවශ්‍ය වූයේ උතුරේ රජයේ පාලනය තිබුණත් කොටි ධජය ප්‍රදර්ශනය කිරීමට තමන්ට හැකියාවක්‌ ඇති බව පෙන්නුම් කිරීමයි.

මෙහිදී සනාථ වන්නේ කොටි ධජය හා ඊළම් සිතියම සහිත ටීෂර්ටයා ඇඳගත් පුද්ගලයන්ව කැමරාගත කර ඇත්තේ වාහනයක හෝ මහමග ඇති ගොඩනැගිල්ලක සිට බවයි.

මේ තත්ත්වය යටතේ කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ කාර්යාලය මෙරට අභ්‍යන්තර කටයුතු සියල්ල නිරීක්‍ෂණය කරන බව විදේශ ලේකම් විලියම් හේග්ගේ ප්‍රකාශයකින් සනාථ විය.

එසේම සත්ව බිලි පූජාවලට බෞද්ධ ජනතාවගේ විරෝධය එල්ලවී තිබියදී එම බිලිපූජා ක්‍රියාදාමය නිවැරැදි යෑයි දැක්‌වීමටත් බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ කාර්යාලය ක්‍රියාකර ඇතැයි ද වාර්තා වේ. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය විසින් මෙලෙස අභ්‍යන්තර කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා යොදවා ඇති තැනැත්තා ගැන ද දැන් හෙළි වී ඇත.

මේ අතර විදේහ ලේකම් විලියම් හේග් තවදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවට වධහිංසා සිදුවන බවට එක්‌සත් ජාතීන්ගේ කමිටුවක්‌ වෙත එන්. ජී. ඕ. 12 ක්‌ විසින් වාර්තා ඉදිරිපත් කර ඇති බවයි.

විලියම් හේග්ගේ මේ ප්‍රකාශයෙන් “ඩොලර්” වලට ශ්‍රී ලංකාව සම්බන්ධ අසත්‍ය වාර්තා යොමු කරන්නේ විදේශිකයන් නොව කොළඹ ස්‌ථානගත ෙද්‍රdaහීන් බව සනාථ නොවන්නේද?

පසුගිය සිකුරාදා නිව්යෝර්ක්‌හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ඉදිරියේ ඇමරිකානු විශ්වවිද්‍යාල සිසුන් හා ඇවනෙස්‌ට්‌ ඉන්ටර්නැෂනල් සංවිධානයේ පිරිසක්‌ විසින් ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතාවක්‌ පවත්වනු ලැබීය.

එහෙත් මේ විරෝධතාවය පසුබිමේ සිටියේ කොටි අරමුදල් මත කොළඹ ජම්පටාවීදියේ පුවත්පතක්‌ පවත්වාගෙන ගිය ෙ-. එස්‌. තිස්‌සනායගම් සහ අන්තර්වාර ඊළම් ආණ්‌ඩුවේ සාමාජික ශාන් සුන්දරම් නමැති කොටියායි.

තිස්‌සනායගම් නමැත්තා ජනාධිපති සමාව ලැබ ඇමරිකාවට ගිය අතර ඇමරිකානු රජය ඔහුව හාවඩ් විශ්වවිද්‍යාලයට අධ්‍යාපනය ලැබීමේ අවස්‌ථාව උදා කර දුන්නේය.

එහෙත් අතීතය සිහිපත් කළ යුතුය. තිස්‌ස නායගම්ගේ පුවත්පත මුද්‍රණය කළ ජම්පටාවීදියේ මුද්‍රණාලයට සීල් තැබීමෙන් පසු එය මුරකරමින් සිටි කොටහේන පොලිසියේ ලාබාල පොලිස්‌ භටයා පිහිපහරවල් කීපයකින් ඝාතනය විය.

ජම්පටා වීදිය යනු කොටි ත්‍රිකෝණයේ කොටසකි. පොලිස්‌ භටයාව ඝාතනය කළ වුන් අද වනතෙක්‌ අසුවූයේ නැත. එසේ වුවත් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය එම පොලිස්‌භටයාගේ මානව හිමිකම් ගැන හඬ නැඟුවේ නැත. එහෙත් දෑත්වල ලේ තැවරුණ වුන් ඇමරිකාවට ගොස්‌ මානව හිමිකම් ගැන හඬනඟයි.

මේ අතර බී. බී. සී. සේවාවේ ඉන්දීය කාර්යාලයේ මාධ්‍ය විමර්ශකයකු යෑයි හඳුන්වන භාරන් භාරාත්a (අංගුලිමාල චිත්‍රපටයේ නව නාරාත් භූෂන් නොවේ) ප්‍රකාශයක්‌ කරමින් 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට බලතල ද්‍රවිඩයන්ට දීමට ශ්‍රී ලංකා රජය ප්‍රතික්‍ෂේප කිරීම නිසා ඉන්දියාව අසහනයට බවට පත් වී ඇතැයි කියා සිටී.

භාරාත් භූෂන් මෙසේද දක්‌වා ඇත.

කොන්ඩලම්කුලම් න්‍යෂ්ඨික බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය හා ජයලලිතා අතර ගිවිසුමක්‌ ඇති වුණා. මේ ගිවිසුමෙන් ජයලලිතා පැවසුවේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඉන්දියාව ඡන්දය පාවිච්චි කරන්නේ නම් න්‍යෂ්ඨික බලාගාරයට එකඟවන බවයි.

කොටි ඝාතකයන් විනාශ වීමේ තෙවැනි සංවත්සරය මැයි 19 දාට යෙදී ඇත. මේ විශිෂ්ටතම ජයග්‍රහණය සැමරීමේ ආචාර පෙළපාලිය මැයි 18 වැනිදා ගාලු මුවදොරදී පැවැත්විනි. පසුදින රට වෙනුවෙන් දිවිපිදුවන් සැමරීම සිදුවේ.

රණවිරුවන් සැමරීම නතර කළ යුතු යෑයි පැවසුවේ මාධ්‍ය පාර්ශ්වයකි. 2009 මැයි 19 දා කොටි ඝාතක සමාගම පරාජය වීම මෙරට එන්. ජී. ඕ. ප්‍රධානින්ට දැරිය නොහැකි කම්පනයක්‌ හා වේදනාවක්‌ ඇත.

මේ අභීSත රණවිරුවන් සැමරීමට උපහාරයක්‌ මැයි 8 වැනිදා සවස 4.00 ට ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානය විසින් ප්‍රංශ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානයේදී පැවැත්වේ.

මේ අතර යාපනය මැයි දින රැලියේ දී කොටි ධජය ප්‍රදර්ශනයට හා ඊළම් සිතියම සහිත ටීෂර්ටයක්‌ ඇඳ සිටි පුද්ගලයකු ගමන් කිරීමේ සිද්ධිය ගැන ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවිය දැඩි නිහඬතාවක්‌ පළ කර ඇත. මේ ගැන විපක්‍ෂය පැවසුවේ එය රජයේ රූපවාහිනියක්‌ මගින් සිදු කරන ලද ක්‍රියාදාමයක්‌ බවයි. ඊට සම්බන්ධ වූවන් අල්ලා මුදාහැරි බවද පවසා තිබේ. එහෙත් ඔවුන්ව පොලිසියට බාර නුදුන්නේ මන්ද? එසේ නම් යුරෝපා කොටි වෙබ් අඩවිය එම සිද්ධිය විකාශනය කළේ කෙසේද? මෙතෙක්‌ ද්‍රවිඩ සංධාන නායක සම්බන්දන් ඒ ගැන ප්‍රකාශයක්‌ නොකිරීමද මවිතයකි.

මේ ක්‍රියාදාමය සම්බන්ධ දෙදෙනා අල්ලා නොගත්තේ මන්ද ?

මේ අතර ද්‍රවිඩ සංධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ මෙහෙයවීමෙන් කිලිනොච්චියේ පැවැති මැයි දින රැලියේදී මැයි මස සංකේතවත් ලෙස සැමරීම සඳහා යෑයි පවසමින් පහනක්‌ දල්වා ඇත. මේ පහන දල්වා ඇත්තේ මියගිය කොටි සැමරීමට නොවේද?

මෙයට සමානව ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ මැයි දින රැලිය වඩමාරච්චිහිදී පවත්වා ඇත.

කෙ-න්ද්‍රන් – පද්මිනී සිතම්පරනාදන් සහ මානිවන්නන් ඇතුළු පිරිසක්‌ ඊට සහභාගි වී තිබේ. මෙම මැයි දින රැලිය අමතමින් කථිකයන් පවසා ඇත්තේ ඉක්‌මනින් ජනතා අරගලයක්‌ ඇතිවන බවයි.

මේ පසුබිම යටතේ නෝර්වේ සහ යුරෝපා කොටි වෙබ් අඩවි පැවසුවේ ද්‍රවිඩ සංධානය ඇතුළු විරුද්ධ පක්‍ෂ එකතු වී යාපනයේ පැවැත්වූ මැයි දින රැලියට යාපනයේ ඊලම් ජනතාව සහභාගි වූයේ නැති බවයි.

කෙසේ වෙතත් මඩකලපුවේදී මහත්මා ගාන්ධි සහ බේඩ්න් පවල් ප්‍රතිමා කඩා දැමීමේ සිදුවීම්වල සිට යාපනයේ මැයි දින රැලියේදී කොටි ධජය ප්‍රදර්ශනය වීමේ සිදුවීම් දක්‌වා වූ පසුබිම නිරීක්‍ෂණය කළ යුතුය.

ශ්‍රී ලංකාවේ රජය 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ඉඩම් හා පොලිස්‌ බලතල පවරා දීමට ක්‍රියා නොකිරීම නිසා ඉන්දීය බලධාරීන් දැඩි අසහනයට පත්වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසන්නේ නිකමට නොවේ.

මේ පසුබිම මැද ඉන්දීය පර්යේෂණ විශ්ලේෂණ අංශය (රෝ ඔත්තු සේවාව) ශ්‍රී ලංකාව සම්බන්ධව අහක බලාගෙන සිටිනු ඇතැයි කිව හැකිද?

මේ අතර නව මසක්‌ තිස්‌සේ ජිනීවා නිත්‍ය නියෝජිතවරියක්‌ ලෙස ක්‍රියා කළ තමාරා කුමානායගම්ට කියුබාවට යන්නැයි විදේස්‌ කටයුතු බලධාරීන් කළ නියෝගය ඇය ප්‍රතික්‍ෂේප කර ඇත.

ජිනීවා නිත්‍ය නියෝජිත ධුරය ලබා ගැනීම සඳහා යුරෝපීය රටක තානාපතිවරයකු දැනටමත් වළිකන බව ද වාර්තා වී තිබේ. මේ තානාපතිවරයා ද්විත්ව රංගනයේ යෙදෙන අයකු වන අතර හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ද සමග ද අර්බුදයක්‌ ඇති කර ගත් අයකු යෑයි වාර්තා විය.

මේ තත්ත්වය යටතේ කලකට පෙර ලන්ඩනයේ සිට ජිනීවා වෙත පැමිණ ශ්‍රී ලංකා විරෝධතාවන්ට එක්‌වූ අයෙකුට යළිත් වරක්‌ වාසනාවක්‌ අත්විය. ඒ සිය දියණිය ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ධුරයකට පත් කර ගැනීමයි. මොහු වෙනින් කවුරුවත් නොව ප්‍රභාකරන් මිය යැමට පෙර ඔහුගේ වම් කකුල කපා දැමූ බවට ලන්ඩන් සිට සාවද්‍ය ප්‍රචාරයක්‌ මෙරටට දියත් කළ පුද්ගලයායි. මොවුන් මෙලෙස විරෝධතා ව්‍යාපාරවලට සම්බන්ධ වන්නේ රටට ඇති ආදරයට නොවන බව සිය දියණිය වන තානාපති කාර්යාලයකට පත් කර ගැනීමට ක්‍රියා කිරීමෙන් සනාථ වේ.

කීර්ති වර්ණකුලසූරිය