Spread the News

කූරගල අනවසර ඉදිකිරීම් තවමත් ඉවත්කර නෑ

බුදුපහසින් පූජනීයත්වයට පත් වූ කූරගල දිවාගුහාව, සිත්පිත් නැති අන්තවාදී ඉස්ලාම් ආගමිකයන් විසින් එය තමන්ගේ පුදබිමක් බවට පත්කරගෙන්‍‍‍‍‍‍.මෙහි දී මුස්ලිම් පාර්ශ්වය කියා සිටියේ දිගු ඉතිහාසයක් සහිත ඉස්ලාම් සම්බන්ධයක් කූරගලට තිබෙන බවත්, අරාබි බසින් කෙටූ සෙල්ලිපි තිබෙන බවත් ය. එහෙත් සෙල්ලිපි පිළිබඳව විමසීමේ දී පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් වරයා පැවසූයේ පූර්ව බ්රාහ්මී සෙල්ලිපි තුනක් හමු වී ඇති බවත්, ඒ බව පරණවිතාන මහතාගේ සටහන් වලද සඳහන් වී ඇති බවත් ය. එමෙන් ම ෂර්මිලා  අබුසාලි මහත්මිය පවසන පරිදි අරාබි බසින් කෙටූ සෙල්ලිපි ගැන කිසිඳු සටහනක් නොමැති බව කීවේ ය.

මේ අනුව මුස්ලීම් පාර්ශ්වයේ ප්රකාශ ඓතිහාසික සාධක නොමැති ප්රබන්ධ පමණක් බව ඔප්පු විය. ඉන්පසු අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ තීරණය බලගැන්වීමට තීරණය කරන ලදී. ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් විසින් ඉහත දැක්වූ නඩු තුනක් බලංගොඩ මහේස්තරාත් අධිකරණයේ පවරමින් මානව හිමිකම් කොමිසමේ තීරණය බලගන්වන ලෙස අයැද සිටියේ ය.

බලංගොඩ මහේස්තරාත් තුමියගේ තීරණය අනුව අනවසර ඉදිකිරීම් ඉවත් කළ යුතු ය. එහෙත් දම්සරට වාර්තා වන්නේ තාමත් එම ඉදිකිරීම් ඉවත්ව කරනැති බව යි.

ඒ අනුව මේ බොදු පුදබිමේ වෙළෙඳසැල් පවත්වාගෙන යමින් ගොඩනැගිලි ඉදිකරගෙන සිටි තිදෙනෙකුට පුරාවිද්‍යා රක්‍ෂිතයෙන් ඉවත් වන ලෙසට බලංගොඩ මහේස්තරාත් තුමිය සිය තීන්දුවෙන් ප්රකාශයට පත්කළා ය.

මේ අනවසර අත්පත්කර ගැනීම් වලට එරෙහිව මුලින්ම නීතිය හමුවට ගියේ ජාතික සම්පත් සුරැුකීමේ ව්‍යාපාරයේ සභාපති, කූරගල ආරණ්‍ය සේනාසනයේ භාරකාර මණ්ඩලයේ ප්රධාන භාරකාර පූජ්‍ය කොළොන්නේ සිරි ශාන්ත විජය ස්වාමීන් වහන්සේ ය. උන්වහන්සේ මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කූරගල මුස්ලීම් ඉදිකිරීම් සියල්ල අනවසර ඒවා බවටත් ඒවා ඉවත් කළ යුතු බවටත්, තීන්දු කෙරින.

එහෙත් මේ තීරණය බලගැන්වීම පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්ගේ වගකීම වුවත් එය සිදුකිරිම බෙහෙවින් ප‍්‍රමාදයට පත් විය. පසුව ජාතික උරුමයන් පිළිබඳ ඇමති ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ ප්රදානත්වයෙන් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතාගේ මෙහෙය වීමෙන් 2011.05.03 වන දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දී පැවති සාකච්චාවේ දී මෙම අනවසර ඉදිකිරීම් සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්චා කෙරුණි.

එම අවස්ථාවට බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන් පූජ්‍ය කොළොන්නේ සිරි ශාන්ත විජය හිමි, සමස්ත බොදු ජය සංවිධානය වෙනුවෙන් පූජ්‍ය අඟුරුගල්ලේ සිරි ජිනානන්ද හිමි, සිංහල රාවය සංවිධානය වෙනුවෙන් පූජ්‍ය අක්මීමන දයාරතන හිමි යන ස්වාමීන් වහන්සේලා ද මතුගම සෙනෙවිරුවන්, නීතීඥ කේ.ජී. නිශ්ශංක, මුදිත කරුණාමුණි, සිරි ආනන්ද ගොඩ සහ පානී වෑවල යන මහතුන් ද සහභාගී වූ හ.

මුස්ලීම් පාර්ශ්වය වෙනුවෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානා හා පාර්ලිමේන්තු මන්තිරී එච්.එස්. අස්වර් යන මහතුන් ද කූරගල පල්ලි සභාව වෙනුවෙන් ෂර්මිලා   අබුසාලි මහත්මිය ඇතුළ තවත් පිරිසක් ද සහභාගී වූ හ.  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් සමඟ එහි නීති අංශය ද මිනින්දෝරු දෙපාර්තමේන්තුව, කල්තොට පොලීසිය සහ ග්රාමසේවක මහතා ද සහභාගී විය.