Spread the News

කරුණානිධි ‘ජල්ලියකට’ සැරසෙයි

කීර්ති වර්ණකුලසූරිය source:

අගෝස්‌තු 5 වැනිදා ඉන්දියාවේ වල්ලිපුරම් හි පැවැත්වෙන ඊළම් සහයෝගිතා සමුළුවේදී ශ්‍රී ලංකාවේ ඊළම් රාජ්‍ය පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් කරන බව තමිල්නාඩු හිටපු මහ ඇමැති කරුණානිධි පවසා ඇත.

මෙහිදී ඉන්දීය රජය වෙත යෝජනාවක්‌ ඉදිරිපත් කරමින් උතුරු නැගෙනහිර සඳහා ජනමත විචාරණයක්‌ පවත්වන ලෙසද ඉල්ලීමක්‌ කරන බව ඔහු තවදුරටත් දන්වා තිබේ.

ලොව පුරා සිටින ද්‍රවිඩ ජාතිකයන් ඊට සහය පළකරන බවද ඔහු සඳහන් කර ඇත.