සාමය විකුණමින් අමෙරිකාව මානව හිමිකම් උල්ලංඝනය කරනවා අමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර්

Spread the News

යාවත්කාලීන වේලාව: 6/27/2012 9:44:20 AM source:

 

සාමය විකුණමින් අමෙරිකාව මානව හිමිකම් උල්ලංඝනය කරනවා

අමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර්

ලෝක සාමය වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වමින් අමෙරිකාව කරන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම බව අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වු ජිමී කාටර් මහතා නිව්-යෝර්ක් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

ත්‍රස්තවාදය මැඩලීම සඳහා අමෙරිකාව ගන්නා ක්‍රියාමාර්ගවලදී බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බව හෙතෙම කීවේය.

නියමුවන් රහිත යානාවලින් මෙන්ම හමුදා මෙහෙයුම්වලින් කාන්තාවන් හා ළමයින් ද ඇතුළුව සිවිල් වැසියන් විශාල වශයෙන් ජීවිතක්ෂයට පත්වන බව පෙන්වා දී ඇති කාටර් මහතා එම අහිංසක සිවිල් වැසියන් සතුරන් වන්නේ කෙසේදැයි එරට රජයෙන් ප්‍රශ්න කර සිටින බවද ප්‍රකාශ කර තිබේ.

මෙම වසර තුළ අමෙරිකා ආරක්ෂක අංශ ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය, සෝමාලියාව, යේමනය ඇතුළු රටවල් කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බවත්, අමෙරිකා හමුදාව එල්ල කරන ප්‍රහාරවලින් මිය යන සිවිල් වැසියන් පිළිබඳ හැකි නම් නිවැරදි සංඛ්‍යා ලේඛන වාර්තා ඉදිරිපත් කරන ලෙසත් ජිමී කාටර් මහතා අමෙරිකා පාලනයට අභියෝග කර තිබේ.

පූර්ණ වශයෙන් මානව හිමිකම් සුරකින බවට ලෝකයට සහතිකයක් ලබාදී ඇති ඇමෙරිකාව මෙම ක්‍රියාකලාපය හරහා ලෝකයට වැරදි පූර්වාදර්ශයක් සපයන බවත්, තවත් අතකින් එය ලෝක සාමයේ සතුරන්ට අනුබලදීමක් බවත් හිටපු ජනාධිපතිවරයා නිව්-යෝර්ක් ටයිම්ස් පුවත්පතට වැඩිදුරටත් ප්‍රකාශකර තිබේ.

අනුග්‍රහය : දිනමිණ


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි