Wed. Nov 27th, 2024
Spread the News

ඉස්‌ලාම් මූලධර්මවාදීන් පවත්වාගෙන යන
සත්ව ඝාතකාගාරයට විරෝධය

එස්‌. පී. ආරියරත්න – රත්මලාන

source:

දෙහිවල ගල්විහාර පාර දහම් පාසලක මුවාවෙන් ඉස්‌ලාම් මූලධර්මවාදීන් විසින් සත්ත්ව ඝාතකාගාරයක්‌ පවත්වාගෙන යැමට එරෙහිව ප්‍රදේශයේ බෞද්ධ විහාරස්‌ථානවල විහාරාධිපතීන් වහන්සේලා, ප්‍රදේශවාසීහු ඊයේ (25 දා) සවස විරෝධතාවක්‌ පැවැත්වූහ.

ගල්විහාර පාර, නව පොලොන්නරු ගල් විහාරයෙන් ආරම්භ වුණ සාමකාමී පාගමන එම සත්ත්ව ඝාතකාගාරය පවත්වාගෙන යන ස්‌ථානයට පැමිණ සුළු වෙලාවක්‌ එම ස්‌ථානයේ විරෝධතාවයේ නියෑළිණ.

මෙම අවස්‌ථාවට ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අක්‌මීමන දයාරතන හිමි, නව පොලොන්නරු ගල් විහාරාධිපති පූජ්‍ය කණුමුල්දෙණියේ ධර්මාශෝක හිමි, පූජ්‍ය වල්හපුතැන්නේ නන්දසුමන හිමි, විහාරස්‌ථානවල භික්‍ෂූන් වහන්සේලා ඇතුළු ප්‍රදේශවාසීහු රැසක්‌ සහභාගි වී සිටියහ.

එම විරෝධතා ව්‍යාපාරයේ අවස්‌ථාවක්‌ ඡායාරූපයේ දැක්‌වේ.

Protected by Security by CleanTalk