Spread the News

ශවේන්ද්‍රගේ පිළිතුර හමුවේ කොටි නියෝජිත රසල් ලී ට කට උත්තර නැතිවෙයි …

ස්ථානය: එක්සත් ජාතින්ගේ සංවිධානයේ මූලස්ථානය (දිනය 2011 සැප්තැම්බර් 6 වනදා)

අවස්ථාව: “Lies Agreed Upon” වීඩියෝ දර්ශනය නිමවී මාධ්‍යයන්ට ප්‍රශ්න ඇසීම සඳහා ලබාදුන් කාලය

මේ මාධ්‍ය පිරිස අතර සිටි “ඉනර් සිටි ප්‍රෙස්” හි මැතිව් රසල් ලී ගේ ප්‍රථම ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා වෙතය. ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයෙකු වන විජය නම්බියාර් විසින් කලා යැයි කියන “සුදු කොඩි ඔසවා ගෙන යටත් වීමට පැමිණි පිරිස් ශ්‍රී ලංකා හමුදාව විසින් ඝාතනය කලා” ප්‍රකාශය පිළිබඳව ය.

මානුෂීය මෙහෙයුම සමයේ ආචාර්ය පාලිත කොහොන මහතා විදේශ ලේකම්වරයායි. විජය නම්බියාර් විසින් සිදුකල ප්‍රකාශය ගැන තමන්ගෙන් නොව නම්බියාර් ගෙන්ම අසා දැන ගන්නැයි රසල් ලී ට පැවසූ ආචාර්ය කොහොන, විදේශ ලේකම්වරයෙකුට කිසිදු අවස්ථාවක හමුදාව වෙත අණ දෙන්නට හෝ යටත් වන්නන් පිළිබඳව කෙසේ ක්‍රියා කලයුතු දැයි උපදෙස් දෙන්නට කිසිදු නීතිමය බලයක් නොමැති බව තමන් නැවත නැවතත් අවධාරණය කරන බව පැවසීය.

අනතුරුව මේ “මහා මාධ්‍යවේදී රසල් ලී” ගේ ප්‍රශ්නය යොමු වූයේ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙතය. දරුස්මාන් වාර්තාවේ 35 වන පිටුවේ 90 වන ඡේදයේ, ශ්‍රී ලංකා හමුදාවේ 55 සහ 58 සේනාංක විසින් පුදුකුඩිඉරිප්පු රෝහල වෙත ෂෙල් ප්‍රහාර එල්ල කල බවට ඇති සඳහන පිළිබඳව ලී විමසුවේය.

ශවේන්ද්‍රගේ පිළිතුර හමුවේ කොටි නියෝජිත රසල් ලී ට කට උත්තර නැතිවෙයි …

“පුදුකුඩිඉරිප්පු රෝහල ආශ්‍රිත ප්‍රදේශයේ හෝ ඒ ආසන්නයේවත් 55 වන සේනාංකය ස්ථානගතව සිටියේ නැහැ. සිටියේ 53 වන සහ 58 වන සේනාංක පමණයි. 53 වන සේනාංකයවත් 58 වන සේනාංකයවත් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කලේ නැහැ. අනෙක් කාරණය ඔය වාර්තාවේ තියෙන්නෙ වැරදි තොරතුරු.  55 වන සේනාංකය ඔය ප්‍රදේශය පෙනෙන මානයකවත් සිටියේ නැහැ.” කට කොනකට නගාගත් සිනාවක් ද සමගින් ශවේන්ද්‍ර දුන් පිළිතුර කොටි නියෝජිත රසල් ලී ව නිරුත්තර කලේය.

පසුව, රසල් ලී විසින් තමන් ප්‍රශ්න ඇසීම සහ ඒවාට ලැබුනු පිළිතුරු පටිගත කල වීඩියෝව “යූ ටියුබ්” නාලිකාව හරහා අන්තර්ජාලයට මුදා හැර තිබිණි. නමුත් මෙහි සුවිශේෂී කාරණය වන්නේ, රසල් ලී ට ශවේන්ද්‍ර සිල්වා විසින් දුන් පිළිතුර රසල් ලී විසින් සංස්කරණය කොට තිබීමයි.

නමුත් අදාල අවස්ථාවේ සම්පූර්ණ සත්‍ය වීඩියෝව ද අන්තර්ජාලයේ සංසරණය වෙමින් පැවති බැවින්, ශවේන්ද්‍රගෙන් ප්‍රශ්න ඇසීමට ගොස් නිර්වස්ත්‍ර වූ කොටි නියෝජිත රසල් ලී තම නිරුවත වසා ගන්නට ගත් උත්සාහය ලත් තැනම ලොප් විය.

පහත දැක්වෙන්නේ රසල් ලී ගේ වීඩියෝව සහ අදාල අවස්ථාවේ සත්‍ය වීඩියෝ පටය ආශ්‍රයෙන් සිංහලයා පුවත් ඒජන්සිය විසින් සම්පාදනය කල වීඩියෝ පටයයි.

රසල් ලී ගේ ප්‍රශ්නය:

“එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂඥ කමිටු වාර්තාවේ 35 වන පිටුවේ 90 වන ඡේදයේ දැක්වෙනවා 55 වන සහ 58 වන සේනාංක විසින් පුදුකුඩි ඉරිප්පු රෝහල වෙත ෂෙල් වෙඩි එල්ල කල බව. මේ ෂෙල් වෙඩි ප්‍රහාර 58 සේනාංකය එල්ල කලේ නැත්නම් 55 වන සේනාංක එල්ල කලා විය හැකියි”

ශවේන්ද්‍ර සිල්වා ගේ සංස්කරණය නොකල පිළිතුර:

 ”නැහැ. 58 සේනාංකය හෝ 55 සේනාංකය හෝ හමුදාවේ කිසිවෙක් ෂෙල් ප්‍රහාර එල්ල කලේ නැහැ. ඔය වාර්තාවේ සඳහන් වනවා රෝහලකට ෂෙල් ප්‍රහාර එල්ල වූ බව. නමුත් හමුදාවේ කිසිවෙක් ෂෙල් ප්‍රහාර එල්ල කලේ නැහැ. එසේම ඔය වාර්තාවේ දැක්වෙනවා 58 වන සහ 55 වන සේනාංක පුදුකුඩි ඉරිප්පු රෝහල අසල සිටි බව. එයත් අසත්‍යයි. 55 වන සේනාංකය ඒ ප්‍රදේශය තබා ඒ අසල ප්‍රදේශයකවත් ස්ථානගතකොට සිටියේ නැහැ. සිටියේ 53 සහ 58 වන සේනාංක පමණයි. ඔය කියන වාර්තාව සම්පාදනය කර තියෙන්නෙත් අසත්‍ය තොරතුරු මත.”

මූලාශ්‍ර:

 

 

ත්‍රස්තවාදයට උදව් කරන මොහු ත්‍රස්තවාදියෙකු නොවේ ද?ත්‍රස්තවාදයට උදව් කරන මොහු ත්‍රස්තවාදියෙකුම නොවේ ද?

 

“ඉනර් සිටි ප්‍රෙස්” හි මැතිව් රසල් ලී යනු ම්ලේච්ඡ කොටි ත්‍රස්තයින් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි මාධ්‍ය ගණිකා වෘත්තිකයෙකි. අප රටේ මධ්‍යස්ථ යැයි කියාගන්නා මාධ්‍ය රැලකට නම් මොහු මහා ප්‍රවීන මාධ්‍යකරුවෙකි.

නමුත් තමන් අසන ප්‍රශ්නයක් පිළිබඳව විශ්වාසයක් නැති එමෙන්ම සත්‍යයට මුහුණ දෙන්නට ධෛර්යයක් ද නැති මේ කොටි ත්‍රස්තයින් ගේ ඩොලර් හිඟන්නා අනුගමනය කරන්නේ කිනම් මාධ්‍යකරණයක් ද යන්න දැන් මොනවට පැහැදිලි ය.

 

– සිංහලයා පුවත්

 මේ පුවතේ ඉංග්‍රීසි සංස්කරණය