Spread the News

කොංගෝ දියමන්ති ජාවාරමට සම්බන්ධ
යුද අපරාධකරුවෙක්‌ ශ්‍රී ලංකාවේ

source:

* විමුක්‌ති අරගලය ගෙන යන බව ශ්‍රීධරන් පවසයි

* අතිශයින් ශක්‌තිමත් ශ්‍රී ලංකා යුද හමුදාව පරාජය කළ
නොහැකි යෑයි කරුණානිධි පවසයි

* බලු පැටියකු ගැන හඬ නඟන එන්.ජී.ඕ. ක්‍රියාකාරීහු
දියමන්ති ජාවාරමට සම්බන්ධ එන්.ජී.ඕ. ප්‍රධානියකු ගැන හඬ නොනඟයි

* කොටි ත්‍රස්‌තයන්ට “මචං” කියන ආරක්‍ෂක ලේකම්වරයකු
අවශ්‍ය යෑයි එන්.ජී.ඕ. ක්‍රියාකාරීහු ඉල්ලා සිටී

* මැලේසියානු ඉන්දියානුවන් උතුරේ විපතට පත්වූවන්
වෙනුවෙන් එවූ ආර්. එච්. 73000 ක්‌ ලන්ඩනයේ කොටි ගිණුමකට බැර කරලා

* ප්‍රභාකරන්ගේ උපන්දිනයට ඩෙසර්ට්‌ ඊගල් පිස්‌තෝලයක්‌ පරිත්‍යාග කළ හමුදාපතිවරයෙක්‌ට ඉල්ලා අස්‌වන්නැයි හඬක්‌ නොනැඟුණේ මන්ද?

* ඕස්‌ටේ්‍රලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ තිසර සමරසිංහට
එරෙහිව ක්‍රියා කරන්නැයි සෙනෙට්‌ මන්ත්‍රීනි ලී රියානොන් කළ
ඉල්ලීම පෙඩරල් පොලිසිය ඉවත දමයි

එන්.ජී.ඕ. ක්‍රියාකාරීහු අවස්‌ථාව එනතුරු බලා සිටී
– රුසියානු ජනාධිපති වැලඩ්මීර් පුටින්


නෙල්ලඩිහිදී විරෝධතා දැක්‌වූ කණ්‌ඩායම කොටි ත්‍රස්‌තයකු වූ මියගිය
නිමලරූබන් වෙනුවෙන් හඬ නඟන්නෝ – ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සහ ශ්‍රීධරන්. ප්‍රභාකරන් සහ පොට්‌ටුඅම්මාන් සමග දැඩි මිත්‍රකම් පැවැත්වූවකු ද මොවුන් අතර වේ.

තමිල්නාඩුවේ කුනුර්හි ගේට්‌වේ හෝටලයේ නතර වී සිටි මේජර් ජනරාල් ජගත් ඩයස්‌ ඇතුළු විදේශික හමුදා කණ්‌ඩායම

ඔස්‌ටේ්‍රලියාවේ ශ්‍රීලංකා මහකොමසාරිස්‌ තිසර සමරසිංහ

ද්‍රවිඩ සන්ධානයට හා කොළඹ සිටින බටහිර තානාපතිවරුන්ට අවශ්‍ය වී ඇත්තේ උතුරු නැගෙනහිරින් හමුදා කඳවුරු ඉවත්කර ගැනීම හා කොටි මිනීමරුවන්ව නිදහස්‌ කර ගැනීමයි. දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානවලට ද යළිත් වරක්‌ මෙරට බෙදුම්වාදය ක්‍රියාත්මක කරලීම උදෙසා උතුරු නැගෙනහිර තමන්ට අවශ්‍ය පරිදි රාජ්‍ය නොවන සංවිධාන ස්‌ථානගත කිරීමේ අවශ්‍යතාව මතුවී ඇත.

කොටි ඩයස්‌පෝරාවේ සැලසුම තමන්ට අවනත වන කොන්දක්‌ නැති රජයක්‌ ස්‌ථාපිත කිරීමයි. මේ පසුබිම මැද විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාව වී ඇත්තේ කොටින්ට යළි ජීවය දීමයි. එහෙත් මේ ඉලක්‌ක සපුරා ගැනීමේ ප්‍රධානතම බාධකය ආරක්‍ෂක ලේකම්වරයායි.

වත්මන් ආරක්‍ෂක ලේකම් වෙනුවට කොටි ත්‍රස්‌තයන්ට “මචං” යෑයි ඇමතූ එසේම කොටි ත්‍රස්‌තයන් රෝගාතුර වී සිටියදී ඇපල් මල්ලක්‌ ගෙන ඔවුන්ගේ සුවදුක්‌ බැලීමට ගිය ක්‍රමයේ ආරක්‍ෂක ලේකම්වරයකු මොවුන්ට අද අවශ්‍ය වී ඇත.

2006 මැයි 27 වැනිදා නඩරාජා සරවනබවන් හෙවත් සිට්‌ටු නමැති ත්‍රස්‌තයා විල්පත්තුව වනයේ බිම්බෝම්බ අටවා මෙරට සංචාරකයන් පිරිසක්‌ ගමන් කළ වාහනය සමග ඔවුන්වද විනාශ කළේය.

සරවනභවන් දැන් බූස්‌සේ රැඳවුම් කඳවුරේ සිටී. සරවනබවන්ගේ සුවදුක්‌ විමසීමට වත්මන් ආරක්‍ෂක ලේකම්වරයා ඇපල් මල්ලක්‌ රැගෙන බූස්‌සට ගියේ නැත.

එහෙත් දැන් එන්.ජී.ඕ. ක්‍රියාකාරීහු ආරක්‍ෂක ලේකම්වරයා ධුරයෙන් ඉවත්විය යුතු බවට හඬ නඟයි.

2002 දී කටුනායක ගුවන්තොටුපළ පාලනය කළේ හිටපු ටැක්‌සිකාරයෙකි. ස්‌විට්‌සර්ලන්තයට ගිය තමිල් සෙල්වන් ප්‍රමුඛ කොටි කණ්‌ඩායම කටුනායකට බඩුපෙට්‌ටි හයක්‌ ගෙන ආහ. ඒවා රේගු පරීක්‍ෂාවට ලක්‌වූයේ නැත. කොටින්ගේ අබිරහස්‌ බඩු පෙට්‌ටි හය බෙල් හෙලිකොප්ටරයක ගෙන යැමට නොහැකි යෑයි ගුවන් හමුදා නිලධාරියා පැවසූවිට ටැක්‌සිකාරයා කිපුණේය. විගස ඉහළ බලධාරීන්ව අමතා එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරයක්‌ කොටින්ට ලබාදීමට ද ඔහු ක්‍රියා කළේය. ගුවන් හමුදා නිලධාරියාව ද මාරු කෙරිණි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ නිලධාරියකු ද කොටින්ට කන්ටේනර් මගින් බඩු ගෙන්වීමේ පහසුකම් ලබාදුන්නේය. මේ පසුබිම මැද ශ්‍රී ලංකා ගුවන් සේවාව පාලනය කළ “සුද්දෙක්‌” ලන්ඩනයේ සිට කොළඹට පැමිණෙන යානාව ප්‍රමාද කර ඔහුගේ රෝල්ස්‌ රොයිස්‌ රථය ඊට ඇතුළත් කළේය.

එම “සුද්දා” සිටියදී බ්‍රිතාන්‍යයේ සංචාරයකට ගිය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ආපසු මෙරටට ඒමට ශ්‍රී ලංකා ගුවන් සේවා යානාවක්‌ ලැබුණේ ද නැත.

කොටි සංවිධානයට ඩොලර් මිලියන හතරක්‌ දුන්නේ මෙරට බැංකු දෙකක හා සමාගම් 10 ක කොටස්‌ මිලයට ගත් ඇමරිකානු කෝටිපති ව්‍යාපාරික රාජ් රාජරත්නම්ය. ඔහුව මෙරටට කැඳවාගෙන පැමිණියේ කොළඹ ව්‍යාපාරිකයන් දෙදෙනෙකි. ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස්‌ ටේලර් සමග දියමන්ති ජාවාරම කළ යුද අපරාධකරුවකු දැන් මෙරට සිටී.

එසේම මෙරට නෝවීජියානු තානාපතිව සිටි ජෝන් වෙස්‌ට්‌බර්ග් කොටින්ට ගුවන්විදුලි සම්ප්‍රේෂණ ගෙන දුන්නේ තානාපති වරප්‍රසාද උල්ලංඝනය කරමිනි.

මේ හැර සටන් විරාම කමිටුවේ හිටපු ප්‍රධානියකු වන ට්‍රයිකෝ ටෙලිප්සන් කොටින්ට මුහුදු කලාපයක්‌ දීමට පිඹුරුපත් සකස්‌ කළේය. හිටපු නෝර්වේ තානාපති හෑන්ස්‌ බුට්‌ස්‌කාර් ජනාධිපති හමුවී කොටින්ට එරෙහිව දියත් වූ සාම්පූර් මෙහෙයුම නතර කිරීමට ද උත්සාහ කළේය. මෑතකදී කොළඹ නෝර්වේ තානාපති කාර්යාලයේ නිලධාරියකු ද්‍රවිඩ සන්ධානය හා මුස්‌ලිම් කොන්ග්‍රසය අතර සන්ධානයක්‌ ඇති කිරීමට ද උත්සාහ කළේය.

එහෙත් කොටින්ට බඩුපෙට්‌ටි ගෙනයැමට ඉඩදුන් ටැක්‌සිකාරයා සිට ආයෝජන මණ්‌ඩලයේ එවකට සිටි ප්‍රධානියකු සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවාව පාලනය කළ සුද්දාට ද නෝර්වේ තානාපති නිලධාරීන්ට ද සිය ධුරවලින් ඉවත්විය යුතු යෑයි මෙරට එන්.ජී.ඕ. ක්‍රියාකාරීහු පැවසුවේ නැත.

එහෙත් කොටි බෙදුම්වාදය නැවතත් හිස එසවීමට උත්සාහ කරන අවස්‌ථාවේ මෙරට එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් පිරිසක්‌ වත්මන් ආරක්‍ෂක ලේකම්වරයා යායුතු යෑයි කියා සිටී.

මොවුන් කවුරුන්ද? ඉන් එක්‌ අයෙක්‌ සටන් විරාම සමයේ මඩකලපුවට ගොස්‌ කරිකාලන් ත්‍රස්‌තයා හමුවී සාකච්ඡා කළ ප්‍රකට එන්.ජී.ඕ. ක්‍රියාකාරියෙකි. රජයේ සමෘද්ධි අරමුදලින් ණයක්‌ ද ලබාගත්තේය.

ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහිව වී ඇති විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රධානියා පසුගියදා ජිනීවා ගොස්‌ ශ්‍රී ලංකාවට එරෙහිව ඝෝෂා කළේය.

වන්නි මෙහෙයුම නතර කිරීමට මොවුන් දැඩි ලෙස උත්සාහ කළේය. මේ කණ්‌ඩායමට ඉන්දීය සාම හමුදාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා වූ කර්නල් හරිහරන් ද සම්බන්ධ වී සිටී.

ශ්‍රී ලංකා හමුදාව ජයගනු ඇතැයි හරිහරන් කිසිසේත් බලාපොරොත්තු වූයේ නැත. තවත් අයෙක්‌ වෙබ් අඩවිවලට ලියන මහාචාර්යවරයෙකි.

මොවුන් කිසිවෙක්‌ කොටි ත්‍රස්‌තවාදයට එරෙහිව හඬ නැඟුවේ නැත. හිටපු විදේශ ඇමැති කදීර්ගාමර් හා නිලන් තිරුචෙල්වම්ව කොටින් විසින් ඝාතනය කළ අවස්‌ථාවේ මේ ඝාතන නතර කළ යුතු යෑයි පැවසීමට මොවුන්ට කොන්දක්‌ තිබුණේ නැත.

එහතේ ඉලක්‌කය පැහැදිලිය. කොටි පරාජය දරාගත නොහැකි පාර්ශ්වයන් ආරක්‍ෂක ලේකම්වරයා ඉවත්විය යුතු යෑයි කියා සිටී.

වන්නි මෙහෙයුම සමයේ ප්‍රභාකරන් මිනීමරුවාව බේරා ගැනීමට හිටපු බ්‍රිතාන්‍ය විදේශ ඇමැති මිලිබෑන්ඩ් හා ප්‍රංශ විදේශ ඇමැති මෙරටට පැමිණි අවස්‌ථාවේ ඔවුන්ව පන්නා ගත්තේ ද ආරක්‍ෂක ලේකම්වරයායි.

එසේ වුවත් මේ එන්.ජී.ඕ. කාරයන්ට දැන් අවශ්‍ය වී ඇත්තේ ලිබියාවේ මෙන් හමුදා කඳවුරුවලට හා පොලිස්‌ ස්‌ථානවලට පහරදී ආයුධ රැගෙන අරාබි වසන්තය නමැති රාජ්‍ය විරෝධී ක්‍රියාදාමයට සමානව කොළඹ වසන්තය නමින් අරාජික තත්ත්වයක්‌ ඇති කිරීමයි.

මේ ක්‍රමවේදය දියත් කිරීමට ඇති බාධකය වී ඇත්තේ වත්මන් ආරක්‍ෂක ලේකම්වරයායි.

ඒ සඳහා විවිධ උපක්‍රම දියත් වී ඇත. සුදුකොඩි කතාව නිසා හිටපු හමුදාපතිවරයා පමණක්‌ නොව හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල විය. එම සාවද්‍ය චෝදනාව දැන් ලොව පුරා ව්‍යාප්ත වී තිබේ. මෙයට සමගාමීව මාධ්‍යවේදිනියක්‌ විසින් ආරක්‍ෂක ලේකම්ගෙන් බලු පැටියකු සම්බන්ධ කළ විමසීම සම්බන්ධයෙන් දැන් එන්.ජී.ඕ. ක්‍රියාකාරීහු මහත් ආන්දෝලනයක්‌ ගෙන යති.

මේ බලුපැටිය පිළිබද ඇති වූ සංවාදය අපි කිසිසේත් අනුමත නොකරන්නෙමු. එසේ වුවත් දැන් එය රාජ්‍ය නොවන සංවිධාන විසින් ජාත්‍යන්තරයට ගෙනගෙස්‌ ඇත්තේ සිය යටි අරමුණු ඉටුකර ගැනීම සදහ බව පැහැදිලිය.

 

බ්‍රිතාන්‍ය අගමැති කැමරන්ගේ ලැරී නමැති පූසා
මීයන් අල්ලන්නේ නැත්තේ මන්ද යෑයි බ්‍රිතාන්‍ය
මාධ්‍ය කැමරන්ගෙන් විමසා නැත

එහෙත් මීයන් ඇල්ලීම සඳහා බ්‍රිතාන්‍ය අගමැති කැමරන් විසින් ගෙන ආ ලැරී නමැති පූසා මීයන් අල්ලන්නේ නැත්තේ මන්දැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය කැමරන්ගෙන් විමසා නැත. බලුපැටියා ගැන ආන්දෝලනයක්‌ නඟන එන්.ජී.ඕ. ක්‍රියාකාරීහු ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස්‌ ටේලර් සමග දියමන්ති විකිණූ බවට චෝදනා එල්ලවූ මෙරට එන්.ජී.ඕ. ප්‍රධානියකු ගැන විමසා නැත.

යුද අපරාධ සම්බන්ධව චාල්ස්‌ ටේලර් අද සිරදඬුවම් විඳින අවස්‌ථාවේ මෙරට එන්.ජී.ඕ. ක්‍රියාකාරියා සුවසේ සිටී.

කොටින්ට මුදල් පෙට්‌ටි හයක්‌ රත්මලාන ගුවන්තොටුපළින් පලාලි වෙත ගෙන යැමට ඉඩ දුන්නේ මෙරට හිටපු ජනාධිපතිවරයෙකි.

2002 දී කොටින්ටත් ඩබල්කැබ් රථ සඳහා රජය බදු ගෙව්වේය. මෙරට හිටපු හමුදාපතිවරයෙක්‌ ප්‍රභාකරන්ගේ උපන් දිනය වෙනුවෙන් ඊශ්‍රායලයේ නිෂ්පාදිත ඩෙසර්ට්‌ ඊගල් වර්ගයේ පිස්‌තෝලයක්‌ ද පරිත්‍යාග කළේය.

එසේම රජයක්‌ යටතේ ප්‍රභාකරන්ගේ දුවට හා පුතාට ගමන් බලපත් ද සකස්‌ විය. එසේම තවත් රජයක්‌ කොටින්ට ආයුධ පවා සපයනු ලැබීය.

මේ ෙද්‍රdaහී ක්‍රියාවලට සම්බන්ධ වූවන් සිය ධුරවලින් ඉවත්විය යුතු බවට එදා ආන්දෝලනයක්‌ ඇති වූයේ නැත. මේ අතර ආරක්‍ෂක ලේකම්වරයා ඉවත්විය යුතු යෑයි ඝෝෂා කරන කණ්‌ඩායමට කොටි ත්‍රස්‌තයන් ද එකතු වී සිටී. ප්‍රංශයේ ද්‍රවිඩ මානව හිමිකම් සංවිධාන නමින් ව්‍යාජ සංවිධානයක්‌ පිහිටුවා ගෙන සිටින වී. කිරුබාහරන් නමැති කොටි ත්‍රස්‌තයා ද ඊට සම්බන්ධ වී ඇත.

කැනඩා රහස්‌ පොලිස්‌ වාර්තාවට අනුව කිරුබාහරන් යනු කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියායි. තිස්‌ වසරක්‌ තිස්‌සේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට ඉඩ දුන් මේ එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් ආරක්‍ෂක ලේකම්වරයා යායුතුයි කියන්නේ රටට ඇති ආදරයට නොව ඔවුන්ගේ බටහිර න්‍යායපත්‍රය ඉටුකර ගැනීමට බව පැහැදිලිය.

මේ වාතාවරණය යටතේ තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ඉන්දීය අගමැති මන්මෝහන් සිං වෙත හදිසි සංදේශයක්‌ යවමින් නවදිල්ලියේ ආරක්‍ෂක විද්‍යාපීඨයේ පුහුණුවක්‌ සඳහා ආ එයාර් වයිස්‌ මාෂල් ජගත් ඩයස්‌ හා නාවික හමුදාවේ එම්. රණසිංහ තමිල්නාඩුවේ නිල්ගිරි දිස්‌ත්‍රික්‌කයේ කුනුර් වෙත පැමිණි බවත් ඔවුන්ගේ ආගමනය තමිල්නාඩු ජනතාවට අවමානයක්‌ නිසා වහාම පුහුණුව නවත්වා ආපසු ශ්‍රී ලංකාවට යවන්නැයි ඉල්ලා සිටියාය. ජගත් ඩයස්‌ යනු මේජර් ජනරාල්වරයකු යෑයි ජයලලිතාට වාර්තා වී නොතිබිණි. ඇය මෙම ඉල්ලීම කරන විට මෙම ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන් දෙදෙනා කුනුර්හි ගේට්‌වේ හෝටලයේ සිටි අතර හෝටලයෙන්ම එම පුවත කොටි හිතවාදීන්ට වාර්තා විය.

මේ පුවත වාර්තා වූ විගස වාහන කීපයකින් පැමිණි එම්.ඩී.එම්.කේ. පක්‍ෂයේ කොටි හිතවාදීහු හෝටලයට කඩාවැදීමට ගත් උත්සාහය පොලිසිය විසින් ව්‍යාර්ථ කෙරිණි. එහෙත් ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් දෙදෙනාගේ ඡායාරූප ගැනීමට කොටි හිතවාදීන්ට හැකි විය. පසුව එම නිලධාරීන්ට මෙරටට ඒමට සිදුවිය.

මේ අතර අගෝස්‌තු 16 වැනිදා තමිල්නාඩුවේදී කරුණානිධිගේ ටෙසෝ හෙවත් ඊළාම් සමුළුව ආරම්භ වේ. මෙම ඊළාම් සමුළුවේදී ඊළාම් න්‍යායපත්‍රය අත්හල බව කරුණානිධි කියා සිටියේය.

එම සමුළුවට ද්‍රවිඩ සන්ධාන නායක සම්බන්ධන්, මාවයි සේනාධිරාජා, යෝගේශ්වරන්, ගෙ-න්ද්‍රකුමාර් පොන්නම්බලම්, සුමන්තිරන්, සරවනබවන් හා අනිකුත් අයට ඇරයුම් කර ඇතැයි වාර්තා විය. මේ හැර නයිජීරියානු ඇමැති මූසා සහ ස්‌විට්‌සර්ලන්ත මානව හිමිකම් ක්‍රියාකාරියකු යෑයි කියන මලික්‌ නමැත්තා ද කොටි සමුළුවට සහභාගි වේ.

පසුගිය ජුලි 18 වැනිදා කරුණානිධි තමිල්නාඩු වාර්තාකරුවන් සිය නිවසට කැඳවීය. “මගේ ඉටු නොවූ අරමුණ වූ ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කිරීම ඉටුකර ගැනීමට බලාපොරොත්තු වෙනවා. මගේ අරමුණ ඉවත් කරගන්නැයි කුමන බලවේගයක්‌ කිව්වත් මා ඊට බිය වන්නේ නැහැ. එහෙත් වත්මන් තත්ත්වය ගැන අවධානය යොමුවිය යුතුයි. ද්‍රවිඩයන් විසින් නැවතත් ආයුධ සන්නද්ධ අරගලයක්‌ දියත් කරනු ඇතැයි මා සිතන්නේ නැහැ. එහෙත් සටන්කාමීන්ට වඩා ශ්‍රී ලංකා හමුදාවට අතිවිශාල ශක්‌තියක්‌ තිබෙනවා. අවසානයේදී සිදු වන්නේ හමුදාව ජය ලැබීමයි” යෑයි කරුණානිධි කියා සිටියේය.

අසූනව හැවිරිදි කරුණානිධි ශ්‍රී ලංකා හමුදාව පරාජය කළ නොහැකි බව පැවසුවේ මුල් වරටය. එහෙත් 2008 දී ඔහු කීවේ කොටි ජය ලබන බවයි. එහෙත් යම් දිනෙක ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ට ඊළාම් රාජ්‍යය ලැබෙන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

එසේනම් බලු පැටියකු සම්බන්ධ පැන නැඟුන කතාවන් විශාල සිද්ධියක්‌ බවට පත් කර ඇත්තේ කොන්දක්‌ නැති බටහිර තානාපතිවරුන්ට හිස නමන අයෙක්‌ ආරක්‍ෂක ලේකම්වරයකු ලෙස පත්කර කරගෙන කරුණානිධිලාගේ ඊළාම් ඉලක්‌කය සපුරාලීමට නොවේද?

මේ අතර උතුරේ තත්ත්වය සම්බන්ධව බටහිර තානාපතිවරු ඉතා රහසිගත විමර්ශනයක යෙදී ඇතැයි වාර්තා විය.

කොළඹ බ්‍රිතාන්‍ය තානාපති ජෝන් රැන්කින් පසුගියදා යාපනයට ගියේය. සිනහමුසු මුහුණින් කතා කරන රැන්කින් සිත් ඇදගන්නා ලෙස මිනිසුන් ඇමතීමේ දක්‍ෂයෙකි. “උතුරේ ද්‍රවිඩයන් තමන්ගේ අයට සිදුවූ දේ දන්නේ නැහැ” රැන්කින් පසුව කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකාවේ උතුරේ යුද අනාථයන් වෙනුවෙන් මැලේසියානු ඉන්දියානුවන් එකතු කළ මැලේසයානු ආර්.එච්. 73000 ක මුදලක්‌ ලන්ඩනයේ පදිංචි කොටි හිතවාදියකු වූ පත්මනාදන්ගේ ගිණුමට බැර වී ඇත. මෙම පත්මනාදන් නමැත්තාව බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මුදල්වලට සිදුවූ දේ ගැන තොරතුරු හෙළි කිරීමට මැලේසියාවේ µsනැන්ග් හි නියෝජ්‍ය මහ ඇමැති පී. රාමසාමි ක්‍රියා කර නැත. රාමසාමි කොටි සංවිධානයේ ප්‍රධානතම හිතවතෙක්‌ ලෙස ක්‍රියා කළේය.

මේ පසුබිම යටතේ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නමැත්තා කොටි ත්‍රස්‌තයකු වන නිමලරූබන් නමැත්තාගේ මරණය සම්බන්ධව නෙල්ලඩි ප්‍රදේශයේදී විරෝධතාවක්‌ මෙහෙයවා ඇත. මෙම විරෝධතාවය ඇමතූ පොන්නම්බලම් ද්‍රවිඩ ජාතියේ පිළිගැනීම හා ස්‌වෛරීභාවය ආරම්භ කිරීමට අප අපොහොසත් වන තුරු අපේ දේශපාලන ක්‍රියාවන් ද ඇදවැටී ඇතැයි කීවේය.

යාපනය කොටි හමුදා නායක තීපන්ගේ සමීපතම ඥතියකු වන ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් ද විරෝධතාව අමතමින් ද්‍රවිඩයන් පරාජිත ජාතියක්‌ නොවන බවත් විමුක්‌ති අරගලය දිගටම ගෙන යන බවට ද කියා සිටියේය.

මේ අතර කොටි ත්‍රස්‌තවාදියකු වූ මියගිය නිමලරූබන් වෙනුවෙන් ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ නෙල්ලඩි හි පැවැත්වූ විරෝධාතවට අධිකරණයේ අවසරය ද ලැබී තිබිණි. මේ විරෝධතාවට පොලිස්‌ ආරක්‍ෂාව දෙන්නැයි පේදුරුතුඩුවේ අධිකරණය පොලිසියට උපදෙස්‌ දුන් බවද කොටි වෙබ් අඩවියක්‌ හෙළි කර ඇත. ත්‍රස්‌තයන් වෙනුවෙන් පවත්වන විරෝධතාවලට අවසර දෙන ලොව වෙනත් අධිධිකරණ තිබේද?

කීර්ති වර්ණකුලසූරිය