Spread the News

ඉන්දියාවට පනින්න ගිය 8 ක්‌
තලෙයිමන්නාරමේදී කොටුවෙති source:

නීති විරෝධී ලෙස ඉන්දියාවට යැමට තැත් කළ ද්‍රවිඩ ජාතිකයන් 8 දෙනකු තලෙයිමන්නාරම ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් පෙරේදා (23 දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

තලෙයිමන්නාරම ඌරුමලේ වෙරළ තීරයේදී අත්අඩංගුවට ගත් මෙම පිරිසට පිරිමි 03 ක්‌ කාන්තාවෝ දෙදෙනෙක්‌ සහ දරුවෝ 4 ක්‌ අයත් වෙති. මොවුන් සතුව ව්‍යාජ විදෙස්‌ ගමන් බලපත්‍ර 3 ක්‌ද තිබී හමුවී ඇත. මොවුන් ධීවර බෝට්‌ටුවකින් අනවසරයෙන් ඉන්දියාව බලා යැමට සූදානම්ව සිටි බව නාවික හමුදාව වෙත ප්‍රකාශ කර තිබේ.

උතුරු මැද නාවික විධානයට අයත් තම්මැන්නා නාවික නෞකා ආයතනයට අයත් නාවිකයන් විසින් මෙම අනවසර සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගෙන ඇත.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි