Spread the News
මුළු පවුලම සසුන් කෙතට
source:
මනම්පිටිය – ඡේ. ඒ. ජයකොඩි

අද සමාජයේ බොහෝ දෙනා නිලතල, තනතුරු, දේපළ හා ගරු නම්බු ද අපේක්‍ෂාවෙන් බොහෝ දේ කරති. ඒ අවසානයේදී වැඩි පිරිසකට ලැබෙන්නේ දුක, වේදනාව, කලකිරීම හා පාපකාරී සිතුවිලි බව තේරුම් ගත් පිරිස ද ඇත්තේ කී දෙනකුගෙන් කී දෙනෙක්‌ද?

එවන් තත්ත්වයක්‌ ඇති වර්තමාන සමාජයේ ආගමට දහමට ලැදි පිරිස්‌ හා සමාජයට සැබෑ ශාසනික සේවාවක්‌ කළ හැකි මෙන්ම ආදර්ශවත් අයත් අප සමාජයේ සිටින බව මෙම ඡායාරූපයෙන් අප කාටත් සිතා ගත හැක.

මවකට ඇති දරු සෙනෙහසත්, දරුවන්ට ඇති මව් සෙනෙහසත්, පිය පුතු සෙනෙහස ද පසෙක දමා එකම පවුලේ පුතුන් හතරදෙනාත් අම්මාත්, තාත්තාත් බුද්ධ ශාසනයට ඇතුළු වී බුද්ධ පුත්‍රයන් වහන්සේ බවට පත්වී කරන්නා වූ මෙවන් අති දුෂ්කර කාර්ය අගය කළ යුතු වේ.

එකම පවුලේ අම්මාත්, තාත්තාත්, දරුවන් හතරදෙනාත් ගිහි ජීවිතයෙන් සමුගෙන පැවිදි බවට පත්වීමෙන් පසු උපසම්පදා ලැබූ එකම පවුලේ ප්‍රථමයා හා වැඩිමහල් හිමි නම වන මනම්පිටියේ මහවැව ශ්‍රී ශාන්ති නිකේතනාරාමාධිපති පූජ්‍ය වලපනේ ධම්මවංශ හිමියන් මෙසේ පැවසූහ.

”මමයි ලොකු මල්ලියි එක දවසක මහණ වුණා.

අපි දෙන්නා පන්සලේ ඉන්න කොට පොඩි මල්ලිලා දෙන්නා නිතරම එනවා අපි බලන්න. අම්මලත් එනවා. ඉතිං ඔහොම යනකොට මල්ලිලා දෙන්නටත් මහණ වෙන්න ඕන කියලා ඒ දෙන්නත් මහණ වුණා. ඊට පස්‌සේ අම්මයි තාත්තයි දෙන්නත් පන්සල් දෙකක මහණ වුණා.

අපට වලපනේ නිල්දණ්‌ඩාහින්නේ අක්‌කර තුනක විතර ඉඩමක්‌ තියෙනවා. ඒ ඉඩමත් ගෙයත් අහල පහල අයට ගන්න කියලා කිව්වා. අපි ඒ ඉඩම ගැන සොයන්නේ නැහැ. අපට පන්සල හොඳයි. දැන් මට ඕන මේ පන්සල දියුණු කර ගෙන ඉන්නයි.” මෙසේ පැවිදි වූයේ වලපනේ අභයරතන හිමි (45) පියා. වලපනේ ධම්මදින්නා තෙරණිය (39) මව, වලපනේ ධම්මවංශ හිමි (22), වලපනේ අරියවිමල හිමි (17), පලපනේ පCඳ්Cdධීර හිමි (13), හා වලපනේ සුබෝධිරතන හිමි (9) යන බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අතර පවුලේ වැඩිමල් හිමිනම වන වලපනේ ධම්මවංශ හිමියන් මනම්පිටිය ශ්‍රී ශාන්ති නිකේතනාරාමයේ විහාරාධිපති වහන්සේ ලෙස එම විහාරස්‌ථානයේ වැඩ වසමින් සිටී.

Powered