ඕස්‌ටේ්‍රලියාවට පලා යමින් සිටි 2409 ක්‌ මේ වසරේ අත්අඩංගුවට අරන්

Spread the News

ඕස්‌ටේ්‍රලියාවට පලා යමින් සිටි
2409 ක්‌ මේ වසරේ අත්අඩංගුවට අරන්

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

source:

නාවික හමුදාව මෙම වසරේ සිදුකළ නාවික මෙහෙයුම්වලින් ඔස්‌ටේ්‍රලියාව බලා නීති විරෝධී ලෙස මුහුදින් පලා යමින් සිටි අනවසර ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 2409 දෙනකු සමඟ බෝට්‌ටු 47 ක්‌ අත්අඩංගුවට ගෙන රහස්‌ පොලිසිය වෙත භාරදී ඇතැයි නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල්a ජයනාත් කොළඹගේ පැවැසීය.

එයින් පුද්ගලයන් 1000 ක්‌ පමණ සහ බෝට්‌ටු 26 ක්‌ තමා නැගෙනහිර නාවික ආඥාපතිව සිටියදී නාවික මෙහෙයුම් මගින් අත්අංගුවට ගත් බව ද හෙතෙම පැවැසීය.

ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩකරන ජීවත්වීමට නුසුදුසු රටක්‌ බවට අසත්‍ය ප්‍රචාර පතුරවමින් ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්කිරීමට උත්සාහ කරන මෙම අනවසර සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීමේ නාවික මෙහෙයුම් අඛණ්‌ඩව සිදුකර ගෙන යන බව ද වයිස්‌ අද්මිරාල් කොළඹගේ කීවේය.

අනවසර සංක්‍රමණිකයන් පිළිබඳව ඔස්‌ටේ්‍රලියානු රජය ගෙන ගිය ලිහිල් පිළිවෙත එරටට යන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගේ ප්‍රමාණය සීග්‍රයෙන් ඉහළ යැමට හේතු වූ එක්‌ කරුණක්‌ වූ බව සඳහන් කළ නාවික හමුදාපතිවරයා මේ වන විට එම තත්ත්වය කෙමෙන් වෙනස්‌ වී ඔස්‌ටේ්‍රලියානු රජය සංක්‍රමණිකයන් පිළිබඳ නීති තදින් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම නිසා ඉදිරියේදී මෙම නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ ප්‍රමාණය අඩුවීමට ඉඩ ඇතැයි විශ්වාස කරන බව ද පැවැසීය.