පනස්‌ පහකගේ දිවි අහිමි කළ ලයන් එයාර් යුද අපරාධය වසර 14 කට පසු හෙළිවීම

Spread the News


පනස්‌ පහකගේ දිවි අහිමි කළ ලයන් එයාර්
යුද අපරාධය  වසර 14 කට පසු හෙළිවීම

source:

මෙලෙස සිවිල් ගුවන් යානාවකට කොටි මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කළ බවට සනාථ වන කරුණු වාර්තාවන අවස්‌ථාවේ එදා සිටි රජය ජගත් ප්‍රජාව හමුවේ එA බව පැවසුවේ නැත්තේ මන්ද යන්න බරපතළ ප්‍රශ්නයකි.

එසේම මානව හිමිකම් ගැන හඬ නගන රාජ්‍ය නොවන සංවිධාන පවා වචනයක්‌වත් කතා කළේ නැත.

මේ යානාවේ සිටි මගීහු සියලු දෙනාම ද්‍රවිඩයන්ය. ඔවුන් අතර හිටපු විදුහල්පතිවරු හා රාජ්‍ය සේවකයන් ද විය. එහෙත් ලන්ඩනයේ සිට ප්‍රකාශයට පත්වන ටැමිල් ගාඩියන් නමැති කොටි පුවත්පත නිවේදනයක්‌ කරමින් යාන්ත්‍රික දොaෂයකින් ලයන් එයාර් යානාව කඩාවැටුන බවත් ගුවන් යානාවේ සුන්බුන් හා මළ සිරුරු ගොඩගැනීමට නාවික හමුදාව ඉඩ දෙන්නේ නැතැයි කියමින් ජගත් ප්‍රජාව රැවටීමට ක්‍රියා කළහ.

“ලයන් එයාර් යානාව යාන්ත්‍රික දොaෂයකින් කඩාවැටුණි. මළ සිරුරු කීපයක්‌ හා ප්ලයිට්‌ රොකෝඩරයක්‌ ද හමුවිය. මුහුද යට ඇති ගුවන් යානාව ගොඩගැනීමට ස්‌වෙච්ඡා සේවකයන් ඉදිරිපත් වුවත් නාවික හමුදාව ඊට ඉඩදී නැත. මේ යානාව විපතට පත්වීම ගැන කොටි සංවිධානය වගකිවයුතු නැත. ලයන් එයාර් සමාගම ද කොටි සංවිධානයට චෝදනා කර නැත. යානාවට මිසයිල ප්‍රහාරයක්‌ එල්ල වූ බවට ගුවන් හමුදාව කළ ප්‍රකාශය පසුව ඉල්ලා අස්‌කර ගැනුණි.”

– ලන්ඩන් නුවර සිට ප්‍රකාශයට පත්වන කොටින්ගේ ටැමිල් ගාඩියන් පුවත්පත 1998 ඔක්‌තෝබර්

වසර 14 කට පසු කොටි ත්‍රස්‌ත සමාගමේ යුද අපරාධයක්‌ (War Crime) හෙළිවී ඇත. යුද අපරාධ ගැන හඬ නගන මෙරට ඩොලර් කාක්‌කන් දැන් කියන්නේ කුමක්‌දැයි අපි අසන්නෙමු. කොටින්ගේ ඉම්රාන් පාන්ඩියන් එAකකයේ ත්‍රස්‌තයකු ත්‍රස්‌ත මර්දන එAකකය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු පුරා 14 වසරක්‌ තිස්‌සේ සාක්‍ෂි නොමැතිව තිබූ කොටින්ගේ යුද අපරාධයක්‌ හෙළි විය. පසුගියදා නාවික හමුදා කිමිදුම්කරුවන් කණ්‌ඩායමක්‌ ඉරනතිවු දූපත අසල නොගැඹුරු මුහුදු පත්ලේ සිදු කළ විමර්ශනයකදී මගීන් හා කාර්ය මණ්‌ඩලය ඇතුළු 55 කගේ මරණ සිදු කරමින් විපතට පත් ලයන් එයාර් ඇන්ටනෝව් 24 යානාවේ සුන්බුන් දැකගත හැකිවිය. 1998 සැප්තැම්බර් 29 වැනිදා පලාලි ගුවන්තොටුපළේ සිට රත්මලාන බලා එමින් තිබූ මෙම යානාව එකවරම රේඩාර් තීරයෙන් අතුරුදන් විය.

මෙම යානාව මිසයිල ප්‍රහාරයකට ලක්‌වූ බව වාර්තා වුවත් කොටින්ට චෝදනා එල්ල කිරීමට සෘජුවම ඉදිරිපත් වූයේ නැත. යුක්‌රේනියානු නියමුවන් දෙදෙනකු විසින් මෙහෙයවනු ලැබූ මෙම යානාවේ මගීන් 480 ට අමතරව කාර්ය මණ්‌ඩලයේ තිදෙනකු ද විය. එA අතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකු වූ ගුණසේකර මහතාගේ දියණිය වූ දර්ශනී ගුණසේකර, චාල්සන් නෙල්සන් හා විජිත නමැති තිදෙනා ද සිටි බව හෙළි විය.

ලයන් එයාර් යානාව මිසයිල ප්‍රහාරයකට ගොදුරු වී පැය 48 කට පසු ලන්ඩන් කොටි පැවසුවේ එය කඩාවැටී ඇති බවත් නාවික හමුදාව යානාව තුළ සිරවී සිටි කීප දෙනකුගේ සිරුරු ගැනීමට ඉඩ නොදෙන බවයි.

එහෙත් එදා පැවැති චන්ද්‍රිකා කුමාරතුංග රජය මේ විපත යුද අපරාධයක්‌ ලෙස හැඳින් වූයේ නැත. එසේම මානව හිමිකම් බලධාරීන් වෙත පවා පැමිණිල්ලක්‌ යොමු නොකෙරුණි.

මෙලෙස ලන්ඩන් කොටි ජාලය නාවික හමුදාවට එරෙහිව සාවද්‍ය ප්‍රකාශ කරද්දී ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය ද නිහඬ විය. දින කීපයකට පසු යාපනයේ මන්ඩතිවු මුහුදු වෙරළ සමීපයේ සෝදිසි මෙහෙයුමක යෙදී සිටි භට පිරිසකට රුසියානු අකුරුවලින් යුත් ජීවිතාරක්‍ෂක කබායක්‌ හමුවීමෙන් එය ලයන් එයාර් යානාවට අයත් යෑයි සනාථ විය.

එසේම නාච්චිකුඩා ප්‍රදේශයේ ධීවරයන් විසින් මළ සිරුරු 33 ක්‌ වළලා ඇතැයි මන්නාරම රදගුරු රායප්පු ජෝශප් විසින් ප්‍රකාශ කර තිබිණි. එහෙත් එදා ක්‍රියාන්විත මූලස්‌ථානය නිහඬ විය.

මෙම යානාව ඉරනතිව් දකුණු ප්‍රදේශයේදී මුහුදට වැටුන බව ධීවරයන් රැසක්‌ ද දැක තිබිණි.

මේ අතර 1998 ඔක්‌තෝබර් 11 වැනිදා රායප්පු ජෝශප් හිමියන් ලයන් එයාර් යානාවේ සිටි මගීන්ගේ ඥතීන් කළ ඉල්ලීම මත කොටි පාලනය යටතේ පවතින මුලන්කාවිල් ප්‍රදේශයට ගොස්‌ ධීවර ජනතාව හමුවිය. තමන් ඇන්ටනෝව් යානාවේ තටුවල කොටස්‌ හා අසුන්වල කැබලි කොටි පොලිසියට භාර දුන් බවද ධීවරයන් විසින් හෙළි කරනු ලැබීය. තමන් මළ සිරුරු වළලා දැමුවේ ගම්දාරිමුනෙයි ගමට සමීපයේ බවත් ඔවූහු තවදුරටත් පවසා තිබේ. තමන්ට පිරිමි මළ සිරුරු 23 ක්‌ද, කාන්තා මළ සිරුරු 10 ක්‌ ද හමුවූ බව එම ධීවරයෝ කියා සිටියහ.

මේ පසුබිම යටතේ එවකට මන්නාරමේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකු මන්නාරම් රදගුරු වෙතින් ඉල්ලීමක්‌ කරමින් එකී ධීවරයන් හමුවීමට සහ වළ දැමූ මළ සිරුරු පශ්චාත් පරීක්‍ෂණ සඳහා ලබාගැනීමට සහාය වන්නැයි කළ ඉල්ලීමට ද නිසි ප්‍රතිචාරයක්‌ නොදැක්‌වීය.

මේ අතර ලයන් එයාර් සේවාවේ යාපනය කාර්යාලයට ද කොටින්ගේ පරිපාලන එAකකය නමැති සංවිධානයෙන් තර්ජනාත්මක ලිපියක්‌ ලැබී තිබූ බවත් එයින් කියෑවුණේ වහාම කොළඹ හා යාපනය අතර ගුවන් ගමන් නතර කළ යුතු බවත් යෑයි වාර්තා විය. කෙසේ වෙතත් එA ගැන සැලකීමක්‌ නොදක්‌වා ඇතැයි වාර්තා විය. මේ සමයේ ඉරනතිව් ඇතුළු ප්‍රදේශ මුහුදු කොටි පාලනයට නතුවී තිබිණි.

මෙලෙස සිවිල් ගුවන් යානාවකට කොටි මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කළ බවට සනාථ වන කරුණු වාර්තාවන අවස්‌ථාවේ එදා සිටි රජය ජගත් ප්‍රජාව හමුවේ එA බව පැවසුවේ නැත්තේ මන්ද යන්න බරපතළ ප්‍රශ්නයකි.

එසේම මානව හිමිකම් ගැන හඬ නගන රාජ්‍ය නොවන සංවිධාන පවා වචනයක්‌වත් කතා කළේ නැත.

මේ යානාවේ සිටි මගීහු සියලු දෙනාම ද්‍රවිඩයන්ය. ඔවුන් අතර හිටපු විදුහල්පතිවරු හා රාජ්‍ය සේවකයන් ද විය. එහෙත් ලන්ඩනයේ සිට ප්‍රකාශයට පත්වන ටැමිල් ගාඩියන් නමැති කොටි පුවත්පත නිවේදනයක්‌ කරමින් යාන්ත්‍රික දොaෂයකින් ලයන් එයාර් යානාව කඩාවැටුන බවත් ගුවන් යානාවේ සුන්බුන් හා මළ සිරුරු ගොඩගැනීමට නාවික හමුදාව ඉඩ දෙන්නේ නැතැයි කියමින් ජගත් ප්‍රජාව රැවටීමට ක්‍රියා කළහ.

එසේ වුවත් ලයන් එයාර් යානාවට වෙඩි තැබූ ත්‍රස්‌තයන් දෙදෙනා ත්‍රස්‌ත මර්දන එAකකය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු වසර 14 ක්‌ තුළ වැළලී තිබූ රහස අනාවරණය විය.

මෙලෙස ඉදිරි දින කීපය තුළදී ලයන් එයාර් යානාවේ සුන්බුන් ගොඩගැනීමෙන් පසු ජීවිත 55 ක්‌ අහිමි කිරීම ගැන වගකියන්නේ කවුරුන්ද?

වගකීම් ගැන (Aජජදමබඒඉසකසඑහ) බෙරිහන් දෙන මෙරට එන්.ජී.ඕ. සංවිධාන 32 ක කණ්‌ඩායම එම වගකීම යානාවේ මගීන් සතු යෑයි කියන්නේද? 1998 නොවැම්බර් 1 වැනිදා මේ ලයන් එයාර් විපත ගැන අපි මෙලෙස සඳහන් කළෙමු. “ලයන් එයාර් යානාවට අදාළ තොරතුරු වසං කිරීමට කොළඹ එක්‌තරා බලවත් පිරිසක්‌ ක්‍රියා කරන බව සනාථ ව ඇත.”

මෙවන් පසුබිමක්‌ යටතේ ලබන මසදී ආරම්භ වන ජිනීවා මානව හිමිකම් සමාලෝචන සමුළුවට ලයන් එයාර් යානාවට අදාළ යුද අපරාධය ඉදිරිපත් කළ යුතුව තිබේ.

බ්‍රිතාන්‍ය ගෝලීය ද්‍රවිඩ සංසදයේ සුරේශ් සුරේන්ද්‍රන් නමැති කොටි ත්‍රස්‌තයා මේ යුද අපරාධය ගැන දක්‌වන ප්‍රතිචාරය කුමක්‌ද යෑයි අපි විමසන්නෙමු.

ඝාතනයට ලක්‌වූයේ ද්‍රවිඩ සිවිල් වැසියන්ය. එසේනම් සුරේශ් සුරේන්ද්‍රලා මෙන්ම ලන්ඩනයේ සිටින යුද අපරාධකාරියකු වූ ඇඩෙලා බාලසිංහම් ද ඊට වගකිවයුතුවේ.

එසේ වුවත් එදා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය හා නෝර්වේ රටවල ලයන් එයාර් සිවිල් ගුවන් යානාවේ විනාශය හා එහි ජීවිත අහිමි කිරීම ගැන කොටි සංවිධානය වගකිවයුතු යෑයි ප්‍රකාශ නොකළේ මන්ද? එසේම මෙරට රාජ්‍ය නොවන සංවිධාන ද එදා දැඩි මුනිවත රකිනු ලැබීය.

මෙය පැහැදිලිවම යුද අපරාධයකි. මේ යුද අපරාධයේ එක්‌ පාර්ශ්වයක්‌ වන්නේ ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ ඇමරිකාවේ සිටින විශ්වනාදන් රුද්‍රිකුමාර්ය.

එහෙත් මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ ද නිහඬව සිටී.

ද්‍රවිඩ සන්ධානය ඉන්දියාවට ගොස්‌ සමාව දෙන්නැයි ඉල්ලන්නේ මෙලෙස ලයන් එයාර් යානාවට මිසයිල ප්‍රහාර එල්ල කර ජීවිත 55 ක්‌ නැති කළ කොටි ත්‍රස්‌තයන් වැනි වෙනත් බිහිසුණු ක්‍රියා සිදු කළ ත්‍රස්‌තයන්ටද?

කීර්ති වර්ණකුලසූරිය