ByNews Room

Oct 16, 2012

බුද්ධගයා විහාරයේ ආරක්‌ෂාව තර කරයි

චතුර පමුණුව source:

ඉන්දියාවේ බුද්ධගයා විහාරයේ ආරක්‌ෂාව තර කිරීමට බිහාර් ප්‍රාන්ත ආණ්‌ඩුව තීරණය කර ඇත.

බුද්ධගයාවේ ආරක්‌ෂාව සඳහා අතිරේක භට පිරිස්‌ කැඳවා ඇති අතරම ඒ ප්‍රදේශය පුරා පාමුර සංචාර ද වැඩිකර ඇති බව ගයා ප්‍රදේශය භාර පොලිස්‌ අධිකාරි මොහොමඩ් අක්‌තාර් හුසේන් ප්‍රකාශ කර ඇත.

දිල්ලියේදී අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය මුජහිඩීන් නම් සංවිධානයේ සාමාජිකයන් විසින් බුද්ධගයාවටත් ප්‍රහාර එල්ල කිරීම සඳහා සැලසුම් කර තිබුණු බව හෙළිවීමෙන් පසුව මෙම ආරක්‌ෂක කටයුතු තර කර ඇත.

බුද්ධගයා විහාරයට ඇතුළුවන බැතිමතුන්ගේ ශරීර පරීක්‍ෂාව සඳහා ද පොලිසිය යොදවා ඇත.

Protected by Security by CleanTalk