පෙස් බූක් හි සහ අන්තර් ජාලයේ සැරිසරන පරෙවි සාමකුරුල්ලා

Spread the News

පෙස් බූක් හි සහ අන්තර් ජාලයේ සැරිසරන පරෙවි සාමකුරුල්ලා

මේ දිනවල සුදු පරවී සංකේතය පෙස් බූක් පිටු පුරාවට දර්ශනය කිරීමට යම්කිසි කණ්ඩායමක් උත්සහා ගනිමින් සිටියි.මෙම පරෙවියා  සිංහල බෞද්ධ විරෝධි  ආකල්ප දරන අතර එම ආකල්ප මුහුණු පොත වෙබ් තිරය ආශ්‍රයෙන්  ප්‍රචාරය  කිරීමට එහේ  මෙහේ පියාසර කරමින් සිටි. මෙසේ පියාසරණ කරන මේ සුදු පරවි යා විශේෂයෙන් ලැගුම් ගන්නා ස්ථානාය ක් නොමැති අතර(හිමි කරුවෙකු සදහන් නොමැති ලිපි ප්‍රචාරය  කරයි  )බැලු බැල්මට කරන ඒ කම රාජකාරිය වන්නේ  සිංහල බෞද්ධ ආකල්ප  මත තම හිතු මතේට තැනක් නොතැනක් නොබලා තම තිරිසන් ගතියම ගෙනහැර පා ඉගිලී යමින්  සිටියදීම පැහැරීමේ කාර්යයි.සිංහල බෞද්ධයන් වන අපහට මෙම අශික්කීත ක්‍රියාව දේස තව දුරටත් බලා  සිටිය නොහැකි අතර සිංහල බෞද්ධගේ හිස මත තම  අසුචි පහරන මෙම පරෙවි වෙස් ගත පරයන් ගැන සමාජය දැනුවත් කිරීමට මෙම ලිපිය ලියා  තබන්නෙමු.

පරෙවි පුවත් වල  පලවෙන කරුණු:

  • බුදුදහමට අපහාස කිරීම
  • සිහළ බොදු  නායකයන්ගේ චරිත ඝාතනය කිරීම
  • බෞද්ධ භික්ෂුන්  වහන්සේලාට අපහාස කිරීම
  • සතත්‍ය හෙළිවීම තුලින් පුස්සක්(බොරුවක් හෝ හිතලුවක් ) බවට පත්වන අන්න්‍යාගමික  සාස්තෘවරුන්ගේ චරිත ආරක්ෂා කිරීම
  • ජාතින් අතර සමගිය පෙන්නුම් කරන පින්තූර ප්‍රදර්ශනය කොට එමගින් උපක්ක්‍රමිකව සිංහල ජාතිය  සතුවන දේශය සියලුම ජාතීන්ට එක හා සමානව අයිති යැයි කීම (ලොව වෙනත් කිසිදු රටක මෙවැනි ආකාරයේ ආකල්පයන් නැත)
  • සිංහල ජාතික සංවිධාන ජාතිවාදී සංවිධාන වශයෙන් හුවා දැක්වීම
  • වෙඩි තබා ගැනීම්, ස්ත්‍රී දුෂණ , මංකොල්ල කැම් හා දේශ පාලකයන්ගේ හැසිරීම හා පුද්ගලික චරිත මුළු සිංහල බෞද්ධ සංකල්පයම බිඳ වැට්ටීම සඳහා ප්‍රචාරක ආයුධයක් වසයෙන් භාවිතා කිරීම
  • විද්‍යාව දියුණු වීමත් සමග මෙලොවින්  නැති භංගස්තාන වන දේව වාදී අගම්  නැවත වර්ධනය  කර පෝෂණය කර රැක  බලාගැනීමට සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට‘ යන සටන් පාඨ  භාවිතාකිරීම හා එමගින්  ජාතික හා ආගමික වියසනයන් ගැන අත්  දැකීම් අඩු තරුණ තරුණියන් රාවට්වාගෙන තම ජාතියටම තම ආගමටම විරිද්ධව විරෝධා ආකල්ප දැරීමට නම්වා ගැනීම
  • නීති විරෝධීව ඉදිවෙන ආගමික ස්ථාන හා එමගින් ඉදිරියේදී ඇතිවන බරපතල සමාජ වියසනයන් යටි ගන්නවා (දේව ආගම වලට අනුව සතා, සිවුපා, ගහකොළ අවසානයේ මිනිසා ද  දේවියා ට යටය )එම ආගමික ස්ථාන ඉදිවීම සාධාරණික කරණය  කිරීම
  • අප සිංහල සාමාජයම ආකල්ප වලට වඩා  විජාතික සාමාජයම අකල්ප වලට වැඩි තැන දී ලිපි සකස් කිරීම
  • අප ඉතිහාසය සදහන් වන මහාවංසය වැනි කෘතීන් විකෘති කතාවක් පමණක් ය යන්නයි කියා හුවාදක්වා එහි ඇති සිද්ධීන් හාස්‍ය ආකාරයෙන් හුවා  දැක්වීම
  •  බෞද්ධ සිදස්ථාන  හෝ ඒ අවට සිදුවෙන  සිදුවීම් වෙනත් සුව රුපයකින් ගොඩ නංවා සමාජය වෙත ප්‍රචාරය කිරීම
  • රට, දැය, සමය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන සිංහල බෞද්ධ තරුණ තරුණියන් ට එරහිව අශික්කිත මඩ ප්‍රචාර දියත් කිරීම
  • සර්වාගමික බෞද්ධ වන්දනාවක් හදුන්වා  දීම (මේය  සර්වාගමික සංකල්පය දියවී යනවිට එය ආරක්ෂා කිරීමට අලුතෙන් ගොඩ නැගු සංකල්පයකි උදාහරණ : පුජකයන්ද වෙසක් උත්සව පැවැත්වීම, මුස්ලිම් වරු පෝය දිනය න්  හී සාම  පණිවිඩ යැවීම). මෙම උපාය මාර්ගයේ යටි අරමුණ වන්නේ අනවසර පල්ලි කෝවිල් ස්ථපනය කරගැනීම හා බුදුන් වහන්සේට සමාන තත්වයක් අනෙකුත් සාස්තෘ වරුන්ට ද  ලබාගැනීම
  • ජාතිය හා ආගම  රැක ගැනීමට ගන්නා  සියලු උත්සහයන් ජාති වාදී   ක්‍රියා ලෙස හංවඩු ගැහීම
  • ආගම අදහන්නාවූ වූ හෝ විස්වාස කරන්නාවූ පිරිස් කරන වැරදි ක්‍රියා හුදෙක්  බුදු දහම නිසාම සිදුවෙන බව එත් තු  ගැන්වීමට උත්සහා  කිරීම
  •  වෙඩි තබා ගැනීම්, ස්ත්‍රී දුෂණ , මංකොල්ල කැම්, අල්ලස් හා දුෂණ හා නොයෙකුත් සමාජ සිදුවීම් ගැන ජනනය   කරන පත්‍රිකා, පෝස්ටර්  සැදීමේදී හිතා මතාම  බුදුහිමිරුව, බෞද්ධ සංකේත පසු බිමට යොදා ගැනීම
  • බෞද්ධ ශාසනය හා සිංහලයන්ගේ පිරිහීමට ඍජුව වග කිවයුත්තේ  ත්‍රෛයිනිකායික මහා නායක වරුන් සහ ගිහි බෞද්ධ නායක කාරකාදීන් බව හුවා දැක්වීම
  •  රාජ්ජය නායකයින්ට අපහාස උපහාස කිරීම
  • රටේ ඒකිය සංකල්පය බිඳ වැට්ටීමට අනෙකුත් ජාතින් සියුම්ව උසිගැන්වීම හා ජාති වාදය පැතිරීම

උතුරේ යුද්ධය පැවති  කාලයේදීද නොයෙකුත් පරවියෝ (පරයන් )අපරට තුල සාමය ගැන තතු කියා කියා  එහේ  මෙහේ සැරි  සැරුවේය. නමුත් රටට ඉන් ඇතිවුන සෙතක් නොමැති විය. අප යුද්ධයෙන් ම යුද්ධය ජයගත්තේය ,අප විසින් සතුරු ගුල් මර්මස්ථාන වලට පහර දුන්නේ සොයා සොයා ගොස්ය. වර්ථමානයේ  සිංහල මාධ්‍යවේදීන් හට කල හැකි ඒක්  කාරණයක් වන්නේ යහපත් බෞද්ධ වපසරියක් අප රට තුල ගොඩ නගා  ගැනීමට අවස්ස්‍ය ලිපි, ලේඛණ, පොත්   වැඩි වැඩි වසයෙන් ලියා  තබා තරුණ, තරුණියන් අතට ඒවා පත්කිරීමයි. බුද්ධියෙන් සන්නද්ධ වූ විට සිහළ හිස මත තම අසුචි පහරන බෝල් සුද පරෙවියන් එකාන්තයෙන්ම හදුනාගැනීමට අප බොදු දු පුතුන්හට හැකිවන බැවින් ඔවුන් මේ පරෙවි ගුල්(උගුල් ) වලට ඇද නොවැටී තම ජාතිය හා ආගම (බුදු දහම) අනාගතයේදීද රැකගැනීම කටයුතු කිරීම නොවනුමානයි.

පාලිත ආරියරත්න
ප්‍රචාරක ලේකම්
ජාතික බෞද්ධ බලවේගය