යෝජිත ජාතික පිළිකායතනයේ ඉස්‌ලාම් ආගමික මධ්‍යස්‌ථාන?

Spread the News

යෝජිත ජාතික පිළිකායතනයේ
ඉස්‌ලාම් ආගමික මධ්‍යස්‌ථාන?

මනෝඡ් අබයදීර, එරික්‌ ගාමිණි ජිනප්‍රිය

source:

මහරගම පිහිටි ජාතික පිළිකායතනය ආරම්භ කිරීම සඳහා යෝජිත රසාවි රෝහල් සංකීර්ණය තුළ තිබෙන සෑම මහලකම ඉස්‌ලාම් ආගමික මධ්‍යස්‌ථානය බැගින් ඇරැඹීමට සැලසුම් කිරීම පිළිබඳව එම රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්‌ඩලය දැඩි විරෝධය පළ කරති.

2003 වසරේදී මෙම ස්‌ථානයේ හෝප් ව්‍යාපෘතිය යටතේ පිළිකා වාට්‌ටු සංකීර්ණයක්‌ ඇතිකිරීමට නියමිතව තිබූ අතර එම ව්‍යාපෘතිය සංවිධානය කරන ලද්දේ ක්‍රිකට්‌ ක්‍රීඩක මහේල ජයවර්ධන මහතා ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙනි. මේ සඳහා ඉඩකඩ ලබාගැනීමට පිළිකා රෝහල සතුව තිබූ හෙද නේවාසිකාගාරයද ඉවත් කරනු ලැබූ අතර මේ වන තෙක්‌ම එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවීය.

හෝප් ව්‍යාපෘතිය සඳහා වෙන් කරන ලද ඉඩමේ, රාසාවි සංකීර්ණය ඉදිකිරීමට නියමිත අතර ඒ සඳහා වන වියදම දරන්නේ ලන්ඩනය මුල්කරගත් මුස්‌ලිම් නාමයක්‌ සහිත තේ සමාගමකි. මෙම ඉදිකිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා එම මහත්මිය සිය දෙමව්පියන්ට පිං පතා ඉදිකරන ලද කාල්ටන් වාට්‌ටු සංකීර්ණය ද ඉවත් කිරීමට නියමිතව තිබේ.