යුද අපරාධ චෝදනා විමර්ශනයට එකඟ නෑ

Spread the News

යුද අපරාධ චෝදනා විමර්ශනයට එකඟ නෑ
රජය කියයි

කීර්ති වර්ණකුලසූරිය SOURCE:

ඇමරිකාව හෝ වෙනත් රටක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් සමුළුව වෙත නව යෝජනාවක්‌ ඉදිරිපත් කළත් එල්ල කරන යුද අපරාධ චෝදනා ගැන ජාත්‍යන්තර විමර්ශනයකට එකඟ වන්නේ නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (14 දා) පැවැසීය.

අපේ ස්‌ථාවරය වෙනස්‌ කරන්නේ නැත. අපි එය ජාත්‍යන්තර ප්‍රජාවට දන්වා තිබෙනවා යයි එකී ආරංචි මාර්ග කියා සිටියේය.

ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය චෝදනා නඟා ඇති පාර්ශ්වයන් කොටි ඩයස්‌පෝරාව මත යෑපෙන අය බව සනාථ කිරීමට සූදානම් බවද රජය තවදුරටත් කියා සිටී.

එසේම රටවල් අටක්‌ කොටින්ට අවි ආයුධ අනියම් මාර්ගවලින් සැපයීමේ තොරතුරුද මේ වන විට රජය විසින් සොයාගෙන ඇත.