ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩු මැදිහත් වීම

Spread the News

ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩු මැදිහත් වීම
source:
ආන්ද්‍ර ප්‍රදේශයේ හිටපු මහ ඇමැතිවරයා වූ රෝසයියා දූෂිත චෝදනා වලට ලක්‌වූවෙකි. ඔහු සිංගප්පූරු සමාගමක්‌ වූ ඇපචි ෆුට්‌වෙයාර් ලිමිටඩ් සමාගමට ආන්ද්‍ර ප්‍රදේශයේ මංබට්‌ටු ගම්මානයේ ඉඩම් අක්‌කර 100 ක්‌ ලබාදී ඇත්තේ අක්‌කරයක්‌ රුපියලකට බව පරීක්‍ෂණ වලදී හෙළවී ඇත. මේ සම්බන්ධව ආන්ද්‍ර ප්‍රදේශ දූෂණ මර්දන කොමිසම විසින් පරීක්‍ෂණයක්‌ පවත්වනු ලැබීය. එසේ වූවත් එම ප්‍රදේශයේ ඉඩම් අක්‌කරයක වටිනාකම රුපියල් පනස්‌ දහසක්‌ වේ. මින් ආන්ද්‍ර ප්‍රදේශ රජයට රුපියල් කෝටි විස්‌සක පාඩුවක්‌ රෝසයියා විසින් සිදුකර ඇති බවට චෝදනා එල්ලවිය.

මේ අතර ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කළ හිටපු ඉන්දීය අගවිනිසුරු වර්මාගේ කණ්‌ඩායමට බ්‍රිතාන්‍යයේ ඌෂා ප්‍රශා, ශේන් කීනන් සහ සද්කත් කඩ්රි යන පිරිස අයත් වී ඇත. මින් ඌෂා ප්‍රශා කවුද? ඇය 1992 සිට 1999 දක්‌වා කාලය තුළ බ්‍රිතාන්‍යයේ චැනල් ෆොa රූපවාහිනියේ විධායක අධ්‍යක්‍ෂවරියකි. 2002 දී ඇය බී.බී.සී. ලෝක සේවාවේ භාරකාරිය ලෙස ක්‍රියා කළාය. එසේම ශේන් කීනන් හා සද්කත් කඩ්රි යන දෙදෙනාම මානව හිමිකම් කටයුතුවලට සම්බන්ධ නීතිවේදීන්ය. මින් කඩ්රි නමැත්තා සිsරියාවේ රජයට එරෙහිව මානව හිමිකම් ගැන විමර්ශනයේ යෙදුණු තැනැත්තෙකි. මේ පසුබිම මැද මොවුන් මෙරටට එන්නට උත්සාහ කළේ කුමක්‌ නිසාදැයි අවබෝධ වේ.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට විදේශිකයන් දැන් ඉතාමත්ම බරපතල අන්දමින් මැදිහත්වන බව පැහැදිලිවම පිලිබිඹුවේ. පසුගිය සතියේදී ත්‍රිපුද්ගල ඇමෙරිකානු කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක්‌ මානව හිමිකම් සමුළුව වෙත ගෙන එන බවට තර්ජනය කළේය.

ඒ සමඟම ඔස්‌ටේ්‍රලියානු නියෝජිත කණ්‌ඩායමක්‌ද උතුරට ගොස්‌ තත්ත්වය නිරීක්‍ෂණය කරනු ලැබීය. ඉන්පසු මෙරටට පැමිණියේ බ්‍රිතාන්‍ය නියෝජිතයෙකි. එම බ්‍රිතාන්‍ය නියෝජිතයා ශ්‍රී ලංකාවේදී දේශනයක්‌ කරමින් ප්‍රකාශ කර ඇත්තේ මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේගේ කණ්‌ඩායමට ශ්‍රී ලංකාවට ඒමට ඉඩදිය යුතු බවයි.

අනතුරුව ඉන්දියාවේ හිටපු අගවිනිසුරු ඡේ. එස්‌. වර්මා ඇතුළු සිව්දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සහ කළ නමුත් ශ්‍රී ලංකා රජය ඔවුන්ට වීසා බලපත් ලබාදීම නතර කළේය. මෙරටට පැමිණීමට උත්සාහ කළ හිටපු අග විනිසුරු වර්මා ජාත්‍යන්තර නීතිවේදී සංවිධානය නැමැති රාජ්‍ය නොවන සංවිධානයක්‌ නියෝජනය කරන්නෙකි. මොහු ප්‍රමුඛ කණ්‌ඩායමේ තිදෙනෙක්‌ ශ්‍රී ලංකා රජයෙන් අයෑදුම්කර තිබුණේ ව්‍යාපාරික වීසා බලපත්‍රයි. සිව් වැනියා පෞද්ගලික වීසා බලපත්‍රයක්‌ සඳහා අයෑදුම්කර තිබිණි. මින් පැහැදිලි වන්නේ මේ කණ්‌ඩායමේ අභිරහස්‌ ක්‍රියාදාමයයි.

ඉන්දියාවේ හිටපු අගවිනිසුරු වර්මා සම්බන්ධව සිවිල් ක්‍රියාකාරියකු වන විනිත් නාරායන් පැවසුqවේ වර්මා ගේ ක්‍රියාකලාපය ඒකපාක්‍ෂික බවයි. 1997 ඉන්දියාවේ අගවිනිසුරුවරයා ලෙස ක්‍රියාකරද්දී ඡේන් හවාලා නඩුවට අදාල ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් වලට අරමුදල් ලැබෙන්නේ කෙසේද යන්න ගැන සෙවීමට වර්මා ක්‍රියාකළේ නැතැයි විනිත් නාරායන් අගමැති මන්මෝහන් සිං වෙත සංදේශයක්‌ යවමින් සඳහන් කර තිබිණි. මේ පසුබිම යටතේ තමිල්නාඩු ආණ්‌ඩුකාර කේ. රෝසයියා ඉන්දීය ආණ්‌ඩුවෙන් ඉල්ලීමක්‌ කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවන්නැයි දක්‌වා ඇත. ශ්‍රී ලංකාවේ හමුදාව නිරතුරුවම ඉන්දීය ධීවරයන්ට ප්‍රහාර එල්ල කරන බවද පැවැසූ රෝසයියා සිංහලයන්ට මෙන්ම ද්‍රවිඩයන්ටත් සම ව්‍යවස්‌ථානුකූල අයිතිවාසිකම් ලබාදිය යුතු බව තමිල්නාඩු පාර්ලිමේන්තු අමතමින් කියා සිටියේය. මින් රෝසයියා පවසන්නේ සිංහලයන්ට 50% ක්‌ නම් ද්‍රවිඩයන්ටද 50% ලබාදිය යුතු බවයි. මෙලෙස ජයලලිතාගේ සිට කරුනානිධි දක්‌වාත් ඉන්පසු ආණ්‌ඩුකාර රොසයියා දක්‌වාත් ශ්‍රී ලංකාවට එරෙහිව කර ඇති ප්‍රකාශ වලින් සනාථ වන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීමයි.

ආන්ද්‍ර ප්‍රදේශයේ හිටපු මහ ඇමැතිවරයා වූ රෝසයියා දූෂිත චෝදනා වලට ලක්‌වූවෙකි. ඔහු සිංගප්පූරු සමාගමක්‌ වූ ඇපචි µQට්‌වෙයාර් ලිමිටඩ් සමාගමට ආන්ද්‍ර ප්‍රදේශයේ මංබට්‌ටු ගම්මානයේ ඉඩම් අක්‌කර 100 ක්‌ ලබාදී ඇත්තේ අක්‌කරයක්‌ රුපියලකට බව පරීක්‍ෂණ වලදී හෙළවී ඇත. මේ සම්බන්ධව ආන්ද්‍ර ප්‍රදේශ දූෂණ මර්දන කොමිසම විසින් පරීක්‍ෂණයක්‌ පවත්වනු ලැබීය. එසේ වූවත් එම ප්‍රදේශයේ ඉඩම් අක්‌කරයක වටිනාකම රුපියල් පනස්‌ දහසක්‌ වේ.

මින් ආන්ද්‍ර ප්‍රදේශ රජයට රුපියල් කෝටි විස්‌සක පාඩුවක්‌ රෝසයියා විසින් සිදුකර ඇති බවට චෝදනා එල්ලවිය. මෙලෙස දූෂණ ක්‍රියා සම්බන්ධ චෝදනා එල්ලවූවෙක්‌ ඉන්දීය රජයට කියා සිටින්නේ ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවන ලෙසයි. මෙවන් තත්ත්වයක්‌ මැද දකුණු අප්‍රිකාවට ගිය ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන් කණ්‌ඩායම ලෑස්‌තිවී ඇත්තේ දකුණු අප්‍රිකානු බලධාරීන් ලවා ශ්‍රී ලංකාව දංගෙඩියට යෑවීමයි. ශ්‍රී ලංකාවේ පවතින අර්බුදයට විසඳුමක්‌ ලබාගැනීම සඳහා යෑයි කියමින් දකුණු අප්‍රිකාවට ගිය ද්‍රවිඩ සංවිධාන කණ්‌ඩායමේ ශ්‍රී ලංකා විරෝධී ෙද්‍රdaහී ක්‍රියාදාමය දැන් අනාවරණය වී ඇත.

මෙය තවදුරටත් සනාථ වන්නේ ශ්‍රී ලංකාවේ හමුදාව 2002 දී නිරායුධ කිරීමට උත්සහ කළ ජර්මානු බ්ර්ග්හොප් සංවිධානයද රහසිගතව ශ්‍රී ලංකාවට එරෙහිව යළි ක්‍රියාත්මක වීමයි. උතුරේ අධිආරක්‍ෂිත කළාප ඉවත් කිරීමට උත්සාහ කළේද බර්ග්හොප් සංවිධානයයි. ඒ සඳහා අප්‍රිකානු කොංග්‍රසයේ හිටපු ත්‍රස්‌තවාදියකුද ශ්‍රී ලංකාවට කැඳවා යාපනයට යවා තිබුණි. මේ තැනැත්තා යාපනයේදී පැවැසුවේ කොටි සංවිධානය කිසිදු ආකාරයකින් බරඅවි ඉවත් නොකළ යුතු බවයි. මෙවැනි ඉතිහාසයක්‌ ඇති දකුණු අප්‍රිකාව වෙත ද්‍රවිඩ සන්ධාන කණ්‌ඩායම ගියේ ශ්‍රී ලංකාවට එරෙහිව ගිනි ඇවිලවීමට බව සනාථ නොවන්නේද? මෙලෙස දකුණු අප්‍රිකාවට ගොස්‌ එරට බලධාරීන් ලවා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා විරෝධී ක්‍රියාමාර්ගයක්‌ දියත් කිරීමට සැලසුම්කර ඇති ද්‍රවිඩ සන්ධානයේ දේශපාලකයන්ට වැටුප් මෙන්ම තීරු බදු රහිත වාහන හා අනෙකුත් පහසුකම් ලබාදෙන්නේ මෙරට ජනතාවයි.

මේ අතර කැනඩා රජයද ශ්‍රී ලංකාවට විරුද්ධව අනතුරු හඟවා ඇත. කැනඩාවේ ආගම කටයුතු පිළිබඳ අමාත්‍ය ඡේසන් කෙනී පසුගියදා කැනඩාවේ කොටි හිතවාදී ද්‍රවිඩ මාධ්‍ය කණ්‌ඩායම් ගෙන්වා සාකච්ඡාවක්‌ පැවැත්වීය. මේ සාකච්ඡාවට කිසිදු සිංහල ශ්‍රී ලාංකික මාධ්‍ය පාර්ශවයකට ඇරැයුම්කර නොතිබිණි. මෙහිදී ඡේසන් කෙනී පවසා ඇත්තේ ශ්‍රී ලංකාව යුධ අපරාධ සම්බන්ධයෙන් වගකීම දැරිය යුතු බවයි. එහෙත් කැනඩා හමුදාවටද යුධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබිණි.

මේ තත්ත්වය මැද අද ඇමෙරිකානු බලධාරීන් තවදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක්‌ මානව හිමිකම් සමුළුව හමුවට ගෙන එන බවයි. එසේ වූවත් ඇමෙරිකාව ජාත්‍යන්තර යුධ අධිකරණයට අත්සන් කර නැත. තම රටේ සෙබළුන්ට එරෙහිව කිසිදු රටකදී ක්‍රියාකළ නොහැකි බව පැවැසුවේ හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝර්ඡ් බුෂ්ය.

එම තත්ත්වය යටතේ ඇමෙරිකානු සෙනට්‌ සභිකයන් තිදෙනකු ජනාධිපති ඔබාමා වෙත ලිපියක්‌ යවමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ අවශ්‍ය බවයි. මින් ඇමෙරිකාවේ ද්විත්ව රංගනය සනාථ වේ. මෑතකදී ඊශ්‍රායලය පැවසුවේ තමන් මෙවර මානව හිමිකම් සමුළුවට කිසිසේත් සහභාගි වන්නේ නැති බවත් එම සමුළුව සමඟ පවතින සියළු සබඳතා අත්හරින බවත්ය. ඊශ්‍රායලයේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමට මානව හිමිකම් සමුළුවට කිසිදු හිමිකමක්‌ නැතැයි විදේශ අමාත්‍යංශය ප්‍රසිද්ධියේම පවසද්දී මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ සහ ඇමෙරිකානු රජය නිහඬවිය. බටහිර ඉවුරේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එක්‌සත් ජාතීන්ගේ නියෝජිත කණ්‌ඩායමක්‌ එවීමට මානව හිමිකම් සමුළුව ගත් තීරණය ඊශ්‍රායලය ප්‍රතික්‍ෂේප කළේය. කිසිදු කණ්‌ඩායමකට ඊශ්‍රායලයට ඒමට අවසර දෙන්නේ නැතැයි ඊශ්‍රායල බලධාරීහු දැඩිලෙස නවි පිල්ලේට කියා සිටියහ.

මේ සම්බන්ධව මානව හිමිකම් කොමසාරිස්‌වරිය ගත් ක්‍රියා ක්‍රියාමාර්ගයක්‌ නැත. එහෙත් මානව හිමිකම් කොමාසාරිස්‌වරිය මැදිහත්වී ඇත්තේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලටය. මෙහිදී ශ්‍රී ලංකාවේ බලධාරීන් පැවැසුවේ කුමන යෝජනාවක්‌ ගෙනාවත් ශ්‍රී ලංකාව ඊට එකඟ වන්නේ නැති බවයි.

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ ඇතිවූ සිදුවීම් වලින් වාසිදායක තත්ත්වයක්‌ මතුවී ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ටය. ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව නඟන සාවද්‍ය චෝදනා බටහිර රටවල් පිළිගෙන ඇත. මෙයට දින කීපයකට පෙර ප්‍රකාශයට පත්වූ විදෙස්‌ වාර්තාවකින් කියාසිටියේ ශ්‍රී ලංකාවේ ලක්‍ෂයකට අධික ද්‍රවිඩයන් ඝාතනය වූ බවයි. එහෙත් සාක්‌කියක්‌ නැත. සාක්‍ෂිකරුවන්වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පැන ගිය කොටි හිතවාදීන් සහ විදෙස්‌ රටවල සිටින ඇතැම් දේශපාලනඥයන්ය.

මේ අතර ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම්කර වීසා නොලත් ජාත්‍යන්තර නීතිවේදී සංවිධානය (මානව හිsමිකම්) නමැති රාජ්‍ය නොවන සංවිධානයට අරමුදල් සපයන්නේ කවුද යෑයි නිරීක්‍ෂණය කළවිට සත්‍ය අනාරවණය වේ. ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල්, සවුත් ඇප්රිකන් ලිටිගේෂන් සෙන්ටර්, ස්‌වීඩන් විදේශ කටයුතු අමාත්‍යංශය, ඩෙන්මාර්ක්‌ විදේශ කටයුතු අමාත්‍යංශය, බ්‍රිතාන්‍ය විදේශ කටයුතු හා පොදු රාජ්‍ය මණ්‌ඩල කාර්යාලය, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්‌සත් රාජධානියේ දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර ජූරි සභිකයන්ගේ කොමිසම ඇතුළු විදේශ සංවිධාන රැසක්‌ විසිනි. මින් සවුත් ඇප්රිකන් ලිටිගේෂන් සෙන්ටර් නමැති රාජ්‍ය නොවන සංවිධානය පසුගියදා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ඡේකබ් සූමා වෙත වාර්තාවක්‌ යවමින් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල කර ඔහු දකුණු අප්‍රිකාවට ආවොත් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්‌ කළේය. ජාත්‍යන්තර ජූරි සභිකයින්ගේ සංවිධානයේ ඔස්‌ටේ්‍රලියානු ප්‍රධානියා වූ ඩවුඩ් ප්‍රභාකරන් වෙනුවෙන්a කොටින්ගේ සමුළුවක්‌ ඇමතීමේ සිද්ධයක්‌ද වාර්තා විය.

ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය කොටි ඩයස්‌පෝරාව සමඟ එක්‌වී සිටී. මේ වාතාවරණය මැද විදෙස්‌ රටවල අරමුදල් මැද ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානද ශ්‍රී ලංකාවට එන්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ගැන සෙවීමට නොව බටහිර රටවල න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා කොළඹ සිටින රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගෙන් තොරතුරු ලබා ගැනීමටයි. මොවුන්ව මෙරටට ගෙන්වන්නේත් මෙහි සිටින ඩොලර් කාක්‌කන්ය.

මේ අන්දමට ඉන්දියාව ශ්‍රී ලංකාවේ නියෝජිතයකුට ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීමට ඉඩ දෙන්නේද? එහෙත් විදේශිකයන් ඉතාමත් බරපතල අන්දමින් ශ්‍රී ලංකාවේ සියලු කටයුතු වලට අතපොවා ඇත. එය දේශපාලනයට පමණක්‌ නොව ජාතික ආරක්‍ෂාවටද එල්ලවී තිබේ.

මේ මැදිහත්වීම් ඉදිරි කාලයේදීත් දක්‌නට ලැබේ. එහෙත් ශ්‍රී ලංකාවේ බහුතරයට මේ සිදුවන්නේ කුමක්‌ද යන්න ගැන අවබෝධයක්‌ තිබේද? බොහෝ දෙනා සිතන්නේ ඉන්දියාවේ හිටපු අගවිනිසුරුවරයා මෙරටට ඒමට උත්සහ කළේ ශ්‍රී ලංකාවට උදවු කිරීමේ අපේක්‍ෂාවෙන් බවයි. එහෙත් ඔහුගේ න්‍යාය පත්‍රය කුමක්‌දැයි පැහැදිලි නොවන්නේද? ශ්‍රී ලංකාවේ ජනතාව ඔහුට ශ්‍රී ලංකාවට එන්නැයි ඇරැයුම් කළේ නැත. එසේ නම් එම ඇරැයුම කර ඇත්තේ මෙරට සිටින රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ය. දැන් මොවුන් පුනපුනා බලාසිටින්නේ ජිනීවාහි මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල් විසින් ක්‍රියාත්මක වීමයි.

මේ අතර ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කළ හිටපු ඉන්දීය අගවිනිසුරු වරුමාගේ කණ්‌ඩායමට බ්‍රිතාන්‍යයේ ඌෂා ප්‍රශා ශේන් කීනන්, සහ සද්කත් කඩ්රි යන පිරිස අයත් වී ඇත. මින් ඌෂා ප්‍රශා කවුද? ඇය 1992 සිට 1999 දක්‌වා කාලය තුළ බ්‍රිතාන්‍යයේ චැනල් ෙµda රූපවාහිනියේ විධායක අධ්‍යක්‍ෂවරියකි. 2002 දී ඇය බී.බී.සී. ලෝක සේවාවේ භාරකාරිය ලෙස ක්‍රියා කළාය.

එසේම ශේන් කීනන් හා සද්කත් කඩ්රි යන දෙදෙනාම මානව හිමිකම් කටයුතුවලට සම්බන්ධ නීතිවේදීන්ය. මින් කඩ්රි නමැත්තා සිsරියාවේ රජයට එරෙහිව මානව හිමිකම් ගැන විමර්ශනයේ යෙදුණු තැනැත්තෙකි. මේ පසුබිම මැද මොවුන් මෙරටට එන්නට උත්සාහ කළේ කුමක්‌ නිසාදැයි අවබෝධ වේ.

කීර්ති වර්ණකුලසූරිය