යාපනය සරසවි සිසුන් දෙදෙනා නිදහස්‌ කරන්න

Spread the News

යාපනය සරසවි සිසුන් දෙදෙනා නිදහස්‌ කරන්න
– ජනපති නියෝග කරයි
source:
අනුර බාලසූරිය

අත්අඩංගුවේ පසුවන යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනා වහාම නිදහස්‌ කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බලධාරීන්ට උපදෙස්‌ දී තිබේ.

යාපනය දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු රැස්‌වීමේදී එහි පැමිණ සිටි එම සිසුන් දෙදෙනාගේ මව්වරුන් මීට මාස දෙකහමාරකට පෙර අත්අඩංගුවට පත් තම දරුවන් නිදහස්‌ කරදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමෙන් අනතුරුව ඒ පිළිබඳව කරුණු විමසා බලා දෙමව්පියන් ඔවුන්ගේ වගකීම භාරගන්නා බැවින් ඔවුන් වහාම නිදහස්‌ කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස්‌ දුන්නේය.

දරුවන්ගේ සෑම ක්‍රියාකාරකමක්‌ පිළිබඳවම දෙමව්පියන් උනන්දුවෙන් සිටීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා කුමන දේශපාලන මත දැරුව ද නිසි අධ්‍යාපනය ලැබීමට දරුවන් යොමුකිරීම දෙමව්පියන්ගේ වගකීම බවත් සඳහන් කළේය.