විහාරාධිපති හිමි ඝාතනයට සැකපිට 9ක්‌ අත්අඩංගුවට

Spread the News

විහාරාධිපති හිමි ඝාතනයට
සැකපිට 9ක්‌ අත්අඩංගුවට

source:

හේමන්ත රන්දුණු සහ චමින්ද සිල්වා

මොරටුව එගොඩඋයන සුනන්දොaපනන්ද විහාරස්‌ථානයේ විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි ඝාතනය සම්බන්ධව ඊයේ (12 වැනිදා) වන විට සැකකරුවන් 9 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනයට සම්බන්ධව තවත් සැකකරුවකු ඊයේ උදේ අත්අඩංගුවට ගත් අතර තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.

ඊයේ (12 වැනිදා) අත්අඩංගුවට ගත් සැකකරු බණ්‌ඩාරගම දැල්තර ප්‍රදේශයේ අබිරහස්‌ ලෙස හිසට වෙඩි තබා ඝාතනය කරනු ලැබූ සැකකරුවකුගේ ළඟම ඥතියකු වන රමේෂ් නමැති අයෙකි.

අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ඩී. ආර්. ඩබ්ලිව්. රණවීර මහතාගේ උපදෙස්‌ මත සහකාර පොලිස්‌ අධිකාරි ප්‍රදීප් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් එහි ස්‌ථානාධිපති හේමන්ත දික්‌ඕවිට මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 14 වැනිදා මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.