වඩිවේල් ක‍්‍රිෂ්ණමුර්ති සෞදියට

Spread the News

වඩිවේල් ක‍්‍රිෂ්ණමුර්ති සෞදියට

2013 පෙබරවාරි මස 13 16:42:05 | . , ලලිත් පේ‍්‍රමලාල්

source:

සෞදි අරාබියේ නව ශ්‍රී ලංකා තානාපති වශයෙන් පළපුරුදු විදේශ රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියෙකු වන වඩිවෙල් ක‍්‍රිෂ්ණමුර්ති මහතා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නම් කර ඇති බව සෞදි අරාබියේ ඇරැබ් නිව්ස් පුවත්පත වාර්තා කරයි.
අවසන් වරට දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර නියෝජ්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස කටයුතු කළ ක‍්‍රිෂ්ණමුර්ති මහතා වසර 33කට අධික කාලයක පළපුරුද්දක් ඇති විසි වසරක් ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ දූත මණ්ඩල සේවයේ යෙදී ඇති දක්‍ෂ නිලධාරියෙකි.
2006 සිට 2009 දක්වා බංගලිදේශයේ ද සේවය කළ ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන්ම නෙදර්ලන්තය, චීනය ඇතුළු විවිධ රටවල ශ්‍රී ලංකාව නියෝජනය කෙළේය.