Spread the News

කුවේට් හාම්පුතාට හුනියම් කළාලු

ඇලහැර කෙල්ලකට කුරිරු වද හිංසා

2013 පෙබරවාරි මස 25 18:59:45 | කාංචන කුමාර ආරියදාස

source:

බකමූණ ඇලහැර වෙළන්කටුවෙන් කුවෙට්  කුවෙට් ගිය  කේ.ටී.නාලනී පෙරේරා (23) කුරිරු වධ හිංසා වලට ලක් වී  දෙවසරකට පසු ඇඳි වතින් ගෙදර ආවාය.

හාම්පුතාට හුනියම් කළැයි  ඇයටද පිලිපීන සේවිකාවකටද  පහරදී තිබේ.

2010 -10-10 වැනි දින මසකට රුපියල්  20000 ක වැටුපකට ඇය කුවෙට් පාහිල් ප්‍රදේශයේ  ගෘහ සේවයටගියාය. එම නිවසේ පිලිපින ජාතික කාන්තාවකට  හා මෙම තරුණියට  නිවෙස් හිමියා පහර දි ඇත්තේ හුනියම් කළ බව පවසමිනි.

පිලිපීන කාන්තාවගේ ලේ පැල්ලම්  පමණක් නිවසේ දුටු බවත් ඇය කාන්තාරයට ගොස් දැමු බව ඇය  කියන්නීය.

මෙම තරුණිය  කාමරයකට දමා  පැය ගණනාවක්  පොලු වලින්  ඇගේ ඉනෙන් පහළ ප්‍රදේශවලට හා  පිටට පහර දී ඇත.

පසුව ඇයට වැටුප් නොදි ලංකාවට එවා ඇත.  පසු ගිය 17 වැනි දා ලංකාවට පැමිණි ඇය  දඹුල්ල රෝහලෙන් ප්‍රතිකාර ලැබුවාය.

ඇයගේ මව කේ.ජී.මේරීනෝනා (61) හඩා වැටෙමින්  ඇගේ තුවාල වලට බෙහෙත් තෙල් ගල්වන්නීය.