Spread the News

ප්‍රභාකරන්ගේ බාල පුතාගේ සිරුර හමුවුනේ නෑ

හිටපු හමුදාපති ෆොන්සේකා කියයි

2013 පෙබරවාරි මස 19 22:16:19 | සජිව විජේවීර

source:

තමා හමුදාපති වශයෙන් සිටියදී ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් හමුදාවෙන් ඝාතනය නොකළ බවත් 2009 මැයි 19 වැනිදා පෙරවරු 10.00 යුද්ධය අවසන් වූ බවත් බාලචන්ද්‍රන් මියගිය බව හෝ ඔහුගේ සිරුර හෝ හමුදාවට වාර්තා නොවූ බවත් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අද රාත්‍රී බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවයේ සංදේශයට පැවසීය.

චැනල් ෆෝ රූපවාහිනියෙන් ද බ්‍රිතාන්‍යයේ හා ඉන්දියාවේ පුවත්පත් වල ද අද පළවූ ඡායාරූප තුනක් ගැන සංදේශය ඔහුගෙන් ප්‍රශ්න කළේය. බාලචන්ද්‍රන් සිටින බංකරය හමුදා බංකරයකට සමානයැයි ද එම ඇදුමින්ම ඔහු මැරී සිටින බව තවත් පින්තූරයක් ඇතැයි ද සංදේශය ඔහුගෙන් විමසූ විට ෆොන්සේකා කීවේ එවැන්නක් සිදුනොවූ බව හා ඒ ගැන හමුදාවේ කිසිම වාර්තාවක් නැති බවයි. මේ ගැන පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම්දැයි විමසූ විට ෆොන්සේකා කීවේ හමුදාවේ නොසිටියත් තමා සිටි කාලයේ සිදුවූ ඕනෑම දෙයක් ගැන නීත්‍යානුකූලව හා අපක්ෂපාතව පවත්වන ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට සූදානම් බවයි.