Spread the News

ඉරාන බලධාරීහු ඇමෙරිකා ජනපති ආර්යාවගේ ඇඳුම වෙනස් කරති

source:

බටහිර සිනමාවේ මෞලිමංගල්‍යය ලෙස සැළකෙන 85 වැනි ඔස්කාර් සිනමා සම්මාන උළෙල, පෙරේදා (25) ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ‘ඩොල්බි’ චිත‍්‍රාගාරයේ දී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මෙවර සිනමා උළෙලේ හොඳම චිත‍්‍රපටය ලෙස සම්මානයට පාත‍්‍ර වූයේ බෙන් ඇෆ්ලික් ප‍්‍රධාන චරිත නිරූපණය කරමින්, අධ්‍යක්ෂණය කළ ‘ආගෝ’ චිත‍්‍රපටයයි.
‘ඩොල්බි’ චිත‍්‍රාගාරයේ ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වෙද්දී, හොඳම චිත‍්‍රපටය කුමක්දැයි හෙළි කළේ ඇමෙරිකානු ජනාධිපති ආර්යාව මිෂෙල් ඔබාමා ය. ඇය උළෙලට සම්බන්ධ වූයේ වොෂින්ටන් නුවර ධවල මන්දිරයේ සිට සජීවීව ය.
‘ආගෝ’ චිත‍්‍රපටයට පාදක වන්නේ 1979 වසරේ ඉරානයේ පැවැති ඉස්ලාමීය විප්ලවයට මැදි වී එරට කොටුවුණු ඇමෙරිකානුවන් පිරිසක් බේරා ගන්නා ත‍්‍රාසජනක වික‍්‍රමයයි.
පටිගත කෙරුණු ඔස්කාර් සිනමා සම්මාන උළෙල, ඉරානයේ දී ප‍්‍රදර්ශනය කෙරුණු අතර එම අවස්ථාවේදී ඇමෙරිකා ජනපති ආර්යාව මිෂෙල් ඔබාමාගේ ඇඳුම පරිගණක ආධාරයෙන් වෙනස් කිරීමට ඉරාන බලධාරීහු පියවර ගත්හ. ඒ, ඇගේ කර නිරාවරණය වූ ගවොම ඉස්ලාමීය ආගමික පසුබිමකින් යුත් ඉරානයට නුසුදුසු යැයි පවසමිනි.