Spread the News

ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකානු
යෝජනාව සම්මත වුවත්
ආර්ථික සම්බාධක පැනවීමට බැහැ
source:
කීර්ති වර්ණකුලසූරිය

ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකානු යෝජනාව සම්මත වූවත් ආර්ථික සම්බාධක පැනවීමට මානව හිමිකම් සමුළුවට නොහැකි බව ජිනීවා ආරංචි මාර්ග ඊයේ (4 දා) පැවැසීය.

ආර්ථික සම්බාධක පැනවිය හැක්‌කේ එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලයට පමණක්‌ බවද එම ආරංචි මාර්ග කීවේය.

යම් ලෙසකින් එවන් යෝජනාවක්‌ ආරක්‌ෂක මණ්‌ඩලයට යොමු වුවොත් රුසියාව හා චීනය නිෂේධ බලය යොදවන බවට ශ්‍රී ලංකාවට පොරොන්දු වී ඇත.

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ආර්ථික සම්බාධක පනවන බවට ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රචාරය සම්බන්ධව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ එවන් ඉල්ලීමක්‌ කොටි ඩයස්‌ පෝරාව විසින් මානව හිමිකම් සමුළුවට යොමු කර ඇති බවයි.

මේ අතර ජිනීවා හි සිටින ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායම විදේශ දූත මණ්‌ඩල ප්‍රධානීන් හමුවී ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක්‌ පවත්වන්නැයි ඉල්ලා ඇත.

ද්‍රවිඩ සංධාන මන්ත්‍රී සුමන්තිරන්ද චැනල් ෆො රූපවාහිනියේ ශ්‍රී ලංකාවට එරෙහිව නෝ පයර් සෝන් චිත්‍රපටය තිරගත කිරීමේ අවස්‌ථාවට එක්‌ව තිබේ.