Spread the News

උගත් පාඩම් ක්‍රියාත්මක කළ හැටි ඇමැති මහින්ද ජිනීවාහිදී කියයි
source:
ලසිත දුමින්ද

ජනාධිපති විශේෂ නියෝජිත මහින්ද සමරසිංහ මහතා හෙට (15 වැනිදා) ජීනීවා නුවර එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධයෙන් එහි නිලධාරීන් දැනුවත් කරනු ඇත.

ඒ අනුව 2012 නොවැම්බර් මාසයේ සිට උතුර නැගෙනහිර ප්‍රදේශවල සිදුකළ තිබෙන ප්‍රගතිය පිළිබඳව ඇමැතිවරයා විසින් සමුළුවට සහභාගි වී සිටින රටවල්වල නියෝජිතයන් දැනුවත් කිරීමටත්, එම ප්‍රගති වාර්තාව නියෝජිතයන්ට ලබාදීමටත් නියමිතය.

එසේම ඇමැතිවරයා ලබන 20 වැනිදා ඇමරිකාව විසින් ඉදිරිපත් කරන යෝජනාව සම්බන්ධයෙන් සමුළුව දැනුවත් කිරීමටත්, 21 වැනිදා එම යෝජනාව සම්බන්ධයෙන් පිළිතුරු දීමටත් නියමිතය.

හෙට (15 දා) සමුළුව ඇමතීම සඳහා ඇමැති මහින්ද සමරසිංහ මහතා ජීනිවා නුවර බලා ඊයේ (13දා) අලුයම පිටත්ව ගියේය.